2025 ආසියානු කුසලානයේ සුපිරි හතර වටයේ පළමු තරගයේ පළමු ඉනිම මීට සුළු මොහොතකට පෙර අවසන් වුනා.
බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශය සතු වූ අතර, ඔවුන් තරගයේ පළමුව පන්දු යැවීම තෝරා ගත්තා.
ශ්‍රී ලංකාව මෙම තරගයේ දී ඇෆ්ගනිස්තානය සමඟ ක්‍රීඩා කළ කණ්ඩායම සමඟම පිටියට අවතීර්ණ වූ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපුරුදු පරිදි පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ඉනිම ආරම්භ කළා.
ඔවුන් දෙදෙනා විසින් ශ්‍රී ලංකාවට වේගවත් ආරම්භයක් ලබා දුන් අතර, පන්දුවාර 5ක් තුළ කුසල් – පැතුම් යුගලය ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වුනා. මෙහි දී පැතුම් පන්දු 15කින් ලකුණු 22ක් ලබා ගත්තා. පැතුම් ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගිය අතර, පන්දු 25කින් ලකුණු 34ක් ලබා ගත් කුසල් මෙන්ඩිස් ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියා.
මෙම පිතිකරුවන් දෙදෙනාගේ දැවී යාමෙන් අනතුරුව ශ්‍රී ලංකාව සුපුරුදු ඇද වැටීමට ලක් වන බවක් පෙනෙන්නට තිබූ අතර, ඉනිමේ 14 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වන විට කඩුලු 4ක් දැවී ශ්‍රී ලංකාව ලබා සිටියේ ලකුණු 97ක් පමණයි.
කෙසේ වෙතත් අවශ්‍ය ම මොහොතේ සිට රිද්මය සොයා ගත් දසුන් ශානක සමඟ එක් වූ නායක චරිත් අසලංක විසින් ඉනිමේ පස් වැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 57ක් එක් කිරීමට සමත් වුනා. මෙහි දී චරිත් 12කින් ලකුණු 21ක් ලබා ගනිමින් පිටියෙන් ඉවත් වීම නිසා එම සබඳතාව නිමා වුනා.
කෙසේ නමුත් දසුන් ශ්‍රී ලංකා ඉනිම අවසන් වන තෙක් කඩුල්ලේ රැඳෙමින් පන්දු 37ක් තුළ ලකුණු 64ක් ලබා ගැනීමට සමත් වුනේ දැවැන්ත හයේ පහර 6ක් ද එල්ල කරමිනුයි.
ඒත් සමඟින් ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 168ක් ලබා ගැනීමට සමත් වුනා.
මෙහි දී බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ Mustafizur Rahman ලකුණු 20කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය‘
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
ශ්‍රී ලංකාවෙන් ලද ලකුණු 169ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දුවාරය තුළ ම බිඳ හෙළීමට නුවන් තුෂාර සමත් වුනා.
කෙසේ වෙතත් ඉන් පසුව කඩුල්ලේ එකතු වූ නායක Litton Das සහ Saif Hassan විසින් ලකුණු 59ක සබඳතාවක් පැවැත්වීමට සමත් වූ අතර, බංග්ලාදේශයට තරගයේ ජය හඹා යාම සඳහා අදාළ අඩිතාලම සැකසීමට ද මෙම සබඳතාව සමත් වුනා.
මේ මොහොතේ ක්‍රියාත්මක වූ වනිඳු නායක Dasව දවා ගැනීමට සමත් වූ අතර, ඉන් පසුව පිටියට පිවිසි Towhid Hridoy විසින් Saif Hassan සමඟ තෙවැනි කඩුල්ල සඳහා තවත් ලකුණු 54ක් එක් කිරීමට සමත් වුනා.
පන්දු 45කින් ලකුණු 61ක් ලබා ගත් Saif Hassan ද වනිඳු හමුවේ දැවී ගිය අතර, මින් පසුව පිටියට පිවිසුණු Shamim Hossain සහ Towhid Hridoy විසින් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 44ක් එක් කිරීමට සමත් වුනා.
මෙහි දී Towhid Hridoy විසින් පන්දු 37කින් ලකුණු 58ක් ලබා ගනිමින් වටිනා ඉනිමක් දියත් කළා.
බංග්ලාදේශ ඉනිමේ 20 වැනි පන්දු වාරයේ පස් වැනි පන්දුවේ දී ඔවුන් අදාළ ලකුණු 169 ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට සමත් වූ අතර, ඒ වන විට බංගලි ඉනිමේ කඩුලු 6ක් බිඳ වැටී තිබුණා.
Result
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Pathum Nissanka | c Saif Hassan b Taskin Ahamed | 22 | 15 | 3 | 1 | 146.67 |
| Kusal Mendis | c Saif Hassan b Mehidy Hasan Miraz | 34 | 25 | 1 | 3 | 136.00 |
| Kamil Mishara | b Mahedi Hasan | 5 | 11 | 0 | 0 | 45.45 |
| Kusal Perera | c Liton Das b Mustafizur Rahman | 16 | 16 | 1 | 0 | 100.00 |
| Dasun Shanaka | not out | 64 | 37 | 3 | 6 | 172.97 |
| Charith Asalanka | run out (Liton Das) | 21 | 12 | 1 | 1 | 175.00 |
| Kamindu Mendis | c Liton Das b Mustafizur Rahman | 1 | 2 | 0 | 0 | 50.00 |
| Wanindu Hasaranga | c Tanzid Hasan b Mustafizur Rahman | 2 | 2 | 0 | 0 | 100.00 |
| Dunith Wellalage | not out | 0 | 0 | 0 | 0 | 0.00 |
| Extras | 3 (b 0 , lb 1 , nb 0, w 2, pen 0) |
| Total | 168/7 (20 Overs, RR: 8.4) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Shoriful Islam | 4 | 0 | 49 | 0 | 12.25 | |
| Nasum Ahmed | 4 | 0 | 36 | 0 | 9.00 | |
| Taskin Ahamed | 4 | 0 | 37 | 1 | 9.25 | |
| Mahedi Hasan | 4 | 0 | 25 | 2 | 6.25 | |
| Mustafizur Rahman | 4 | 0 | 20 | 3 | 5.00 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Saif Hassan | c Dunith Wellalage b Wanindu Hasaranga | 61 | 45 | 2 | 4 | 135.56 |
| Tanzid Hasan | b Nuwan Thushara | 0 | 2 | 0 | 0 | 0.00 |
| Liton Das | c Pathum Nissanka b Wanindu Hasaranga | 23 | 16 | 3 | 0 | 143.75 |
| Towhid Hridoy | lbw b Dushmantha Chameera | 58 | 37 | 4 | 2 | 156.76 |
| Shamim Hossain | not out | 14 | 12 | 2 | 0 | 116.67 |
| Jaker Ali | b Dasun Shanaka | 9 | 4 | 2 | 0 | 225.00 |
| Mahedi Hasan | c Kusal Mendis b Dasun Shanaka | 0 | 2 | 0 | 0 | 0.00 |
| Nasum Ahmed | not out | 1 | 1 | 0 | 0 | 100.00 |
| Extras | 3 (b 0 , lb 0 , nb 0, w 3, pen 0) |
| Total | 169/6 (19.5 Overs, RR: 8.52) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Nuwan Thushara | 4 | 0 | 42 | 1 | 10.50 | |
| Dushmantha Chameera | 4 | 0 | 25 | 0 | 6.25 | |
| Dunith Wellalage | 4 | 0 | 36 | 0 | 9.00 | |
| Wanindu Hasaranga | 4 | 0 | 22 | 2 | 5.50 | |
| Dasun Shanaka | 2.5 | 0 | 21 | 2 | 8.40 | |
| Kamindu Mendis | 1 | 0 | 16 | 0 | 16.00 | |
ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු සහ දසුන් කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.
ශ්‍රී ලංකාව: Pathum Nissanka, Kusal Mendis(w), Kamil Mishara, Kusal Perera, Charith Asalanka(c), Dasun Shanaka, Kamindu Mendis, Wanindu Hasaranga, Dunith Wellalage, Dushmantha Chameera, Nuwan Thushara
බංග්ලාදේශය: Saif Hassan, Tanzid Hasan Tamim, Litton Das(w/c), Towhid Hridoy, Shamim Hossain, Jaker Ali, Mahedi Hasan, Nasum Ahmed, Taskin Ahmed, Shoriful Islam, Mustafizur Rahman
තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිත මීළඟ තරගය එළඹෙන අඟහරුවාදා (23) පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
ESPN Cricinfo ඇසුරිනි.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















