2026 අප්‍රිකානු පාපන්දු කුසලානය වන AFCON තරගාවලියේ ශූරතාව මොරොක්කෝවට ලබා දීමට අප්‍රිකානු පාපන්දු සම්මේලනය විසින් ඊයේ (17) තීරණය කර තිබුණා.
පසුගිය ජනවාරි 19 දින ක්‍රියාත්මක වූ AFCON අවසන් මහා තරගයේ ජය සෙනගාලය විසින් හිමි කර ගැනීමට සමත් වුනේ මොරොක්කෝවට එරෙහිව ගෝල 1-0ක ජයක් වාර්තා කරමිනුයි.
නමුත් මෙම තරගය තුළ කණ්ඩායම් දෙක අතර ඉතා උණුසුම් තත්වයක් නිර්මාණය වූ අතර, තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීම ද අතිරේක කාලය දක්වා ම ඇදී ගියා.
තරග කාල රාමුව:
- මිනිත්තු 90+2: සෙනගාලය විසින් වාර්තා කළ පළමු ගෝලය නොසලකා හැරීම
- මිනිත්තු 90+8: මොරොක්කෝවට විවාදාත්මක දඬුවම් පහරක් හිමි වීම.
- මිනිත්තු 90+12: එම තීරණවලට විරුද්ධ වෙමින් සෙනගාලය ක්‍රීඩා පිටියෙන් ඉවත් වීම.
- මිනිත්තු 90+20: සෙනගාලය නැවත තරග බිමට පැමිණීම.
- මිනිත්තු 90+24: Brahim Diaz විසින් මොරොක්කෝවට හිමි වූ දඬුවම් පහර ව්‍යර්ථ කර ගැනීම.
- අතිරේක කාලය මිනිත්තු 94: Pape Gueye විසින් සෙනගාලය වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරීම.
මෙම සිදුවීම් සමූහයෙන් අනතුරුව සෙනගාලය විසින් අප්‍රිකානු ශූරයින් ලෙස කිරුළු දැරීමට සමත් වූ අතර, මෙහි දී සෙනගාලය නැවතත් ක්‍රීඩා පිටියට රැගෙන ඒම සම්බන්ධයෙන් සුපිරි සෙනගාල ක්‍රීඩක Sadio Mane හට විශේෂ ප්‍රශංසා ද හිමි වුනා.
කෙසේ වෙතත් තරගය පැවැත්වීමෙන් මාස දෙකක කාලයක් ගත වී යන මොහොතේ මෙම ශූරතාව මොරොක්කෝව වෙත පිරිනැමීමට අප්‍රිකානු පාපන්දු බලධාරීන් විසින් තීරණය කර තිබෙනවා.
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මෙහි දී බලධාරීන් විසින් තරගාවලි නීති රීති පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.
“කිසියම් හේතුවක් නිසා කණ්ඩායමක් තරගයෙන් ඉවත් වුව හොත්, තරගයකට වාර්තා නොකළහොත්, තරගයක් ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළ හොත් හෝ තරගය අවසන් වීමට පෙර විනිසුරු අවසරයකින් තොරව ක්‍රීඩා පිටියෙන් ඉවත් වුව හොත් ඔවුන් තරගයේ පරාජිතයින් ලෙස සලකනු ඇති.” යනුවෙන් තරගාවලි නීති සම්පාදනය කර තිබෙනවා.
මේ අනුව AFCON අවසන් මහා තරගයේ දී මොරොක්කෝව විසින් සෙනගාලයට එරෙහිව ගෝල 3-0ක ජයක් ලැබූ බවට සලකනු ඇති බවයි බලධාරීන් සඳහන් කරන්නේ.
මේ අනුව මොරොක්කෝව විසින් 1976 වසරට පසුව අප්‍රිකානු පාපන්දු කුසලානයක් ජය ගැනීමට සමත් වන අතර, සෙනගාලයට මෙවර ශූරතාව අහිමි වී යනු ඇති.
සෙනගාලය විසින් මීට පෙර 2021 වසරේ අප්‍රිකානු පාපන්දු ශූරයින් බවට පත් වීමට සමත් වුනා.
කෙසේ වෙතත් මෙම වසරේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී මෙම කණ්ඩායම් ද්විත්වයම තරග බිමට අවතීර්ණ වීමට නියමිත අතර, නව අප්‍රිකානු ශූරයින් වන මොරොක්කෝව පසුගිය පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලැබීමට සමත් වුනේ එවන් දස්කමක් දැක්වූ පළමු අප්‍රිකානු කණ්ඩායම බවට ද පත් වෙමිනුයි.
දිනෙන් දින උණුසුම් වන පාපන්දු පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>





















