තුන් කොන් ක්‍රිකට් ගැටුමට ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කරයි

Women's Tri Nation ODI Series in Sri Lanka 2025

32
Sri lanka squad

ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව සහභාගී වන තුන් කොන් එක්දින කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි චමරි අතපත්තු හට හිමි වී ඇති අතර, ඇයගේ සහයට තවත් ක්‍රීඩිකාවන් 16 දෙනෙකු සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය:

චමරි අතපත්තු (නායිකා), විශ්මි ගුණරත්න, හර්ශිතා සමරවික්‍රම, නිලක්ශි සිල්වා, කවීශා දිල්හාරි, අනුශ්කා සංජීවනී, හසිනි පෙරේරා, පියුමි වත්සලා, මනුදි නානායක්කාර, දෙව්මි විහඟා, ඉනෝකා රණවීර, ඉනෝශි ප්‍රනාන්දු, හන්සිමා කරුණාරත්න, රශ්මික සෙව්වන්දි, මල්කි මදාරා, සුගන්දිකා කුමාරි සහ අචිනි කුලසූරිය

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එළඹෙණ 27 පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගයෙන් මෙම තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<