UEFA ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ සුපිරි 16 වටයේ තවත් තරග දෙකක් ඊයේ (19) පැවැත්වුණා.
Tottenham Hotspur හා RB Leipzig
Timo Wernerගේ දඬුවම් පහරින් Spurs කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පරාජය කරන්නට RB Leipzig කණ්ඩායම සමත් වුනා. Spurs කණ්ඩායම මෙම තරගයේ සත්කාරකයින් ලෙස කටයුතු කළා.
Liverpool හා PSG පළමු දිනයේ දී පසුබසියි
ශූරයින්ගේ ලීග් තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ තරග ඊයේ ……
Konrad Laimer හට Ben Davies සිදු කළ අනවශ්‍ය බාධා කිරීමකින් ලැබුණු දඬුවම් පහරක් 58 වැනි මිනිත්තුවේ දී Timo Werner සාර්ථක කර ගත්තේ තරගයේ එකම ගෝලය වාර්තා කරමින්. Leipzig කණ්ඩායම තරගයේ පුරාවට වටිනා අවස්ථා රැසක්ම අපතේ යැවූ අතර ඒවාත් සාර්ථක වූවානම් තරගයේ ලකුණු පුවරුව සෑහෙන තරමින් වෙනස් වීමට ඉඩ තිබුණා.

අවසන් ලකුණු තත්වය: Tottenham Hotspur 00 – 01 RB Leipzig
ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ
- RB Leipzig – Timo Werner 58′
Atalanta හා Valencia

පළමු අර්ධයේ දී Atalanta කණ්ඩායම ගෝල ද්විත්වයක් වාර්තා කරන්නට සමත් වුණු අතර Valencia කණ්ඩායමට ලැබුණු අනගි අවස්ථාවක් ගෝල රාමුවේ වැදී ඉවත ගියා. Hans Hateboer හා Josip Ilicic පළමු අර්ධයේ ගෝල වාර්තා කරන්නට සමත් වුනේ සිය කණ්ඩායමට දැවැන්ත වාසියක් ගෙනෙමින්.
Remo Freulerගේ අලංකාර කවාකාර ප්‍රහාරයෙන් හා Hateboerගේ දෙවන ගෝලයෙන් තරගය සම්පූර්ණයෙන් Atalanta සතුව නිමා වීමට ඉඩ තිබුනත් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසුණු Denis Cheryshev සංචාරක කණ්ඩායම වෙනුවෙන් එක් ගෝලයක් වාර්තා කළේ ඔවුන්ගේ ගෞරවය බේරා ගනිමින්.
අවසන් ලකුණු තත්වය: Atalanta 04 – 01 Valencia
ගෝල රැස් කළ ක්‍රීඩකයෝ
- Atalanta – Hans Hateboer (16′, 62′) Josip Ilicic (42′) Remo Freuler (57′)
- Valencia – Denis Cheryshev (66′)
>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<




















