පසුගිය මාසයේ දී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත වර්ෂා ආපදා තත්වය නිසා කලකට පසුව ආරම්භ වුන 2025 Champions League පාපන්දු තරගාවලිය පළමු සතිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව, දෙවැනි සතිය ක්‍රියාත්මක වෙමින් තිබිය දී තාවකාලිකව නතර කිරීමට සිදු වුනා.
මසකට ආසන්න කාලයක විරාමයකින් අනතුරුව තරගාවලිය ඊයේ (19) දිනයෙන් නැවත ආරම්භ වූ අතර, ඒ අනුව නැවතත් සුපුරුදු කාල සටහන අනුව සෑම සතියකම සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවල දී ලීගයේ තරග ක්‍රියාත්මක වීමට නියමිතයි.
ඒ අනුව ඊයේ දිනයේ දී ලීගයට අදාළ තරග ද්විත්වයක් ක්‍රියාත්මක වුනා.
SL Police සහ Matara City
මෙම තරගයෙන් පහසු ජයක් ලබා ගැනීමට පොලිස් කණ්ඩායම සමත් වූ අතර, තරගයේ පළමු අර්ධය තුළ පොලිස් ක්‍රීඩකයින් ගෝල දෙකක් වාර්තා කිරීමට සමත් වුනා.
තරගයේ දෙවැනි අර්ධය ද සම්පූර්ණයෙන් ම පොලිසිය නතු වූ අතර, මෙහි දී ඔවුන් තවත් ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වුනා.
SL Police SC 5 – Matara City 0
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
SLTB SC සහ New Star SC
මෙම තරගයේ පළමු අර්ධය තුළ New Star කණ්ඩායම ගෝල හතරක් වාර්තා කරමින් සිය ජය තහවුරු කර ගැනීමට සමත් වූ අතර, එම කාල සීමාව තුළ SLTB ක්‍රීඩකයින් එකදු ගෝලයක් හෝ වාර්තා කිරීමට සමත් වුනේ නැහැ.
තරගයේ දෙවැනි අර්ධය ද පෙර අයුරින් ම ක්‍රියාත්මක වූ අතර, මෙහි දී තවත් ගෝල හතරක් වාර්තා කිරීමට New Star ක්‍රීඩකයින් විසින් සමත් වුනේ සිය සමස්ත ගෝල සංඛ්‍යාව 8ක් කරා රැගෙන යමිනුයි.
- New Star SC 8 – SLTB SC 0
දිනෙන් දින උණුසුම් වන පාපන්දු පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න<<





















