ඇමරිකාවේ Nitish ගේ ශතකය අපතේ යයි

ICC U 19 Cricket World Cup 2026

3
World Cup 2026 - 18th January

එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය වාර්තා කරන ලද පහසු ජයග්‍රහණත් සමඟින් 16 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලියේ සිව් වැනි දිනය (18) අවසන් වෙනවා. ඔවුන් හමුවේ සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ පරාජයට පත් වෙන අතර මේ අතර පැවැති ඇමරිකාව සහ නවසීලන්තය අතර තරගය විසඳුමකින් තොරව අවසන් වුණා.

>>ඉන්දියාව පෙරටු කරගෙන එන B කාණ්ඩය<<

9 වැනි තරගය, Group B, ඇමරිකාව සහ නවසීලන්තය අතර

Bulawayo හී Queens ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටිය පිවිසි ඇමරිකා ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 253ක් ලබා ගත්තා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Nitish Sudini. ඔහු පන්දු 133කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 117ක් ලබා ගත්තා. ඔහු Adit Kappa සමඟ 7 වැනි කඩුල්ලට ලකුණු 103ක සබඳතාවක් ද ගොඩ නගනවා.

එහි දී Adit Kappa පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Flynn Morey ලකුණු 40කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Mason Clarke කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ එක් පන්දුවාරයක් පමණයි. වර්ෂාව හේතුවෙන් තරගය එම අවස්ථාවේ නතර කරන අතර නැවත තරගය ආරම්භ කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වෙද්දී ඔවුන් කිසිවෙක් නොදැවී ලකුණු 12ක් ලබා සිටියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඇමරිකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 9ක් දැවී 253 (50.0) Shiv Shani 33, Nitish Sudini නොදැවී 117, Adit Kappa 40, Mason Clarke 3/55, Flynn Morey 4/40
  • නවසීලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කිසිවෙක් නොදැවී 12 (1.0)

තරගයේ විසඳුමක් නෑ.

10 වැනි තරගය, Group C, සිම්බාබ්වේ සහ එංගලන්තය අතර

Harare හී Takashinga ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත නායකායගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 208ක් ලබා ගත් අතර ඊට පිළිතුරතු ඉනිමට පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩකයෝ පන්දුවාර 28.0කින් එම ඉලක්කය සපුරා ගන්නවා. ඒ තවත් කඩුලු 8ක් ද ඉතිරි කර ගනිමිනුයි.

තරගයේ සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක Simbarashe Mudzengerere. ඔහු පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තා. කඩුලු දවා ගැනීමේ දී Manny Lumsden ලකුණු 38කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව Farhan Ahmed සහ Ralphie Albert කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 42ක් වෙද්දී දැවී ගිය ද ඊළඟ කඩුල්ලේ දී පන්දු  128ක දී නොදැවුණ ලකුණු 167ක සබඳතාවක් එක් කරමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමට නායක Thomas Rew සහ Ben Mayes සමත් වෙනවා.

එහි දී Thomas Rew පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 86ක් ද සහ Ben Mayes පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 77ක් ලබා ගන්නවා.

ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වයේ හිමිකාරීත්වය Shelton Mazvitorera සතු වෙනවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • සිම්බාබ්වේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම කඩුලු 9ක් දැවී 208 (50.0) Kian Blignaut 33, Dhruv Patel 36, Tatenda Chimugoro 30, Simbarashe Mudzengerere 45, Manny Lumsden 3/38, Ralphie Albert 2/49, Farhan Ahmed 2/33
  • එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 2ක් දැවී 209 (28.0) Ben Mayes නොදැවී 77, Thomas Rew නොදැවී 86, Shelton Mazvitorera 2/54

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

තරගයේ වීරයා – Thomas Rew (එංගලන්තය)

11 වැනි තරගය, Group D, ඇෆ්ගනිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර

Windhoek හී High Performance Oval ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 262ක් ලබා ගත්තා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Osman Sadat. ඔහු පන්දු 131කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 88ක් ලබා ගත්තා. ඊට අමතර ව නායක Mahboob Khan පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟන් ලකුණු 86ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී Jakeem Pollard සහ Vitel Lawes කඩුලු 3 බැගින් දවා ගන්නවා.

පිළිතුර ඉනිමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ ඉනිම ලකුණු 124කට සීමා කිරීමට ප්‍රතිවාදීන් සමත් වෙනවා. එහි දී Nooristani Omarzai ලකුණු 16කට කඩුලු 4ක් ද, Khatir Stanikzai ලකුණු 20කට කඩුලු 3ක් ද සහ Wahidullah Zadran ලකුණු 36කට කඩුලු 3ක් ද දවා ගන්නවා.

බටහිර ඉන්දීය කොදෙව් පරාජිත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Jewel Andrew. ඔහු පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 57ක් ලබා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම කඩුලු 6ක් දැවී 262 (50.0) Khalid Ahmadzai 34, Osman Sadat 88, Mahboob Khan 86, Azizullah Miakhil 21, Jakeem Pollard 3/39, Vitel Lawes 3/48
  • බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 124 (33.2) Jewel Andrew 57, Wahidullah Zadran 3/26, Nooristani Omarzai 4/16, Khatir Stanikzai 3/20

ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 138ක ජයක්.

තරගයේ වීරයා – Mahboob Khan (ඇෆ්ගනිස්තානය)

2026 වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<