2025/26 Champions League පාපන්දු තරගාවලියේ හය වැනි සතියේ තරග ඊයේ (17) ආරම්භ වුනා.
ඊයේ දිනයේ දී තරග ද්විත්වයක් ක්‍රියාත්මක වූ අතර, මෙහි දී Negambo Youth කණ්ඩායම ජයග්‍රහණයක් වාර්තා කිරීමට ද සමත් වුනා.
SLTB SC සහ Negambo Youth SC
මෙම තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකම එක් ගෝලය බැගින් වාර්තා කිරීමට සමත් වූ අතර, SLTB කණ්ඩායම වාර්තා කළ ගෝලය මෙතෙක් ලීගය තුළ ඔවුන් වාර්තා කළ පළමු ගෝලය ලෙස වාර්තා වීමත් විශේෂත්වයක්.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී Negambo Youth ක්‍රීඩකයින් තවත් ගෝල ද්විත්වයක් වාර්තා කරමින් තරගයේ ජය තමන් සතු කර ගැනීමට සමත් වුනා.
Negambo Youth SC 3 – SLTB SC 1
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
Pelicans SC සහ Super Sun SC
ඊයේ දිනයේ දෙවැනි තරගය ලෙස පැවැත්වුණු මෙම තරගයේ දී කණ්ඩායම් දෙකම කරට කර සටනකට අවතීර්ණ වෙමින් ක්‍රීඩාවේ යෙදුණා. මේ හේතුවෙන් තරගයේ පළමු අර්ධය එකදු ගෝලයක් හෝ වාර්තා නොවී අවසන් වූ අතර, දෙවැනි අර්ධය ද ඒ අයුරින් ම ක්‍රියාත්මක වුනේ තරගය ජය පැරදුමෙන් තොරව නිමාව දකිමිනුයි.
මෙම සති අන්තය සඳහා ලීගයේ දෙවැනි තරග දිනය අද ක්‍රියාත්මක වනු ඇති.
දේශීය පාපන්දු ලීගයේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>





















