ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (24) පැවැති යොවුන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
ඒ අනුව තරග 5කින් යුත් කාන්තා යොවුන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තවත් තරග 2ක් ඉතිරි ව තිබිය දී ම තරග 3-0ක් සේ ජයග්‍රහණය කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වෙනවා.
වර්ෂාව හේතුවෙන් පන්දුවාර 16ක තරගයක් ලෙසින් පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියා නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කරගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 100ක් පමණක් වන අතර එය කඩුලු 6ක් සහ තවත් පන්දු 5ක් ඉතිරි ව සපුරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු පරිදි පෙර කණ්ඩායම ම මෙම තරගයට එක් වූ අතර ඕස්ට්‍රේලියා කණ්ඩායම තරග බිමට පිවිසෙන්නේ වෙනස්කම් 4ක් සිදු කරමින්. ඒ පෙර තරගයට ක්‍රීඩා කළ Indira Panelli, Chelsea Sonter, Ayaka Kato-Stafford සහ Aijay Willoughby වෙනුවට Eva Baird, Lilli Hamilton, Sara Kennedy සහ Jasmine Kamboj කැඳවමිනුයි.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
මනුදි නානායක්කාර (නායිකාව), සංජනා කාවින්දි, විමෝක්ෂා බාලසූරිය, ලිමංසා තිලකරත්න, ශෂිනි ගිම්හානි, නෙතගි ඉසුරාංජලී (කඩුලු රකින්නිය), රශ්මි නේත්‍රාංජලී, රශ්මිකා සෙව්වන්දි, ප්‍රමුදි මෙත්සරා, අසෙනි තලගුණේ සහ චමෝදි ප්‍රබෝධා.
ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
Samara Dulvin (නායිකාව), Shiloh Julien, Emily Powell, Eva Baird, Lilli Hamilton, Lucy Finn, Charli Mclennan (කඩුලු රකින්නිය), Sara Kennedy, Jasmine Kamboj, Ira Aery, Ava Drury.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියා කණ්ඩායමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 9ක් වෙද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. පළමු කඩුල්ල බිඳ වැටීමෙන් පසුව පිටියට පිවිසි Emily Powell ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වෙමින් 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 32ක් ලබා සිටියා.
ඇය Lucy Finn සමඟින් සමඟින් එම කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් ද ගොඩ නගනවා. Lucy Finn පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී ලිමංසා තිලකරත්න ලකුණු 20කට කඩුලු 2ක් ද සහ අසෙනි තලගුණේ ලකුණු 25කට කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතර ව රශ්මිකා සෙව්වන්දි සහ චමෝදි ප්‍රබෝධා කඩුල්ල බැගින් දවා ගත්තා.
- පාකිස්තානය පහසු ජයක් කරා
- ශ්‍රී ලංකාව 2-0ක් සේ පෙරමුණ ගනී
- සංජනා, චමෝදි සහ අසෙනි දක්ෂතා දක්වයි
- ඕස්ට්‍රේලියාව සමඟ තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා 19න් පහළ සංචිතය නම් කරයි
- කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක සබඳතාවක් එක් කිරීමට සංජනා කාවින්දි සහ විමෝක්ෂා බාලසූරිය සමත් වෙනවා.
විමෝක්ෂා බාලසූරිය පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 25කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා. අනතුරු ව පිටියට එක් වූ නෙතගි ඉසුරාංජලී හා එක් වූ සංජනා කාවින්දි 2 වැනි කඩුල්ලට ද ලකුණු 25ක සබඳතාවක් එක් කරනවා. නෙතගි ඉසුරාංජලී පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ලබා ගන්නවා.
සංජනා කාවින්දි ඉනිමේ 3 වැනි කඩුල්ල ලෙසින් දැවී යන විට පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 36ක් ලබා සිටියා. ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව රශ්මි නෙත්‍රාංජලී ලකුණු නොලබා ම එම පන්දු වාරයේ දී ම දැවී යනවා.
තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී ශෂිනි ගිම්හානි පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 17ක් ද සහ නායිකා මනුදි නානායක්කාර පන්දු 7ක දී නොදැවී ලකුණු 4ක් ද ලබා ගනිමින් පිටියේ රැඳී සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Lilli Hamilton ලකුණු 16කට කඩුලු 2ක් දවා ගත් අතර Sara Kennedy කඩුල්ලක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 100 (16.0) Emily Powell 32, Lucy Finn 31, අසෙනි තලගුණේ 2/25, ලිමංසා තිලකරත්න 2/20
- ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 101 (15.1) සංජනා කාවින්දි 36, විමෝක්ෂා බාලසූරිය 25, ශෂිනි ගිම්හානි නොදැවී 17, Lilli Hamilton 2/16
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 6ක ජයක්.
දෙරට අතර පැවැත්වෙන 4 වැනි යොවුන් විස්සයි විස්ස තරගය මේ මස 26 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<