2025 Champions League පාපන්දු තරගාවලියේ තෙවැනි සතියේ තරග අද (29) නිමාවට පත් වුනා.
ලීගයේ 09 සහ 10 දිනවලට අදාළ ව තරග හතරක් ඊයේ (28) සහ අද දිනවල දී ක්‍රියාත්මක වූ අතර, එම තරග සියල්ලේ තොරතුරු පහතින් දැක්වෙනවා.
Solid SC සහ Super Sun SC
මෙම තරගයේ පළමු අර්ධය තුළ දෙපිළෙන් ම එකදු ගෝලයක් හෝ වාර්තා නොවූ අතර, තරගයේ දෙවැනි අර්ධය තුළ තරගයේ වාර්තා වූ එකම ගෝලය වාර්තා කිරීමට Solid කණ්ඩායම සමත් වුනේ තරගයේ ජය තහවුරු කර ගනිමිනුයි.
- Solid SC 1 – Super Sun SC 0
New Star SC සහ Serendib SC
මෙම තරගයේ පළමු අර්ධය තුළ ද දෙපිළෙන් ම එකදු ගෝලයක් හෝ වාර්තා වුනේ නැහැ. කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය ආරම්භ වීමත් සමඟම කණ්ඩායම් දෙකම පෙරටත් වඩා සිය ග්‍රහණය දැඩි කරමින් තරගයට අවතීර්ණ වූ අතර, එහි දී New Star ක්‍රීඩකයින් ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට සමත් වූ අතර, Serendib ක්‍රීඩකයින් විසින් වාර්තා කිරීමට සමත් වුනේ එක් ගෝලයක් පමණයි.
මේ අනුව තරගයේ ජය New Star ක්‍රීඩකයින්ට හිමි වුනා.
- New Star 2 –Serendib SC 1
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
Moragasmulla SC සහ Police SC
මෙවර තරග වාරයේ ක්‍රියාත්මක වූ තවත් තියුණු සටනකින් අනතුරුව තරගයේ ජය තහවුරු කර ගැනීමට මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය සමත් වුනා.
තරගයේ පළමු අර්ධය තුළ දෙපිළම ගෝල වාර්තා කිරීමට සමත් නොවූ නමුත්, දෙවැනි අර්ධයේ දී මොරගස්මුල්ල ක්‍රීඩකයින් තරගයේ වාර්තා වූ පළමු සහ එකම ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.
- Moragasmulla SC 1 – Police SC 0
Saunders SC සහ SLTB SC
මෙම තරගය ඉතා පහසුවෙන් ජය ගැනීමට Saunders කණ්ඩායම සමත් වුනා. තරගයේ පළමු අර්ධය තුළ Saunders ක්‍රීඩකයින් විසින් එක් ගෝලයක් ලබා ගැනීමට සමත් වූ අතර, තරගයේ දෙවැනි අර්ධයේ දී ඔවුන් තවත් ගෝල හතරක් වාර්තා කරමින් තරගයෙන් නියත ජයක් තහවුරු කර ගත්තා. එමෙන්ම මෙම කාලසීමාව තුළ SLTB ක්‍රීඩකයින් එකදු ගෝලයක් හෝ වාර්තා කිරීමට සමත් වුනේ නැහැ.
- Saunders SC 5 – SLTB SC 0
දිනෙන් දින උණුසුම් වන පාපන්දු පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.





















