අම්බලන්ගොඩ මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය සහ අහුංගල්ල රාජපක්ෂ මහා විද්‍යාලය අතර පළමු වරට පැවැති “සහෝදරයන්ගේ සංග්‍රාමය” වාර්ෂික මහා ක්‍රිකට් තරගය විසඳුමකින් තොරව (18) අවසන් වුනා.
අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් රාජපක්ෂ විද්‍යාලයේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 127ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් රාජපක්ෂ විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 199ක් ලබා ගනිමින් පළමු ඉනිමේ වැඩි වාසි ලබා ගත්තා.
ලකුණු 72ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 201ක් ලබා සිටියා.
මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
සහස් අනුපම (නායක), කවික මදුශංක, විනෝද් සොයිසා, සුමේධ සම්පත්, නිතිශ් තේජාන් (කඩුලු රකින්නා), සන්දීත් ද සිල්වා, හිමාෂ් ප්‍රියශාන්ත, ටිලීෂ තීක්ශන, යෝශිත උදයංග, ඉසුරු ද සිල්වා සහ කවීෂ මදුවන්ත.
රාජපක්ෂ විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
විහඟ ඉඳුවර (නායක), චමිත් මලීෂ, වින්ද්‍ය සංකල්ප (කඩුලු රකින්නා), පැහැසර දිනිඳු, සත්සර ප්‍රමෝද්, ශානුක ලක්ශාන්, කවීෂ හිමසල්, රමේෂ් ලක්ෂාන්, රුමේෂ් ලක්ෂාන්, සිතිජ දුල්ශාන් සහ මලිඳු ලක්ෂාන්.
මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු කවික මදුශංක. ඔහු පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 56ක් ලබා ගන්නවා.
ඔහු සුමේද සම්පත් සමඟ එක් වෙමින් 2 වැනි කඩුල්ලට ලකුණු 51ක සබඳතාවක් ද ගොඩ නගනවා. සුමේද සම්පත් පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්තා. ඊට අමතර ව නිතිෂ් තේජාන් පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.
ඔවුන්ගේ ඉනිම වරෙක ලකුණු 95කට කඩුලු 3ක් ලෙසින් කියැවුණ ද ඉතිරි කඩුලු 7 ලකුණු 32ක් තුළ දවා ගැනීමට රාජපක්ෂ විද්‍යාලයීය පන්දු යවන්නෝ සමත් වුනා. එහි දී නායක විහඟ ඉඳුවර ලකුණු 14කට කඩුලු 6ක් දවා ගනිමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුනා. ඊට අමතර ව රමේෂ් ලක්ෂාන් කඩුලු ද්විත්වයක් ද, මලිඳු ලක්ෂාන් සහ රුමේෂ් ලක්ෂාන් කඩුල්ල බැගින් ද දවා ගත්තා.
- මාදම්පාවරුන් සහ රාජපක්ෂවරුන්ගේ සහෝදර සංග්‍රාමය
- 20 වැනි ‘ඌව රන් සටන‘ සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී
- ශ්‍රී සුමංගල සහ ක්‍රිස්තු රාජ මංගල තරග ජය ගනී
- තර්ස්ටන්, සාන්ත ජෝන්ස් සහ තෝලංගමුවට ජය
- ඉඳුවරගේ ශතකයෙන් හැඩ වූ තැන තැන Big Match
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිස රාජපක්ෂ විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමේ දී දක්ෂතා දැක් වූ විහඟ ඉඳුවර පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 72ක් ලබා ගත්තා.
ඔහු 2 වැනි කඩුල්ල සඳහා වින්ද්‍ය සංකල්ප හා එක් වෙමින් ලකුණු 126ක සබඳතාවක් ද ගොඩ නැගුවා. වින්ද්‍ය සංකල්ප පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තා. ඊට අමතර ව පැහැසර දිනිඳු පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී කවික මදුශංක ලකුණු 30කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව නායක සහන් අනුපම ද ලකුණු 42කට කඩුලු 5ක් දවා ගත්තා.
අනතුරු ව තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් එම ඉනිමේ දී ද අර්ධ ශතක ඉනිමක් ක්‍රීඩා කිරීමට කවික මදුශංක සමත් වෙනවා. ඔහු තරගය අවසන් වන විට පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 55ක් ලබා සිටියා.
ඔහුට අමතර ව සුමේධ සම්පත් පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 62ක් ද සහ විනෝද් සොයිසා පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී විහඟ ඉඳුවර ලකුණු 41කට කඩුලු 2ක් ද සහ සත්සර ප්‍රමෝද් ලකුණු 57කට කඩුලු 2ක් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 127 (41.0)කවික මදුශංක 56, සුමේද සම්පත් 29, නිතිශ් තේජාන් 21, රමේෂ් ලක්ෂාන් 2/30, විහඟඉඳුවර 6/14
- රාජපක්ෂ විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 199 (50.0)විහඟ ඉඳුවර 72, වින්ද්‍ය සංකල්ප 59, පැහැසර දිනිඳු 31, කවික මදුශංක 5/30, සහස් අනුපම 5/42
- මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 201 (28.0)විනෝද් සොයිසා 52, සුමේද සම්පත් 62, කවික මදුශංක නොදැවී 55, විහඟඉඳුවර 2/41, සත්සර ප්‍රමෝද් 2/57
තරගයේ විසඳුමක් නෑ.
- තරගයේ දක්ෂතම පන්දු රකින්නා- රමේෂ් ලක්ෂාන් (රාජපක්ෂ විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පන්දු යවන්නා – විහඟ ඉඳුවර (රාජපක්ෂ විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පිතිකරු – වින්ද්‍ය සංකල්ප (රාජපක්ෂ විද්‍යාලය)
- තරගයේ වීරයා -කවික මදුශංක (මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය)
මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය
- දක්ෂතම පන්දු රකින්නා – විනෝද් සොයිසා
- දක්ෂතම පන්දු යවන්නා – සහස් අනුපම
- දක්ෂතම පිතිකරු – කවික මදුශංක
රාජපක්ෂ විද්‍යාලය
- දක්ෂතම පන්දු රකින්නා -රමේෂ් ලක්ෂිත
- දක්ෂතම පන්දු යවන්නා- විනුග ඉඳුවර
- දක්ෂතම පිතිකරු- වින්ද්‍ය සංකල්ප
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම් රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare.com සමඟින්.