දකුණු පළාත් ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය සහ කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය අතර 5 වැනි වරටත් පැවැති වාර්ෂික සුහද ක්‍රිකට් තරගාවලියේ තරග 2-0ක ලෙසින් ජයග්‍රහණය කිරීමට කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් විනිසුරුවෝ සමත් වුනා.
මෙවර අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගාවලියේ තරග ද්විත්වයේ දී ම සංචාරක කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් විනිසුරුවන්ගේ කණ්ඩායම් සත්කාරක දකුණු පළාත් ක්‍රිකට් විනිසුරුවන්ට එරෙහි ව කඩුලු 9ක ජයග්‍රහණ ලබා ගැනීම කැපී පෙණුනා.
ජෙෂ්ඨයන් ගේ තරගය
මෙම තරගයේ සත්කාරක දකුණු පළාත් විනිසුරුවන්ගේ කණ්ඩායම විරාජ් ද සිල්වා විසින් ද සහ කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් විනිසුරුවන්ගේ කණ්ඩායම සංජීව ප්‍රනාන්දු විසින් ද මෙහෙය වූවා.
එහි දී කාසියේ වාසිය දිනා ගත් දකුණු පළාත් ක්‍රිකට් විනිසුරුවෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 2ක් දැවී ලකුණු 105ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිමේ තවත් පන්දුවාර 2ක් ඉතිරි ව තිබිය දී කඩුල්ලක් පමණක් දැවී අදාළ ඉලක්කය සපුරා ගැනීමට සංචාරක කළුතර ක්‍රිකට් විනිසුරුවෝ සමත් වුනා.
- ශ්‍රී ලංකා A ක්‍රීඩකයන්ට ලකුණු 108ක පරාජයක්
- පවන් සහ සොනාල් ශතක ලබා ගනී
- පවන් සහ සොනාල්ගෙන් සැනසුම් සහගත ඉනිමක්
- ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු සංචිතය නම් කරයි
- කුසල්, පැතුම්, චරිත්, වනිඳු පිනුම් ගැසූ 2024 එක්දින පිටිය
එම තරගයේ දී දකුණු පළාත් ක්‍රිකට් විනිසුරුවන් වෙනුවෙන් ආරම්භක පිතිකරු රංගන ජයසේන පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තා.
ඊට අමතර ව නායක විරාජ් ද සිල්වා පන්දු 10ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 14ක් ලබා සිටිය දී ඉනිම අතර මඟ නතර කළා.
කඩුලු දවා ගැනීමේ දී ඔමාල් චන්ද්‍රෙස්කර කඩුල්ලක් දවා ගත්තා.
පිළිතුරු ඉනිමේ දී ආරම්භක පිතිකරු ඔමාල් චන්ද්‍රසේකර පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 52ක් ලබා ගනිමින් නොදැවී පිටියෙන් ඉවත් වුනා. අනතුරු ව පත්මනාත් පෙරේරා පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 25ක් ද සහ මංජුල කුරේ පන්දු 7කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 14ක් ද ලබා ගත්තා.
ඉනිමේ දැවී ගිය කඩුල්ලේ හිමිකාරීත්වය විරාජ් ද සිල්වා සතු වුනා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
දකුණු පළාත් ක්‍රිකට් විනිසුරුවෝ – කඩුලු 2ක් දැවී 105 (10.0) රංගන ජයසේන 43, රනිල් චාමින්ද 13, පරාක්‍රම වීරසිංහ 13, විරාජ් ද සිල්වා 14, ඔමාල් චන්ද්‍රසේකර 1/21
කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් විනිසුරුවෝ – කඩුල්ලක් දැවී 107 (8.0) ඔමාල් චන්ද්‍රසේකර 52, පත්මනාත් පෙරේරා නොදැවී 25, මංජුල කුරේ නොදැවී 14, විරාජ් ද සිල්වා 1/28
කළුතර ක්‍රිකට් විනිසුරුවන්ට කඩුලු 9ක ජයක්.
- තරගයේ දක්ෂතම පන්දු යවන්නා – ඔමාල් චන්ද්‍රසේකර (කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායම)
- තරගයේ දක්ෂතම පිතිකරු – රංගන ජයසේන (කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායම)
- තරගයේ වීරයා – ඔමාල් චන්ද්‍රසේකර (කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායම)
B කණ්ඩායම් තරගය
තරගයට එක් වූ කළුතර දිස්ත්‍රික් කණ්ඩායමේ නායකත්වය කමිල් ප්‍රනාන්දු විසින් දැරූ අතර සත්කාරක දකුණු පළාත් ක්‍රිකට් විනිසුරුවන්ගේ කණ්ඩායමේ නායකත්වය මධු තරංග විසින් දැරුවා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් විනිසුරුවන්ගේ කණ්ඩායමේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු පළාත් ක්‍රිකට් විනිසුරුවෝ කඩුලු 8ක් දැවී ලකුණු 66ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් විනිසුරුවෝ තවත් පන්දු 16ක් ඉතිරි ව තිබිය දී කඩුල්ලක් පමණක් දැවී යමින් අදාළ ඉලක්කය සපුරා ගත්තා.
මෙම තරගයේ දී දකුණු පළාත් කණ්ඩායම අමාරුවේ දැමීමේ ප්‍රමුඛයා වූයේ චමීර මේනුක යි. ඔහු තම පන්දුවාර 2 ලකුණු 12කට සීමා කරමින් කඩුලු 4ක් දවා ගන්නවා. ඊට අමතර ව තිළිණ ප්‍රනාන්දු, සුපුන් මධුශංක, මනෝජ් චානක සහ කසුන් මධුශංක අතරේ කඩුල්ල බැගින් බෙදී යනවා.
පන්දුවට පහර දීමේ දී දකුණු පළාත් කණ්ඩායම වෙනුවෙන් පැතුම් වික්‍රමාරච්චි පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ද සහ අසංග ද සිල්වා පන්දු 10කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 15ක් ද ලබා ගත්තා.
පිළිතුරු ඉනිමේ දී ආරම්භක පිතිකරුවන් වූ කසුන් මධුශංක සහ සුනෙත් ලක්මාල් පන්දු 34ක දී ලකුණු 56ක සබඳතාවක් එක් කිරීම කැපී පෙණුනා. එහි දී සුනෙත් ලක්මාල් පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගත් අතර කසුන් මධුශංක පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 34ක් ලබා ගත්තා.
ඉනිමේ දැවී ගිය කඩුල්ලේ හිමිකාරීත්වය අකිල ලක්මාල් සතු වුනා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
දකුණු පළාත් ක්‍රිකට් විනිසුරුවන්ගේ B කණ්ඩායම – කඩුලු 8ක් දැවී 66 (10.0) පැතුම් වික්‍රමාරච්චි 15, රුසිත් තරංග 12, අසංග ද සිල්වා නොදැවී 15, චමීර මේනුක 4/12
කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් විනිසුවන්ගේ B කණ්ඩායම – කඩුල්ලක් දැවී 70 (7.2) කසුන් මධුශංක නොදැවී 34, සුනෙත් ලක්මාල් 25, අකිල ලක්මාල් 1/05
කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් විනිසුරුවන්ගේ B කණ්ඩායමට කඩුලු 9ක ජයක්.
- තරගයේ දක්ෂතම පන්දු යවන්නා – තිළිණ ප්‍රනාන්දු (කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායම)
- තරගයේ දක්ෂතම පිතිකරු – කසුන් මධුශංක (කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායම)
- තරගයේ වීරයා – චමීර මේනුක (කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායම)
පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ තරග ද්විත්වය ම පන්දු වාර 10ක තරග ලෙසින් පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු කළ අතර තරගාවලියේ විශේෂ ආරාධිතයන් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති, ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සභාපති රවීන් වික්‍රමරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු උපදේශක ටී. එච්. විජේවර්ධන, ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ ලේකම් උපුල් වැවගේ යන මහත්වරුන් සමඟ තවත් ආරාධිතයන් පරිසක් සහභාගී වුනා.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















