ශ්‍රී ලංකාවේ මෝටර් රථ සහ ධාවන පැදි තරග අතර ප්‍රමුඛ ස්ථානයක් හිමිවන “කැවල්රි සුපර් ක්‍රොස්” තරගාවලිය එළඹෙන ජූලි මාසයේ දී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා යුධ හමුදා සන්නාහ සන්නද්ධ බලකාය සහ ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සහ ධාවකයන්ගේ සංගමය එකාබද්ධව පවත්වන මෙය ජූලි 07 වැනිදා පාන්ගොල්ල ධාවන පථයේ දී පැවැත්වේ.
මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගිය සිකුරාදා (02) මෝදර රොක් හවුස් යුධ හමුදා කඳවුරේ දී පැවැත්වුණේ යුධ හමුදා උසස් නිලධාරීන්, සංවිධායකයන්, අනුග්‍රාහකයන්, ධාවකයන් සහ මාධ්‍ය හිතවතුන්ගේ සහභාගීත්වයෙනි.

කැවල්රි සුපර් ක්‍රොස් ධාවන තරගාවලිය, 2010 වසරේ දී ආරම්භ කොට ඇත්තේ බ්‍රිගේඩියර් ඉඳුනිල් රණසිංහ මැතිතුමාගේ අදහසකට අනුවය. යුද්ධයෙන් මියගිය සහ ආබාධවලට ලක්වූ රණවිරුවන්ගේ පවුල්වල සුභසාධනය අරමුණු කොට පැවැත්වෙන ධාවන තරගාවලියේ ආදායමෙන් යුධ හමුදා කඳවුරු වැඩිදියුණු කිරීම ද සිදු කෙරේ.

තම පිළිගැනීමේ කතාව අතරතුර එතුමන් පැවසුවේය.
තරගාවලියට දෙස් විදෙස් තරගකරුවන් රාශියක් සම්බන්ධ වන බව ද මෙහි දී සඳහන් විය. එමෙන්ම ධාවන පථයේ ප්‍රමිතිය පිළිබඳ හොඳම සාක්‍ෂියක් ලෙස යොදා ගත හැකි අදහස්, ජාත්‍යන්තර ධාවකයන් දෙදෙනෙකුගෙන්ම ලැබී තිබේ. ඔවුන් දෙදෙනා නම් ජපන් ජාතික එෆ්. උටහාරා සහ හිටපු බ්‍රිතාන්‍ය ධාවන ශූර මාක් හින්ගිස් ය. ඒ විශේෂඥ දැනුම සමඟින් මෙරට තුළ පවතින ප්‍රමිතියෙන් යුතු ධාවන පථයක් නිර්මාණය කිරීමට සංවිධායකයන් සමත් වී තිබේ.
ශ්‍රී ලංකා මෝටර් වාහන ධාවකයන්ගේ සහ ධාවන පැදිකරුවන්ගේ සංගමයේ සභාපති නිශාන් වාසලතන්ත්‍රී මහතා ද මෙහි දී අදහස් දැක්වූ අතර ඔහු විසින් විශේෂ හෙළිදරව්වක් ද සිදු කරන ලදි.

SLARDAR TV නමැති ඔවුන්ගේ නිල රූපවාහිනිය තුළින් සෑම ප්‍රේක්ෂකයෙකුටම ඕනෑම ස්ථානයක සිට සජීවී තරග අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාව සපයා දී ඇත. මෙය ශ්‍රී ලංකා ධාවන ක්ෂේත්‍රයේ නව පිම්මකි.
ප්‍රධාන අමුත්තා ලෙසින් මෙම අවස්ථාවට සහභාගී වූ මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මැතිතුමා ද තරගාවලියට සුබ පතමින් යුධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ උත්සාහය අගය කළේය.
පසුගිය වසරේ මෝටර් රථ අංශයේ ශූරයා වූ උෂාන් පෙරේරා සහ ධාවන පැදි ශූරයා වූ ඉශාන් දසනායක ද මේ අවස්ථාවට සහභාගී විය.
ජූලි 07 වැනිදා කුරුණෑගල පාන්ගොල්ලේ දී පැවැත්වෙන තරගාවලිය අත්දකින්නට ඔබටත් ආරාධනා කරමින් ThePapare.com අප මෙහි පුවත් වාර්තාකරණයට එක්වන බව ද ඔබට සතුටින් දැනුම් දෙන්නෙමු.
තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට





















