2025 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගයේ පළමු ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමා වුනා.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක විසින් සමත් වූ අතර තරගයේ පළමුව පන්දු යැවීමට ඔහු තීරණය කළා.
මෙම තරගයේ දී මහීෂ් තීක්ෂණ කණ්ඩායමෙන් පිටත තැබීමට තීරණය කර තිබීම විශේෂත්වයක්.
තරගයේ ආරම්භක පන්දුවාර ද්විත්වය තුළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් වූ නුවන් තුශාර සහ දුශ්මන්ත චමීර බංග්ලාදේශයට එකඳු ලකුණක් හෝ ලබා නොදී කඩුලු 2ක් බිඳ දැමීමට සමත් වුනා.
මේත් සමඟින් ම බංග්ලාදේශ ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය ඉතා දරුණු පසුබෑමකට ලක් වුනා. මින් පසුව කමිල් මිශාරගේ විශිෂ්ට පන්දු රැකීම හමුවේ බංගලි තෙවන කඩුල්ල ද දුවද්දී දැවී යාමක් ලෙස සටහන් වූ අතර, ඉනිමේ ලකුණු 38ක් සම්පූර්ණ වන විට කලකට පසුව පිටියට පිවිසි වනිඳු හසරංග ද සිය කඩුලු දඩයම ආරම්භ කළා.
බංග්ලාදේශ ඉනිමේ කඩුලු 05ක් ලකුණු 53ක් තුළ බිඳ වැටුණේ වනිඳු නැවතත් ක්‍රියාත්මක වීමත් සමඟයි.
කෙසේ වෙතත් මින් පසුව Shamim Hossain සහ Jaker Ali පිටියේ එක් වෙමින්, තරගයේ ස්වභාවය තරමක් වෙනස් කිරීමට සමත් වුනා.
එතැන් පටන් ඔවුන් දෙදෙනා විසින් හොඳ අවබෝධයකින් යුතුව පන්දුවට පහර දෙමින් ඉනිමේ හය වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 86ක් එක් කිරීමට සමත් වුනා.
මෙහි දී Shamim Hossain ලකුණු 42ක් ලබා ගන්නා අතරේ, Jaker Ali ලකුණු 41ක් ලබා ගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටීමට සමත් වුනා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නුවන් තුශාර සහ දුශ්මන්ත චමීර සිය පන්දුවාර 4 තුළ ලකුණු 17 බැගින් ලබා දෙමින් එක් කඩුල්ල බැඟින් බිඳ දැමීමට සමත් වුනා. එමෙන්ම වනිඳු හසරංග ලකුණු 25කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.
නියමිත පන්දුවාර 20 තුළ බංග්ලාදේශය කඩුලු 5ක් දැවී ලකුණු 139ක් ලබා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
මින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ පළමු ඉනිමට පිළිතුරු සැපයීම සඳහා පිටියට පිවිසුණා. මෙහි දී ඉනිමේ ආරම්භක කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 03කට දැවී ගියත් ඉන් අනතුරුව කඩුල්ලේ ස්ථාවර වූ පැතුම් නිස්සංක සහ කමිල් මිශාර දෙවැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 95ක් එක් කිරීමට සමත් වුනා. මෙහි දී පැතුම් පන්දු 34කින් ලකුණු 50ක් ලබා ගැනීමෙන් පසුව දැවී ගිය, නමුත් කමිල් නොදැවී කඩුල්ලේ රැඳී සිටීමට සමත් වුනා.
මින් අනතුරුව කුසල් පෙරේරා සහ දසුන් ශානක කඩුල්ලට පැමිණියත් ඔවුන් වැඩි වේලා පිතිකරණයේ යෙදීමට සමත් වුනේ නැහැ. කෙසේ වෙතත් කමිල් පන්දු 32ක් තුළ ලබා ගත් ලකුණු 46ත් සමඟ ශ්‍රී ලංකාව පන්දුවාර 14 පන්දු 4ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී අදාළ ඉලක්කය හඹා යාමට සමත් වුනා.
ශ්‍රී ලංකා කණ්ඩායම:
Pathum Nissanka, Kusal Mendis(w), Kamil Mishara, Kusal Perera, Charith Asalanka(c), Kamindu Mendis, Dasun Shanaka, Wanindu Hasaranga, Dushmantha Chameera, Matheesha Pathirana, Nuwan Thushara
බංග්ලාදේශ කණ්ඩායම:
Parvez Hossain Emon, Tanzid Hasan Tamim, Litton Das(w/c), Towhid Hridoy, Jaker Ali, Shamim Hossain, Mahedi Hasan, Rishad Hossain, Tanzim Hasan Sakib, Shoriful Islam, Mustafizur Rahman
මේත් සමඟම ශ්‍රී ලංකාව මෙවර ආසියානු කුසලානයේ B කාණ්ඩයේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානය ලබා ගැනීමට සමත් වනවා.
ශ්‍රී ලංකාවේ දෙවැනි තරගය එළඹෙන සඳුදා (16) හොංකොං කණ්ඩායම සමඟ පැවැත්වෙනු ඇති.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
ESPN Cricinfo ඇසුරිනි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Tanzid Hasan | b Nuwan Thushara | 0 | 6 | 0 | 0 | 0.00 |
Parvez Hossain Emon | c Kusal Mendis b Dushmantha Chameera | 0 | 4 | 0 | 0 | 0.00 |
Liton Das | c Kusal Mendis b Wanindu Hasaranga | 28 | 26 | 4 | 0 | 107.69 |
Towhid Hridoy | run out (Kamil Mishara ) | 8 | 9 | 0 | 0 | 88.89 |
Mehidy Hasan Miraz | lbw b Wanindu Hasaranga | 9 | 7 | 1 | 0 | 128.57 |
Jaker Ali | not out | 41 | 34 | 2 | 0 | 120.59 |
Shamim Hossain | not out | 42 | 34 | 3 | 1 | 123.53 |
Extras | 11 (b 2 , lb 3 , nb 0, w 6, pen 0) |
Total | 139/5 (20 Overs, RR: 6.95) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Nuwan Thushara | 4 | 1 | 17 | 1 | 4.25 | |
Dushmantha Chameera | 4 | 1 | 17 | 1 | 4.25 | |
Dasun Shanaka | 3 | 0 | 27 | 0 | 9.00 | |
Matheesha Pathirana | 4 | 0 | 42 | 0 | 10.50 | |
Wanindu Hasaranga | 4 | 0 | 25 | 2 | 6.25 | |
Charith Asalanka | 1 | 0 | 6 | 0 | 6.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | c Shoriful Islam b Mahedi Hasan | 50 | 34 | 6 | 1 | 147.06 |
Kusal Mendis | c Liton Das b Mustafizur Rahman | 3 | 6 | 0 | 0 | 50.00 |
Kamil Mishara | not out | 46 | 32 | 4 | 2 | 143.75 |
Kusal Perera | lbw b Mehidy Hasan Miraz | 9 | 9 | 1 | 0 | 100.00 |
Dasun Shanaka | c Mustafizur Rahman b Tanzim Hasan Sakib | 1 | 3 | 0 | 0 | 33.33 |
Charith Asalanka | not out | 10 | 4 | 0 | 1 | 250.00 |
Extras | 21 (b 0 , lb 5 , nb 0, w 16, pen 0) |
Total | 140/4 (14.4 Overs, RR: 9.55) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Shoriful Islam | 3 | 0 | 26 | 0 | 8.67 | |
Mustafizur Rahman | 3 | 0 | 35 | 1 | 11.67 | |
Tanzim Hasan Sakib | 3 | 0 | 23 | 1 | 7.67 | |
Mahedi Hasan | 4 | 0 | 29 | 2 | 7.25 | |
Rishad Hossain | 1 | 0 | 18 | 0 | 18.00 | |
Shamim Hossain | 0.4 | 0 | 4 | 0 | 10.00 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<