මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමය සංවිධානය කරන CAVA Nations කුසලාන වොලිබෝල් ලීග් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ මාලදිවයින කණ්ඩායම අතර අද (26) බංග්ලාදේශයේ Dhaka හි දී පැවැති තරගයෙන් තරග වට 3-0ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුණා.
තරගයේ පළමු වටයේ පළමුවෙන් පන්දු යොමු කිරීමේ අවස්ථාව උදාවෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙතයි. ලද පළමු අවස්ථාවෙන් ම සාර්ථක ආරම්භයක් ලබා ගන්නා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආරක්ෂාකාරී සහ සාර්ථක ප්‍රහාරයන් කිහිපයක් මඟින් ලකුණු ලබා ගනිමින් ප්‍රතිවාදීන්ට වඩා ඉදිරියෙන් සිටිනවා.
එලෙසින් පැවැති තරග වටයේ ලකුණු 9-5ක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉදිරියෙන් සිටිය දී පළමු විවේකයට මුහුණ දීමට ඔවුන්ට සිදුවෙනවා. එම විවේකයෙන් පසුව ප්‍රතිවාදී මාලදිවයින් ක්‍රීඩකයෝ ද තරමක් යහපත් තත්ත්වයකින් තරගයට පිවිසීම කැපී පෙණුනා. ඔවුන් වරෙක පිට පිට ලකුණු 5ක් ලබා ගනිමින් ලකුණු පුවරුව 16-17ක් ලෙසින් ද පවත්වාගෙන ගියා.
ඉන් අනතුරු ව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පිට පිට ලකුණු 3ක් ලබා ගනිමින් තරගය ලකුණු 20-16ක් ලෙසට පත් කරගත් අතර ඒ සමඟින් නැවත මාලදිවයින ක්‍රීඩකයෝ කෙටි විවේකයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ රිද්මය අඩාල කිරීමට උත්සාහ කළා. එහෙත් එතැන් සිට පැවැති තරගය අවසන් වෙන්නේ 25-21ක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ජයග්‍රහණය හිමි වෙමින්.
ලද පරාජයත් සමඟින් තරගයේ 2 වැනි වටයේ දී පළමු ලකුණු 5 දී පෙරමුණ ගැනීමට මාලදිවයින ක්‍රීඩකයෝ සමත් වෙනවා. අනතුරු ව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම ලකුණේ දී ම ලකුණු පුවරුව සම තත්ත්වයට ගෙන ආ අතර එතැන් සිට නැවත තරගයේ පාලනය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සතු කර ගත්තා.
එසේ වෙද්දී මාලදිවයින් කණ්ඩායම විසින් පළමු විවේකය, ශ්‍රී ලංකාව ලකුණු 8-5ක් ලෙසින් ඉදිරියෙන් සිටිය දී ලබා ගන්නවා. ඒ මඟින් ශ්‍රී ලංකා කණ්ඩායමේ රිද්මය වෙනතකට යොමු කළ මාලදිවයින ක්‍රීඩකයෝ පිට පිට ලකුණු ත්‍රිත්වයක් ලබා ගනිමින් තරගය සම තත්ත්වයට ගෙන එනවා. එසේ ගිය තරගයේ ලකුණු 15-13ක් ලෙසින් මාලදිවයින කණ්ඩායම ඉදිරියෙන් සිටිය දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් ද විවේකය ලබා ගන්නවා.
- ශ්‍රී ලංකා යෞවනයින් ආසියාවේ වැජඹෙයි!
- ශ්‍රී ලංකාව ටර්මකිස්තානයට පරාජය වෙයි
- ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය පරාජය කරයි
- CAVA වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාවත් සහභාගී වේ
-
ශ්‍රී ලංකාව තියුණු තරගයකින් අනතුරු ව බංග්ලාදේශයටත් පරාජය වෙයි
ඉන් අනතුරු ව ද ලකුණු පුවරුව ක්‍රියාත්මක වූයේ මාලදිවයින කණ්ඩායමේ දක්ෂතා මත පමණක් වීම හේතුවෙන් ලකුණු 17-13ක් ලෙසින් මාලදිවයින කණ්ඩායම ඉදිරියෙන් සිටිනවා. ඒ අවස්ථාවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නැවත විවේක කාලයක් ලබා ගන්නවා.
ඉන් අනතුරු ව මාලදිවයින ක්‍රීඩකයෝ ලකුණු පුවරුව 19-18ක් ලෙසින් සැකසෙද්දී පළමු විවේකය ලබා ගන්නවා. එම විවේකයෙන් අනතුරු ව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු තත්ත්වය 19-19ක් ලෙසින් සම තත්ත්වයට ගෙන ආ අතර දෙරට ක්‍රීඩකයෝ ලකුණු 25-25ක් දක්වා ම එකක් ඇර එකක් ලකුණු ලබා ගනිමින් ලකුණු පුවරුව සක්‍රීය කළා. එලෙසින් පැවැති තරගය අවසන් වෙන්නේ ලකුණු 27-25ක් ලෙසින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමි වෙමින්.
එම වටයෙන් පසුව පැවැති 3 වැනි වටයට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට මාලදිවයින කණ්ඩායම සමත් වුණා. ඔවුන් ලකුණු 8ක් දක්වා ම ප්‍රතිවාදී ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිටියා. නමුත් එතැන් සිට ලකුණු පුවරුව දෙපිල අතර සම සම ව ක්‍රියාත්මක වෙමින් සහ ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිමින් ක්‍රියාත්මක වූවා.
වරෙක ලකුණු පුවරුව 21-16ක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉදිරියෙන් පසුවෙද්දී මාලදිවයින් ක්‍රීඩකයන් විසින් විවේකයක් ලබා ගන්නවා. නමුත් එතැන් සිට ද ඉදිරියෙන් සිටිමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූ අතර ඔවුන් එම තරග වටය අවසන් කරන්නේ 25-18ක් ලෙසින් ජයග්‍රහණය කරමිනුයි.
ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය ඔක්තෝබර් 27 වැනිදා පෙරවරු 11.00ට මාලදිවයින සමඟ පැවැත්වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.





















