කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර 5 වැනි වරටත් පැවැති වාර්ෂික එක්දින මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් ලබා ගත් සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, ඒ වෙනුවෙන් පිරිනමන ග්‍රෙගරි ලූක් සහෝදරතුමන් අනුස්මරණ කුසලානයට හිමිකක් කීවා.
කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 168ක් ලබා ගත් අතර එම ඉලක්කය ප්‍රතිවාදී සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 169ක් ලබා ගනිමින් සපුරා ගන්නවා.
වෙස්ලි විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
අනුග පහන්සර (නායක), සෙහඳු අතාවුද, බිනොත් සන්දිල්, ලිතුම් සෙනුජ, දෙනෙත් සිගේරා, දිනුජ සමරරත්න, රුක්ශාන් තරංග (කඩුලු රකින්නා), අහමද් නේයන්, දුල්ශාන් නෙත්මිණ, අලි ඒරන් සහ දෙනුවන් නෙත්මල්.
සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
ශාරුජන් ශන්මුගනාදන් (නායක), දිදුල එදිරිසූරිය, ටෙහාන් බීටර් (කඩුලු රකින්නා), ජනිඳු නන්දසේන, මෙවන් දිසානායක, සමිඳු පීරිස්, මානික්‍ය දේශප්‍රිය, නඳුන් ප්‍රනාන්දු, විහඟ රත්නායක, අයේශ් ගජනායක සහ බුද්ධිම තරුපති.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි වෙස්ලි විද්‍යාලයීය පළමු කඩුලු 4 ලකුණු 32ක් තුළ දවා ගනිමින් තරගයේ පෙරමුණ ගැනීමට සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයෝ සමත් වෙනවා.
ඔවුන් වැටි සිටි එම අමාරුවෙන් ගලවා ගන්නේ 5 වැනි කඩුල්ලට එක් වූ ලිතුම් සෙනුජ සහ දිනුජ සමරරත්න. ඔවුන් දෙදෙනා එක් ව එම කඩුල්ලට පන්දු 123ක දී ලකුණු 83ක සබඳතාවක් එක් කරනවා.
එහි දී ලිතුම් සෙනුජ පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 59ක් ලබා ගන්නවා. දිනුජ සමරරත්න ලබා ගත් ලකුණු සංඛ්‍යාව 27ක් වන අතර ඊට කිසිදු සීමා ලකුණක් ඇතුලත් නොවීමත් කැපී පෙණෙනවා.
ඔවුන් දෙදෙනා ගේ දැවී යෑමෙන් අනතුරුව වෙස්ලි ඉනිම කඩුලු 7කට ලකුණු 127ක් වූ අතර නැවත 8 වැනි කඩුල්ලේ දී ඔවුන්ගේ ලකුණු පුවරුව තරමක් සක්‍රීය වෙනවා. ඒ අහමද් නේයන් සහ දුල්ශාන් නෙත්මිණ පන්දු 19ක දී එක් කළ ලකුණු 23යි. එය ඉනිමේ හොඳම ලකුණු සබඳතාවන් අතර 2 වැනි තැනට පත් වෙනවා.
අහමද් නේයන් පන්දු 10කට මුහුණ දෙමින් ලකුණු 12ක් ද සහ දුල්ශාන් නෙත්මිණ පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 17ක් ද ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී මානික්‍ය දේශප්‍රිය ලකුණු 23කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරන ලද අතර ඊට අමතර ව නායක ශාරුජන් ශන්මුගනාදන් සහ බුද්ධිම තරුපති කඩුලු 2ක් බැගින් ද අයේශ් ගජනායක, නඳුන් ප්‍රනාන්දු සහ මෙවන් දිසානායක කඩුල්ලක් බැගින් ද දවා ගන්නවා.
- වෙස්ලි සහ බෙනඩික්වරුන්ගේ අරගලය
- 12 වැනි ලෝක ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
- ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ලෝක කුසලානයට පුහුණු කිරීමේ වගකීම චාමර සිල්වාට
- බංගලි යෞවනයන් දීර්ඝ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට
- ශාරුජන් ද්විත්ව ශතකයක් ලබා ගනී
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය නිමා වීමට තවත් පන්දු 75ක් ඉතිරි ව තිබිය දී කඩුලු 4ක් පමණක් අහිමි කර ගනිමින් ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නවා.
එහි දී නායක ශාරුජන් ශන්මුගනාදන් පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 50ක් ලබා ගන්නවා. ඔහු මෙම අර්ධ ශතකය වාර්තා කරන්නේ ලකුණු 63කට කඩුලු 3ක් දැවී ගොස් තිබියදී පිටියට පිවිසෙමිනුයි.
එහි දී ඔහු සමිඳු පීරිස් සමඟ එක් වෙමින් සිව් වැනි කඩුල්ලට පන්දු 117ක දී ලකුණු 94ක සබඳතාවක් ද ගොඩ නගනවා. සමිඳු පීරිස් තරගය අවසන් වන විට පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 41ක් ලබා සිටියා.
ජයග්‍රාහී සාන්ත බෙනඩික්ට් ඉනිම වෙනුවෙන් ජනිඳු නන්දසේන පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමගින් ලකුණු 21ක් ද සහ දිදුල එදිරිසූරිය පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 23ක් ද ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී දිනුජ සමරරත්න ලකුණු 25කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව දෙනුවන් නෙත්මල් සහ අහමද් නේයන් කඩුල්ලක් බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
වෙස්ලි විද්‍යාලය – සියලුම දෙනා දැවී 168 (47.4) ලිතුම් සෙනුජ 59, දිනුජ සමරරත්න 27, බුද්ධිම තරුපති 2/38, මානික්‍ය දේශප්‍රිය 3/23, ශාරුජන් ශන්මුගනාදන් 2/23
සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – කඩුලු 4ක් දැවී 169 (37.3) දිදුල එදිරිසිංහ නොදැවී 23, ජනිඳු නන්දසේන 21, ශාරුජන් ශන්මුගනාදන් 50, සමිඳු පීරිස් නොදැවී 41, දිනුජ සමරත්න 2/25
සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට කඩුලු 6ක ජයක්.
- තරගයේ දක්ෂතාම පන්දු රකින්නා – මෙවන් දිසානායක (සාන්ත බෙනඩික්ට් විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පන්දු යවන්නා – මානික්‍ය දේශප්‍රිය (සාන්ත බෙනඩික්ට් විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පිතිකරු – ලිතුම් සෙනුජ (වෙස්ලි විද්‍යාලය)
- තරගයේ වීරයා – ශාරුජන් ශන්මුගනාදන් (සාන්ත බෙනඩික්ට් විද්‍යාලය)
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sehandu Athauda | c Tehan Bitar b Ayesh Gajanayaka | 0 | 2 | 0 | 0 | 0.00 |
Binoth Sandil | c Buddima Tharupathi b Manikya Deshapriya | 16 | 40 | 2 | 0 | 40.00 |
Anuga Pahansara | c Mevan Dissanayake b Nadun Fernando | 4 | 22 | 0 | 0 | 18.18 |
Lithum Senuja | c Didula Edirisuriya b Buddima Tharupathi | 59 | 91 | 0 | 0 | 64.84 |
Deneth Sigera | c b Buddima Tharupathi | 2 | 14 | 4 | 0 | 14.29 |
Dinuja Samararathne | c Didula Edirisuriya b Manikya Deshapriya | 27 | 58 | 0 | 0 | 46.55 |
Rukshan Tharanga | c Nadun Fernando b Manikya Deshapriya | 5 | 9 | 0 | 0 | 55.56 |
Ahmad Nahyan | c Ayesh Gajanayaka b Mevan Dissanayake | 12 | 10 | 0 | 0 | 120.00 |
Dulshan Nethmina | c Vihanga Ruwanara b Sharujan Shanmuganathan | 17 | 25 | 1 | 0 | 68.00 |
Ali Ehren | c Ayesh Gajanayaka b Sharujan Shanmuganathan | 10 | 14 | 0 | 0 | 71.43 |
Denuwan Nethmal | not out | 1 | 1 | 0 | 0 | 100.00 |
Extras | 15 (b 1 , lb 0 , nb 0, w 14, pen 0) |
Total | 168/10 (47.4 Overs, RR: 3.52) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Ayesh Gajanayaka | 7 | 1 | 18 | 1 | 2.57 | |
Nadun Fernando | 8 | 1 | 22 | 1 | 2.75 | |
Buddima Tharupathi | 9 | 0 | 38 | 2 | 4.22 | |
Manikya Deshapriya | 10 | 2 | 23 | 3 | 2.30 | |
Mevan Dissanayake | 7 | 0 | 43 | 1 | 6.14 | |
Sharujan Shanmuganathan | 6.4 | 0 | 23 | 2 | 3.59 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Didula Edirisuriya | not out | 23 | 48 | 2 | 0 | 47.92 |
Tehan Bitar | c Rukshan Tharanga b Ahmad Nahyan | 9 | 19 | 0 | 0 | 47.37 |
Janindu Nandasena | c Sehandu Athauda b Denuwan Nethmal | 21 | 24 | 4 | 0 | 87.50 |
Mevan Dissanayake | lbw b Dinuja Samararathne | 0 | 2 | 0 | 0 | 0.00 |
Sharujan Shanmuganathan | c Dulshan Nethmina b Dinuja Samararathne | 50 | 53 | 3 | 0 | 94.34 |
Samindu peiris | not out | 41 | 80 | 4 | 0 | 51.25 |
Extras | 25 (b 0 , lb 1 , nb 1, w 23, pen 0) |
Total | 169/4 (37.3 Overs, RR: 4.51) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Ali Ehren | 4 | 0 | 23 | 0 | 5.75 | |
Denuwan Nethmal | 6 | 2 | 11 | 1 | 1.83 | |
Anuga Pahansara | 3 | 0 | 18 | 0 | 6.00 | |
Ahmad Nahyan | 7 | 1 | 32 | 1 | 4.57 | |
Dulshan Nethmina | 6.3 | 0 | 38 | 0 | 6.03 | |
Dinuja Samararathne | 9 | 0 | 25 | 2 | 2.78 | |
Binoth Sandil | 2 | 0 | 21 | 0 | 10.50 |