මධ්‍යම පළාත් කායවර්ධන ශූරතාවලිය සති අන්තයේ

267
Central province body-building

මධ්‍යම පළාත් කායවර්ධන ශූරතාවලිය, ජුනි තුන් වෙනි සෙනසුරාදා (හෙට) පැවැත්වෙන අතර එය එදින පස්වරු හතරට ඊ. එල්. සේනානායක ළමා පුස්තකාල ප්‍රධාන ශාලාවේ දී පැවැත්වීමට නියමිතයි. මධ්‍යම පළාත් ක්‍රීඩා අමාත්‍ය තිලිණ තෙන්නකොන් මහාතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වේ.

මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩකයින් දෙසීයකට ආසන්න පිරිසක් සහභාගි වීමට නියමිත අතර 2015 වර්ෂයේ ජාතික කායවර්ධන තරගාවලිය සඳහා සහභාගි වෙමින් මධ්‍යම පළාතට ජාතික කායවර්ධන ශූරතාවය දිනා දුන් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ද මේ සඳහා සහභාගී වන බව වාර්තාවේ.

බර පන්ති කිහිපයක් යටතේ මෙම තරගාවලිය ක්‍රියාත්මක වන අතර මෙම තරගාවලියෙන් ජය ගන්නා ක්‍රීඩකයින් ජාතික කායවර්ධන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගනියි.

තරගාවලිය මධ්‍යම  පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරයි.

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට