ආසියානු කුසලාන Rising Stars ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවැති ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම අතර තරගයේ දී ඇෆ්ගනිස්තාන A කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා.
මෙම තරගය Doha හී West End Park ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති අතර එම තරගයට අමතර ව බංග්ලාදේශ A කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර තරගය ද පැවැතියා.
4 වැනි තරගය, ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම කණ්ඩායම අතර තරගය
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 170ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඇෆ්ගනිස්තාන A ක්‍රීඩකයෝ පන්දුවක් සහ කඩුලු 3ක් ඉතිරි කර ගනිමින් එම ඉලක්කය සපුරා ගත්තා.
ශ්‍රී ලංකා A කණ්ඩායම
දුනිත් වෙල්ලාලගේ (නායක), නිශාන් මදුශ්ක, විශේන් හැළඹගේ, ලසිත් කෲස්පූල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ, මිලාන් රත්නායක, රමේෂ් මෙන්ඩිස්, ඉසිත විජේසුන්දර, විජයකාන්ත් වියස්කාන්ත් සහ ගරුක සංකේත්.
ඇෆ්ගනිස්තාන A කණ්ඩායම
Darwish Rasooli (නායක), Abdollah Ahmadzai, Sediqullah Atal, Nangeyalia Kharote, Farmanullah, Mohammad Ishaq (කඩුලු රකින්නා), Qais Ahmad, Zubaid Akbari, AM Ghazanfar, Bilal Sami, Imran Mir.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය එතරම් ම යහපත් වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු 4 ලකුණු 39කට සීමා වෙනවා. ඉන් ලකුණු 29ක් ම ලබා ගන්නේ පළමු කඩුල්ලටයි. පන්දු 16ක දී එක් වූ එම සබඳතාව නිමා වෙන්නේ විශේන් හැළඹගේ ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ලබා සිටියා.
අනතුරු ව එක් වූ ලකුණු 10ක් තුළ කඩුලු 3ක් දැවී යනවා. එම කඩුලු දම්වැල ආරම්භ කරන්නේ ලසිත් කෲස්පූල්ලේ. ඔහු එක් ලකුණකට දැවී යන අතර ඊට පසුව නිශාන් මදුශ්ක ලකුණු 5කට ද සහ සහන් ආරච්චිගේ ලකුණු නොලබා ම ද දැවී යනවා.
ඉන් අනතුරු ව කඩුල්ලේ දී පන්දු 56ක දී ලකුණු 66ක සබඳතාවක් එක් කිරීමට නායක දුනිත් වෙල්ලාලගේ සහ නුවනිඳු ප්‍රනාන්දු සමත් වෙනවා. එම කඩුල්ලේ සබඳතාව ගිලිහී යන්නේ නුවනිඳු ප්‍රනාන්දු ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 39ක් ලබා සිටියා.
අනතුරු ව මිලාන් රත්නායක සමඟ එක් වූ දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකා ඉනිමට පන්දු 11ක දී තවත් ලකුණු 27ක් කරමින් දැවී යනවා. දුනිත් වෙල්ලාලගේ දැවී යන විට පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 33ක් ලබා සිටියා.
මිලාන් රත්නායක ලබා ගත් ලකුණු සංඛ්‍යාව 41ක්. ඔහු ඒ වෙනුවෙන් වැය කළේ පන්දු 19ක් පමණක් වන අතර ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් ඇතුලත් වුණා.
ඊට අමතර ව ඉසිත විජේසුන්දර ලකුණු 6කට ද සහ විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 2කට ද දැවී ගිය අතර ඉනිම අවසන් වෙද්දී රමේෂ් මෙන්ඩිස් පන්දු 8ක දී හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 9ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Bilal Sami ලකුණු 45කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව AM Ghazanfar ලකුණු 32කට කඩුලු 3ක් ද සහ Abdollah Ahmadzai කඩුල්ලක් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පළමු කඩුල්ල පළමු පන්දුවාරයේ දී ම ලකුණු 7කට දවා ගැනීමට ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ සමත් වූව ද 2 වැනි කඩුල්ලට පන්දු 40ක දී ලකුණු 84ක සබඳතාවක් එක් කිරීමට Imran Mir සහ Sediqullah Atal සමත් වෙනවා.
එහි දී Sediqullah Atal ඇෆ්ගනිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 54ක් ලබා ගන්නවා. ඔහුගේ ඉනිම පන්දු 27කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් ඇතුලත් වෙනවා.
Imran Mir ලබා ගත් ලකුණු සංඛ්‍යාව 34ක්. ඔහු ඒ වෙනුවෙන් පන්දු 21කට මුහුණ දුන් අතර ඊට හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් ඇතුලත් වෙනවා. ඊට අමතර ව නායක Darwish Rasooli පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ලබා ගන්නවා.
ඔහු 6 වැනි කඩුල්ලට Nangeyalia Kharote (15) සමඟ එක් වෙමින් පන්දු 24ක දී ලකුණු 29ක සබඳතාවක් ගොඩ නගන අතර ඊට අමතර ව Nangeyalia Kharote සහ Qais Ahmad එක් ව 7 වැනි කඩුල්ලට පන්දු 22ක දී ලකුණු 30ක සබඳතාවක් ද එක් කරමින් තරගයේ ජයග්‍රහණයට පාර සකසනවා. තරගය අවසන් වෙන විට Qais Ahmad පන්දු 13ක දී හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 16ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 28කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව සහන් ආරච්චිගේ, දුනිත් වෙල්ලාලගේ, මිලාන් රත්නායක සහ ඉසිත විජේසුන්දර කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්‍රී ලංකා A කණ්ඩායම – කඩුලු 9ක් දැවී 170 (20.0) විශේන් හැළඹගේ 28, නුවනිඳු ප්‍රනාන්දු 39, දුනිත් වෙල්ලාලගේ 33, මිලාන් රත්නායක 41, AM Ghazanfar 3/32, Bilal Sami 4/45
- ඇෆ්ගනිස්තාන A කණ්ඩායම – කඩුලු 7ක් දැවී 171 (19.5) Imran Mir 34, Sediqullah Atal 54, Darwish Rasooli 32, විජයකාන්ත් වියස්කාන්ත් 3/28
ඇෆ්ගනිස්තාන A කණ්ඩායමට කඩුලු 3ක ජයක්.
තරගයේ වීරයා – Bilal Sami (ඇෆ්ගනිස්තාන A කණ්ඩායම)
- Babar වසර දෙකක ඉඩෝරයට සමු දෙමින් පාකිස්තානයට ජය ගෙන එයි
- Suryavanshi ගෙන් වේගවත් ශතකයක්
- Rising Stars තරගාවලියේ දී අපට හමුවෙන ප්‍රතිවාදීන්
- ගියවර ශූරයෝ මෙවර Bowl ශූරතාවට හිමිකම් කියයි
- දුනිත්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා A කණ්ඩායම ආසියානු කුසලානයට!
3 වැනි තරගය, බංග්ලාදේශ A කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර
කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ A කණ්ඩායම් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි හොංකොං ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 167ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බංග්ලාදේශ A කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගන්නවා. ඔවුන් ඒ සඳහා වැය කරන්නේ පන්දු 66ක් පමණයි.
බංග්ලාදේශ A කණ්ඩායම
Akbar Ali (නායක), Habibur Rahman Sohan, Jishan Alam, Zawad Abrar, Rakibul Hasan, Mahidul Islam Ankon (කඩුලු රකින්නා), SM Meherob, Abu Hider, Yasir Ali, Ripon Mondol, Abdul Gaffar Saqlain.
හොංකොං කණ්ඩායම
Yasim Murtaza (නායක), Zeeshan Ali (කඩුලු රකින්නා), Anshy Rath, Babar Hayat, Nizakat Khan, Aizaz Khan, Shiv Mathur, Kinchit Shah, Nasrulla Rana, Ateeq Iqbal, Ehsan Khan.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි හොංකොං කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ Babar Hayat. ඔහු පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 63ක් ලබා ගන්නවා.
ඊට අමතර ව නායක Yasim Murtaza පන්දු 22ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තා.
ඔවුන් දෙදෙනා එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 29ක දී ලකුණු 48ක සබඳතාවක් ද එක් කරනවා. ඔවුන් දෙදෙනා ට අමතර ව Kinchit Shah පන්දු 4ක දී හයේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Ripon Mondol සහ SM Meherob කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර Abdul Gaffar Saqlain කඩුල්ලක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ A කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වූ Habibur Rahman Sohan සහ Jishan Alam එක් ව පළමු කඩුල්ලට පන්දු 69ක දී ලකුණු 111ක සබඳතාවක් එක් කළා.
එහි දී Habibur Rahman Sohan පන්දු 35ක දී හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා ගත්තා. එය ඔහුගේ විස්සයි විස්ස පිටියේ මංගල ශතකයයි. Jishan Alam පන්දු 14ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 20ක් ද සහ ඉනිම අවසන් වන විට නායක Akbar Ali පන්දු 13ක දී හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 41ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Ehsan Khan සහ Aizaz Khan කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- හොංකොං කණ්ඩායම – කඩුලු 8ක් දැවී 167 (20.0) Babar Hayat 63, Yasim Murtaza 40, Kinchit Shah 20, Ripon Mondol 2/24, SM Meherob 2/31
- බංග්ලාදේශ A කණ්ඩායම – කඩුලු 2ක් දැවී 171 (11.0) Habibur Rahman Sohan නොදැවී 100, Jishan Alam 20, Akbar Ali නොදැවී 41, Ehsan Khan 1/33
බංග්ලාදේශ A කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
තරගයේ වීරයා – Habibur Rahman Sohan ( බංග්ලාදේශ A කණ්ඩායම)
තරගාවලියේ ඕමානය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය කණ්ඩායම අතර තරගයත් සහ ඉන්දීය A කණ්ඩායම සහ Pakistan Shaheens කණ්ඩායම් අතර දිවා/රාත්‍රී තරගයත් හෙට (16) Doha හී West End Park ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ම පැවැත්වීමට නියමිතයි.
Asia Cup Rising Stars 2025 තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැදී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare.com සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















