ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ ද අනුග්‍රහය ඇතිව සංවිධානය කරන CAVA වයස අවුරුදු 19න් පහළ කාන්තා වොලිබෝල් ශූරතාවලියේ අද (6) නිමා වූ ශ්‍රී ලංකාව සහ කිරිගිස්තානය අතර තරගයෙන් තරග වට 3-0ක් ලෙසින් ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වෙතින් පරාජය වෙන්නේ පෙර වසරේ රන් පදක්කම්ලාභීනුයි. මෙම තරගයේ පළමුවෙන් පන්දුව යොමු කිරීමේ අවස්ථාව කිරිගිස්තානය සතු වූ අතර ප්‍රථම ලකුණ ශ්‍රී ලංකාව සතු කර ගත්තා.
එලෙසින් ඇරඹි පළමු වටයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 13-10ක් ලෙසින් ඉදිරියෙන් සිටිය දී ඔවුන් විසින් ම පළමු විවේක කාලය ලබා ගන්නවා.
අනතුරු ව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තව දුරටත් ලකුණු 19-15ක් ලෙසින් ඉදිරියෙන් පසු වෙද්දී කිරිගිස්තාන ක්‍රීඩිකාවෝ ද තම පළමු විවේක කාලය ලබා ගන්නවා. එම විවේකයෙන් අනතුරු ව ද ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු වටය ලකුණු 25-19ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා.
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නේපාලයට පරාජය වෙයි
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු තරගය පහසුවෙන් ම ජය ගනී
- 19න් පහළ CAVA කාන්තා වොලිබෝල් තරග කොළඹ දී
ඉන් අනතුරු ව පැවැති 2 වැනි වටයේ පළමු ලකුණු කිහිපයේ දී ඉදිරියෙන් සිටීමට ප්‍රතිවාදී කිරිගිස්තාන ක්‍රීඩිකාවෝ සමත් වූවා. ඔවුන් එම තත්ත්වය ඉදිරියටත් ගෙන එද්දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තම පළමු විවේක කාලය ලබා ගන්නවා. ඒ වෙද්දී කිරිගිස්තාන ක්‍රීඩිකාවෝ ලකුණු 8-4ක් ලෙසින් ඉදිරියෙන් පසු වූවා.
එම විවේක කාලයෙන් අනතුරුව ද තරගයේ වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගනිමින් ඉදිරියෙන් සිටීමට කිරිගිස්තානය සමත් වෙනවා. ඔවුන් වරෙක ලකුණු පුවරුව 13-8ක් බවට ද පත් කරනවා. නමුත් ඉන් අනතුරු ව පිට පිට ලකුණු 3ක් ලබා ගනිමින් තරගය 13-11ක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
එලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉදිරියට පැමිණීමට උත්සාහ කරද්දී කිරිගිස්තාන ක්‍රීඩිකාවෝ ද එම අවස්ථාවේ දී තම පළමු විවේක කාලය ලබා ගනිමින් එම ගමනට බාධා කරනවා.
ඒ කෙසේ වෙතත් 17 වැනි ලකුණේ දී තරගයේ ලකුණු පුවරුව සම තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. එතැන් සිට තරගය තවත් තියුණු තත්ත්වයකට පත් වුණා. ඉන් අනතුරු ව ලකුණු තත්ත්වය 20-18ක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉදිරියෙන් පසු වෙද්දී කිරිගිස්තාන ක්‍රීඩිකාවෝ තම 2 වැනි විවේක කාලය ලබා ගන්නවා. එම විවේකයෙන් අනතුරු ව වැඩි දක්ෂතා පෑ කිරිගිස්තාන ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාවට වඩා ලකුණක් අඩුවෙන් සිටිමින් ලකුණු තත්ත්වය 22-21ක් බවට පත් කළා.
එම අවස්ථාවේ තම 2 වැනි විවේක කාලය ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඔවුන්ගේ ගමනට බාධා කළා. අනතුරු ව ලකුණු පුවරුව ආක්‍රමණය කරමින් ඉදිරියට ගිය කිරිගිස්තාන ක්‍රීඩිකාවෝ ලකුණු තත්ත්වය 24-22ක් බවට පත් කරමින් පළමුවෙන් ම තරගයේ තීරණාත්මක පන්දුව යොමු කිරීමට අවස්ථාව උදා කර ගන්නවා.
නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලෙහෙසියෙන් තරගයෙන් ඉවත් කිරීමට ඔවුන්ට හැකි වෙන්නේ නැහැ. එතැන් සිට පන්දුව වැඩි කාලයක් උඩු ගුවනේ ම තබා ගනිමින් ක්‍රීඩා කිරීමට දෙරට ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. එලෙසින් පැවැති තරගයේ ලකුණු තත්ත්වය 27-25ක් බවට පත් කරමින් තරගයේ 2 වැනි වටය ද ජයග්‍රහණය කරමින් තරගයේ තරග වට 2-0ක් ලෙසින් ඉදිරියට යෑමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
- ශ්‍රී ලංකාව මධ්‍යම ආසියාවේ තෙවැනියා වෙයි
- නේපාලය පරාජය කළ ශ්‍රී ලංකාව ඉදිරියට යයි
- ශ්‍රී ලංකාව 3-0කින් මාලදිවයින පරාජය කරයි
තරගයේ තෙවැනි වටයේ දී ද පෙර පරිදි ම සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට කිරිගිස්තාන ක්‍රීඩිකාවෝ සමත් වෙන අතර ලකුණු තත්ත්වය 13-9ක් බවට පත් වෙමින් කිරිගිස්තාන ඉදිරියෙන් පසු වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් තම පළමු විවේක කාලය ලබා ගන්නවා.
අනතුරු ව ලකුණු 18ක් වෙද්දීත් කිරිගිස්තාන ක්‍රීඩිකාවෝ ඉදිරියෙන් පසු වූ අතර එම අවස්ථාවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තම 2 වැනි කෙටි විවේක කාලය ද ලබා ගන්නවා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලබා සිටියේ ලකුණු 13ක් පමණයි.
එම විවේකයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගයේ ආදිපත්‍ය තමන් වෙත නතු කර ගනිමින් ලකුණු 19-18ක් ලෙසින් ප්‍රතිවාදීන් අසලට පැමිණෙද්දී කිරිගිස්තාන ක්‍රීඩිකාවෝ විසින් තම පළමු විවේක කාලය ලබා ගන්නවා. ඉන් අනතුරු ව ලකුණු 21ක් වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගයේ ඉදිරියට පැමිණිමට සමත් වෙන අතර ඒ වෙද්දී කිරිගිස්තාන ක්‍රීඩිකාවෝ ලබා සිටියේ ලකුණ 20ක් පමණයි.
එලෙසින් පැවැති තරගයේ අවසන් පන්දුව පිරිනැමීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිදු කරන ලද අතර ඒ අනුව තරගය නිමා වෙන්නේ ලකුණු 25-22ක් ලෙසින් ශ්‍රී ලංකාව ජය ගනිමිනුයි.
හෙට (07) තරගයේ විවේක කාලය වන අතර නැවත තරගය ආරම්භ වන නොවැම්බර් 8 වැනිදා පැවැත්වෙන්නේ තරගාවලියේ 1 වැනි සහ 2 වැනි අවසන් පූර්ව වටයේ තරගයයි.
මෙම තරගාවලියේ උණුසුම ThePapare.com, ThePapare 2 (Dialog TV චැනල් 63) සහ Dialog ViU app මඟින් ඒ ලෙසින් ම දැක බලා ගැනීමට ThePapare.com ඔබ වෙත පහසුකම් සලසා තිබෙනවා.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.






















