හින්දු සංග්‍රාමයේ ජය කොළඹට

15th Battle of the Hindus

1
Battle of the Hindus

කොළඹ හින්දු විද්‍යාලය සහ යාපනය හින්දු විද්‍යාලය අතර 15 වැනි වරටත් පැවැති හින්දු මහා සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කොළඹ හින්දු විද්‍යාලය සමත් වූවා.

ඒ අනුව මෙතෙක් යාපනය හින්දු විද්‍යාලය සතු ව තිබූ වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයේ සම හිමිකරුවන් බවට පත් වීමට කොළඹ හින්දූ විද්‍යාලය සමත් වෙනවා. මෙම ජයග්‍රහණයත් සමඟින් දෙවිදුහල් හී ක්‍රීඩකයෝ තරග 4ක් බැගින් ජයග්‍රහණය කරගෙන තිබෙනවා.

කොළඹ P. Sara Oval පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් යාපනය මධ්‍ය මහා විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් සියලුම දෙනා දැවී ලකුණු 102ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් කොළඹ හින්දු විද්‍යාලයීය ක්‍රීඩයෝ ද ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 119ක් පමණයි.

ඒ අනුව ලකුණු 17ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි යාපනය හින්දු විද්‍යාලයට එවර ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 98ක් පමණයි. ජයග්‍රහණය සඳහා ලකුණු 82ක හඹා යන ඉනිමකට පිවිසි කොළඹ හින්දු විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය අවසන් කරන්නේ කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගනිමිනුයි.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් යාපනය හින්දු විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආතිදියන්. ඔහු පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තා. ඊට අමතර ව ප්‍රීමිකන් පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී යුවරාජ් ලකුණු 33කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව නායක දේශ්කර් කඩුලු 3ක් ද සහ යාධව් කඩුලු 2ක් ද දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොළඹ හින්දු විද්‍යාලයීය ඉනිමට ලකුණු 32ක් එක් කළ කිරීමට සාර්විශ් සමත් වූවා. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ඔහුගේ ඉනිම පන්දු 52කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 4ක් ද එක් වුණා.

ඊට අමතර ව අබිනේශ් පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී නායක සුබාර්නන් ලකුණු 43කට කඩුලු 6ක් දවා ගත් අතර ඊට අමතර ව නෙරුජන් කඩුලු ද්විත්වයක් ලබා ගන්නවා.

එම ඉනිම අවසානයේ 2 වැනි ඉනිමට පිටියට පිවිසි යාපනය හින්දු විද්‍යාලයීය ක්‍රීඩකයන්ට එවර ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 98ක් පමණයි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ නායක සුබර්නන්. ඔහු පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණ 34ක් ලබා ගන්නවා. ඊට අමතර ව නෙරූජන් පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගන්නවා.

අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට ඉඩ නොදුන් කොළඹ හින්දු විද්‍යාලය වෙනුවෙන් නායක දේශ්කර් සහ යුවරාජ් කඩුලු 4ක් බැගින් දවා ගන්නවා. ඊට අමතර ව අබිනාශ් සහ යාධව් කඩුල්ල බැගින් දවා ගත්තා.

කොළඹ හින්දු විද්‍යාලයේ ජයග්‍රාහී ඉනිමේ දී යාධව් පන්දු 120කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුනු 34ක් ලබා ගන්නවා. ඊට අමතර ව අබිනේශ් පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී නායක සුබාර්නන් සහ කනගරාජ් නිතීශ් කඩුලු 2ක් බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • යාපනය හින්දු විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 102 (39.5) ආතිදියන් 31, ප්‍රීමිකන් 26, යාධව් 2/19, යුවරාජ් 5/33, දේශ්කර් 3/20
  • කොළඹ හින්දු විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 119 (37.3) සාර්විශ් 32, අබිශේක් 22, අබිනේශ් 24, සුබර්නන් 6/43, නෙරුජන් 2/22
  • යාපනය හින්දු විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 98 (38.0) නෙරුජන් 21, සුබර්නන් 34, යුවරාජ් 4/44, දේශ්කර් 4/20
  • කොළඹ හින්දු විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 82 (35.5) යාධව් නොදැවී 34, අබිනේශ් 22, අකිලේශ් නොදැවී 11, සුබර්නන් 2/28, කනගරාජ් නිතීශ් 2/29

කොළඹ හින්දු විද්‍යාලයට කඩුලු 5ක ජයක්.

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<