නැගී එන කණ්ඩායම් අතර පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් වීමට ඇෆ්ගනිස්තාන A කණ්ඩායම ඊයේ (27) සමත් වූනා.
ඕමාන් Al Amarat හී පැවැති අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වූ ශ්‍රී ලංකා A කණ්ඩායමට එරෙහි ව කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ඔවුන් මෙම ජයග්‍රහණය සැමරුවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 133ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමේ දී තවත් පන්දු 11ක් සහ කඩුලු 7ක් ඉතිරි ව තිබිය දී ඉලක්කය සපුරා ගැනීමට ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ සමත් වූවා.
මෙම තරගාවලියේ පළමු වටයේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඇෆ්ගනිස්තානය වෙතින් පරාජය පත් වූවා.
ශ්‍රී ලංකා A කණ්ඩායම
නුවනිඳු ප්‍රනාන්දු (නායක), යශෝධ ලංකා, ලහිරු උදාර (කඩුලු රකින්නා), අහන් වික්‍රමසිංහ, සහන් ආරච්චිගේ, පවන් රත්නායක, රමේෂ් මෙන්ඩිස්, දුශාන් හේමන්ත, නිමේෂ් විමුක්ති, නිපුන් රංසික, එශාන් මාලිංග.
ඇෆ්ගනිස්තාන A කණ්ඩායම
Darwish Rasooli (නායක), Zubaid Akbari, Sediqullah Atal, Karim Janat, Mohammad Ishaq, Sharafuddin Ashraf, Shahidullah, AM Ghazanfar, Qais Ahmad, Abdul Rahman, Bilal Sami.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්ත ද ඔවුන්ගේ එම උපාය සාර්ථක වූයේ නැහැ. ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 15ක දී ප්‍රතිවාදීන්ට බිලි වුනා. තරගාවලිය පුරා සාර්ථක පිතිකරුවන් වී සිටි යශෝධ ලංකා (1), ලහිරු උදාර (5), නුවනිඳු ප්‍රනාන්දු (4) සහ අහන් වික්‍රමසිංහ (4) අවශ්‍ය ම තරගයේ දී අඩු ලකුණුවලට දැවී ගියා.
ශ්‍රී ලංකා කණ්ඩායම එලෙසින් අමාරුවේ වැටී සිටිය දී පවන් රත්නායක සහ සහන් ආරච්චිගේ එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 46ක දී ලකුණු 51ක සබඳතාවක් ගොඩ නගනවා. පවන් රත්නායක පන්දු 21ක දී හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා සිටිය දී දුවද්දී දැවී යෑමකට ලක් වෙමින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
අනතුරු ව සහන් ආරච්චිගේ සහ නිමේෂ් විමුක්ති 6 වැනි කඩුල්ලට පන්දු 32ක දී ලකුණු 42ක සබඳතාවක් ගොඩ නගන අතර එම කඩුල්ලේ සබඳතාව ද බිඳ වැටෙන්නේ දුවද්දී දැවී යෑමකිනි. එවර කඩුල්ල පුද දෙන්නේ නිමේෂ් විමුක්ති. ඒ වෙද්දී ඔහු පන්දු 19කට මුහුණ දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා සිටියා.
රමේෂ් මෙන්ඩිස් තමන් මුහුණ දුන් පළමු පන්දුවේ දී ම ඉනිම හැර ගිය අතර ලංකා ඉනිම අවසන් වෙද්දී සහන් ආරච්චිගේ පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 64ක් ද සහ දුශාන් හේමන්ත පන්දු 6ක දී නොදැවී ලකුණු 6ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Bilal Sami ලකුණු 22කට කඩුලු 3ක් ද සහ AM Ghazanfar ලකුණු 14කට කඩුලු 2ක් ද දවා ගත්තා.
- ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන අවසන් තරගයට පෙර
- ශ්‍රී ලංකා සංචාරය සඳහා නවසීලන්ත සංචිතය නම් කරයි
- ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ හොංකොං පරාජය කරයි
- නවසීලන්තය ලෝක ශූර කිරුළ පළඳී
- ශ්‍රී ලංකාව පරදින වෙලේ ප්‍රේක්ෂකයා මිය යයි!
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ පළමු කඩුල්ල ඉනිමේ පළමු පන්දුවේ දී ම දවා ගැනීමට සහන් ආරච්චිගේ සමත් වූවා. නමුත් එතැන් සිට ඉනිමේ පාලනය ඇෆ්ගනිස්තාන කණ්ඩායම සතු වුනා.
එහි දී Sediqullah Atal පෙරමුණ ගත් අතර ඔහු ඉනිම ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 55ක් ලබා සිටියා. මෙම අර්ධ ශතකයත් සමඟින් ඔහු මෙම තරගාවලියේ තමන් සහභාගී වූ ඉනිම 5 දී ම අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූවා.
ඔහු නායක Darwish Rasooli සමඟ 2 වැනි කඩුල්ලට එක් වෙමින් පන්දු 37ක දී ලකුණු 43ක සබඳතාවක් ද, Karim Janat එක් ව 3 වැනි කඩුල්ල සඳහා පන්දු 52ක දී ලකුණු 52ක සබඳතාවක් ද සහ Mohammad Ishaq එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 19ක දී නොදැවුණ ලකුණු 39ක සබඳතාවක් ද එක් කළා.
එහි දී Karim Janat පන්දු 27කට මුහුණ දෙමින් හයේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් ද, Darwish Rasooli පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ද සහ Mohammad Ishaq පන්දු 6කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 16ක් ද ලබා ගත්තා.
පන්දු යැවීමේ දී සහන් ආරච්චිගේ, දුශාන් හේමන්ත සහ ඒශාන් මාලිංග අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකා A කණ්ඩායම – කඩුලු 7ක් දැවී 133 (20.0) පවන් රත්නායක 20, සහන් ආරච්චිගේ නොදැවී 64, නිමේෂ් විමුක්ති 23, AM Ghazanfar 2/14, Bilal Sami 3/22
ඇෆ්ගනිස්තාන A කණ්ඩායම – කඩුලු 3ක් දැවී 134 (18.1) Sediqullah Atal 55, Darwish Rasooli 24, Karim Janat 33, සහන් ආරච්චිගේ 1/08
ඇෆ්ගනිස්තාන A කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
- තරගයේ වීරයා – AM Ghazanfar (ඇෆ්ගනිස්තානය)
- තරගාවලියේ වීරයා – Sediqullah Atal (ඇෆ්ගනිස්තානය)
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<