ආසියානු කුසලාන Rising Stars ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (14) පැවැති තරගවල දී පාකිස්තාන Shaheens කණ්ඩායම සහ ඉන්දීය A කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුණා.
Doha හී West End Park ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගවල දී ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන 14 වැනි වියේ පසුවෙන Vaibhav Suryavanshi පන්දු 32ක දී ශතකයක් වාර්තා කරමින් ලොව අඩුම වයසකින් විස්සයි විස්ස වේගවත් ම ශතකයක ලබා ගත් ක්‍රීඩකයා බවට පත් වුණා. ඔහුට මේ වෙද්දී වයස අවුරුදු 14කුත් දින 232ක්.
මෙම වාර්තාවේ මීට පෙර හිමිකාරයා වූයේ ද Vaibhav Suryavanshi වන අතර ඔහුට වයස අවුරුදු 14කුත් දින 32 දී Rajasthan Royals කණ්ඩායම නියෝජනය කරමින් පන්දු 35ක දී ශතකයක් වාර්තා කරනවා.
1 වැනි තරගය, ඕමානය සහ පාකිස්තාන Shaheens කණ්ඩායම අතර තරගය
කාසියේ වාසිය දිනා ගත් ඕමාන ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන Shaheens කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 220ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඕමාන කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 9ක් දැවී ලකුණු 180ක් පමණයි.
මෙම තරගයේ දී ඕමානය වෙනුවෙන් පළමුවරට Shafiq Jan සහ Sufyan Yousaf මංගල විස්සයි විස්සයි වරම් දිනා ගත්තා.
පාකිස්තාන Shaheens කණ්ඩායම
Irfan Khan (නායක), Mohammad Naeem, Maaz Sadaqat, Yasir Khan, Mohammad , Ghazi Ghori (කඩුලු රකින්නා), Mubasir Khan, Ubaid Shah, Mohammad Salman, Ahmed Daniyal.
ඕමාන කණ්ඩායම
Hammad Mirza (නායක), Sufyan Yousaf (කඩුලු රකින්නා), Karan Sonavale, Wasim Ali, Narayan Saishiv, Aryan Bisht, Zikria Islam, Jay Odedra, Muzahir Raza, Shafiq Jan, Samay Shrivastava.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන Shaheens කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ ආරම්භක පිතිකරු Maaz Sadaqat. ඔහු පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 96ක් ලබා ගන්නවා. එය ඔහුගේ විස්සයි විස්ස තරග 21ක හොඳම ඉනිමයි.
ඊට අමතර ව නායක Irfan Khan පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 44ක් ද සහ Yasir Khan පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී පන්දු යවන්නන් සිව් දෙනෙක් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඕමාන කණ්ඩායමේ ආරම්භක කඩුල්ල ලකුණු 7ක දී දැවී යන අතර ඊට පසුව කඩුල්ලේ දී ලකුණු 57ක සබඳතාවක් ගොඩ නැගීමට නායක Hammad Mirza සහ Karan Sonavale සමත් වෙනවා.
ඉනිම ආරම්භ කළ Hammad Mirza පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් ද සහ Karan Sonavale පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ද ලබා ගත්තා.
ඊට අමතර ව කඩුලු 7ක් දැවී ලකුණු 79ක් තිබූ ඉනිමේ 8 වැනි කඩුල්ලට ලකුණු 88ක සබඳතාවක් ගොඩ නැගීමට Zikria Islam සහ Muzahir Raza සමත් වෙනවා. ඒ අතුරින් Zikria Islam පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 57ක් ද සහ Muzahir Raza ඉනිම නිමා වන විට පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 46ක් ද ලබා සිටියා. Zikria Islam අද වාර්තා කරන්නේ තම විස්සයි විස්ස තරග 6ක හොඳම ඉනිමයි.
කඩුලු දවා ගැනීමේ දී Ubaid Shah ලකුණු 29කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව Maaz Sadaqat සහ Saad Masood කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- පාකිස්තාන Shaheens කණ්ඩායම– කඩුලු 4ක් දැවී 220 (20.0)Maaz Sadaqat නොදැවී 96, Yasir Khan 26, Irfan Khan 44, Saad Masood නොදැවී 19, Jay Odedra 1/29
- ඕමාන කණ්ඩායම – කඩුලු 9ක් දැවී 180 (20.0)Hammad Mirza 34, Karan Sonavale 26, Zikria Islam 57, Muzahir Raza නොදැවී 46, Ubaid Shah 3/29, Maaz Sadaqat 2/14, Masood 2/27
පාකිස්තාන Shaheens කණ්ඩායමට ලකුණු 40ක ජයක්.
- Rising Stars තරගාවලියේ දී අපට හමුවෙන ප්‍රතිවාදීන්
- ශ්‍රී ලංකා – පාකිස්තාන තරගාවලි කාලසටහන වෙනස් කරයි; ශ්‍රී ලංකා ක්රිකට් වෙතින් විශේෂ නිවේදනයක්!
- වෙල්ලාලගේ ගේ Rising Stars බලකාය
- දුනිත්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා A කණ්ඩායම ආසියානු කුසලානයට!
- වෙළඳ සේවා T20 ශූරතාව Hayleys Group A කණ්ඩායමට
2 වැනි තරගය, ඉන්දීය A කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර
කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගනිමින් කඩුලු 4ක් දැවී ලකුණු 297ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 149ක් පමණයි.
මෙම තරගයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් Ahmed Tariq සහ Sohaib Khan විස්සයි විස්ස මංගල වරම් දිනා ගත්තා.
ඉන්දීය A කණ්ඩායම
Jitesh Sharma (නායක සහ කඩුලු රකින්නා), Vaibhav Suryavanshi, Priyansh Arya, Naman Dhir, Nehal Wadhera, Ramandeep Singh, Ashutosh Sharma, Harsh Dubey, Yash Thakur, Gurjapneet Singh, Suyash Sharma.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම
Alishan Sharafu (නායක), Mayank Kumar, Ahmed Tariq, Sohaib Khan, Harshit Kaushik, Syed Haider (කඩුලු රකින්නා), Muhammad Arfan, Mohammed Faraazuddin, Aayan Afzal Khan, Muhammad Rohid, Muhammad Jawadullah.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ 14 හැවිරිදි ආරම්භක වමත් පිතිකරු Vaibhav Suryavanshi තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමේ ගෞරවය හිමි කර ගත්තා. ඔහු තම පළමු ලකුණු 50 පන්දු 17ක දී ද සහ ශතකය පන්දු 32කක දී ද වාර්තා කරන ලද ඔහු දැවී යන විට පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 15ක් සමඟින් ලකුණු 144ක් ලබා ගත්තා. එය ඔහුගේ 9ක් වන විස්සයි විස්ස තරග පිටියේ හොඳම ඉනිමයි.
ඔහු Naman Dhir සමඟ 2 වැනි කඩුල්ලට පන්දු 57ක දී ලකුණු 163ක සබඳතාවක් ද ගොඩ නැගීමට සමත් වෙනවා. එහි දී Naman Dhir පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් ලබා ගන්නවා.
ඉන්දීය A කණ්ඩායම් ඉනිම නිමා වන විට නායක Jitesh Sharma පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 83ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී පන්දු යවන්නන් තිදෙනක් කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ Sohaib Khan. ඔහු පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 63ක් ලබා ගන්නවා.
ඊට අමතර ව Muhammad Arfan පන්දු 26ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ද සහ Syed Haider පන්දු 16ක දී හතරේ සහ හයේ පහර බැගින් එල්ල කරමින් ලකුණු 20ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Gurjapneet Singh ලකුණු 18කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Harsh Dubey කඩුලු ද්විත්වයක් ද, Yash Thakur සහ Ramandeep Singh කඩුල්ලක් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ඉන්දීයAකණ්ඩායම – කඩුලු 4ක් දැවී 297 (20.0) Vaibhav Suryavanshi 144, Naman Dhir 34, Jitesh Sharma නොදැවී 83, Aayan Afzal Khan 1/42
- එක්සත් අරාබි එමීර් රාජ්‍යකණ්ඩායම – කඩුලු 7ක් දැවී 149(20.0) Sohaib Khan 63, Syed Haider 20, Muhammad Arfan 26, Gurjapneet Singh 3/18, Harsh Dubey 2/12
ඉන්දීය A කණ්ඩායමට ලකුණු 148ක ජයක්.
හෙට (15) ශ්‍රී ලංකා A කණ්ඩායම සහභාගී වන පළමු තරගය ඇෆ්ගනිස්තාන A කණ්ඩායම සමඟින් පැවැත්වෙන අතර ඊට අමතර ව බංග්ලාදේශ A කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර තරගයත් පැවැත්වේ. මෙම තරග ද්විත්වය ද පැවැත්වෙන්නේ Doha හී West End Park ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
Asia Cup Rising Stars 2025 තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැදී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare.com සමඟ ම.





















