ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (7) අවසන් වූ අතර එහි දී Moors SC කණ්ඩායම Colts CC කණ්ඩායම පරාජය කරමින් ද සහ SSC කණ්ඩායම CCC කණ්ඩායම පරාජය කරමින් ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
>>පළමු වටයේ අවසන් දිනයට ශතක 5ක්
1 වැනි අවසන් පූර්ව තරගය, CCC සහ SSC අතර තරගය, NCC ක්‍රීඩාංගණයේදී
කාසියේ වාසිය – SSC
කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි SSC ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 336ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි CCC ක්‍රීඩකයෝ තරගය අවසන් වෙද්දී කඩුලු 9ක් දැවී ලබා සිටියේ ලකුනු 330ක් පමණයි. පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ තරගය 49 වැනි පන්දුවාරයේ දී අවසන් කෙරුණ අතර ඒ වෙද්දී තරගයේ ජයග්‍රහණය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ගණනය කෙරුණ අතර ඒ අනුව SSC කණ්ඩායමට ලකුණක ජයග්‍රහණයක් හිමි වුණා.
SSC කණ්ඩායම
අවිශ්ක ප්‍රනාන්දු (නායක), රොන් චන්ද්‍රගුප්ත, නුවනිඳු ප්‍රනාන්දු, නිපුන් ධනංජය, විශාද් රන්දික (කඩුලු රකින්නා), රනුද සෝමරත්න, ප්‍රභාත් ජයසූරිය, දිනරු කළුපහන, ප්‍රමෝද් මදුශාන්, මිහිරංග සිල්වා සහ කවිඳු නදීශාන්.
CCC කණ්ඩායම
සොනාල් දිනූෂ (නායක), නිශාන් මදුශ්ක, ලසිත් කෲස්පුල්ලේ, අංජල බණ්ඩාර (කඩුලු රකින්නා), ධනංජය ද සිල්වා, සහන් කෝසල, අශේන් බණ්ඩාර, චමිඳු විජේසිංහ, දිලුම් සුදීර, විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු.
පළමුවෙන් පන්දුවට පහර දුන් SSC කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සහ නිපුන් ධනංජය ශතක ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනා. එහි දී අවිශ්ක ප්‍රනාන්දු පන්දු 129කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 160ක් ලබා ගත්තා.
නිපුන් ධනංජය ඉනිම අවසන් වෙද්දී පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 101ක් ලබා සිටියා.
ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 183ක දී ලකුණු 202ක සබඳතාවක් ද එක් කරනවා.
කඩුලු දවා ගැනීමේ දී විශ්ව ප්‍රනාන්දු ලකුණු 57කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව චමිඳු විජේසිංහ කඩුල්ලක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි CCC ඉනිම වෙනුවෙන් නිශාන් මදුශ්ක ශතයක් වාර්තා කළ අතර ඊට අමතර ව ලසිත් කෲස්පුල්ලේ සහ ධනංජය ද සිල්වා අර්ධ ශතක වාර්තා කළා.
ඉනිම ආරම්භ කළ නිශාන් මදුශ්ක පන්දු 132කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 148ක් ලබා ගත් අතර ලසිත් කෲස්පුල්ලේ පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 67ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව එම කඩුල්ලට පන්දු 111ක දී ලකුණු 129ක සබඳතාවක් ද ගොඩ නගනවා.
ඔවුන් දෙදෙනා ට අමතර ව ධනංජය ද සිල්වා පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තා. ඔහු සහ නිශාන් මදුශ්ක එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 137ක දී ලකුණු 142ක සබඳතාවක් ගොඩ නගනවා.
කඩුලු දවා ගැනීමේ දී ප්‍රභාත් ජයසූරිය, නිපුන් ධනංජය සහ මිහිරංග සිල්වා කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- SSC – කඩුලු 4ක්දැවී 336(50.0) අවිශ්ක ප්‍රනාන්දු 160, නුවනිඳු ප්‍රනාන්දු 21, නිපුන් ධනංජය නොදැවී 101, රනුද සෝමරත්න නොදැවී 29, විශ්ව ප්‍රනාන්දු 3/57
- CCC – කඩුලු 9ක්දැවී 330(49.0) නිශාන් මදුශ්ක 148, ලසිත් කෲස්පුල්ලේ 67, ධනංජය ද සිල්වා 58, අශේන් බණ්ඩාර 37, මිහිරංග සිල්වා 2/62, ප්‍රභාත් ජයසූරිය 2/57, නිපුන් ධනංජය 2/60
SSC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණක ජයක්.
- Major Club කාන්තා ශූරතාව Baduraliya ට
- සොහාන්, හිරාන්, මුදිත, පවන් සහ ශානික්‍ය මංගල අර්ධ ශතක වාර්තා කරයි
- රචින්ත, වියස්කාන්ත් සහ සචිඳු හොඳම පන්දු යැවීම් වාර්තා කරයි
- ශ්‍රී ලංකාව, තුන්කොන් තරගාවලියකට පාකිස්තානයට
2 වැනි අවසන් පූර්ව තරගය, Moors SC සහ Colts CC කණ්ඩායම් අතරකොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේදී
කාසියේ වාසිය – Colts CC
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Moors SC ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 344ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Colts CC කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 293ක් පමණයි. ඒ අනුව එම ඉනිම අවසන් වීමට තවත් පන්දු 17ක් තිබිය දී Moors SC කණ්ඩායමට ලකුණු 51ක ජයග්‍රහණයක් හිමි වෙනවා.
Moors SC කණ්ඩායම
පසිඳු සූරියබණ්ඩාර (නායක), සිතාර ගිම්හාන්, සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), සදීර සමරවික්‍රම, ජනිශ්ක පෙරේරා, රමේෂ් මෙන්ඩිස්, මල්ෂ තරුපති, මිලාන් රත්නායක, ශිරාන් ප්‍රනාන්දු, සන්තුශ් ගුණතිලක සහ ඉඳුවර උදේන.
Colts CC කණ්ඩායම
අකිල දනංජය (නායක), හිරාන් ජයසුන්දර (කඩුලු රකින්නා), සංගිත් කුරේ, දිනේෂ් චන්දිමාල්, ධනංජය ලක්ෂාන්, ඇන්ජලෝ මැතිව්ස්, මුදිත ලක්ෂාන්, නිපුන් රංසික, කවිජ ගමගේ, සහන් මිහිර සහ ශ්‍යාම්සුන්දර් ක්‍රිෂ්ණශ්‍රීරාම්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Moors SC කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක 4ක් වාර්තා වීම කැපී පෙණුනා. ඒ අතුරින් වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු සිතාර ගිම්හාන්.
ඔහු ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 92ක් ලබා ගත්තා.
ඒ අතර ඔහු සෙහාන් ද ලිවේරා හා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 114ක දී ලකුණු 118ක සබඳතාවක් ද සහ සදීර සමරවික්‍රම හා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 47ක දී ලකුණු 43ක සබඳතාවක් ද ගොඩ නගනවා.
සොහාන් ද ලිවේරා 2 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 59ක් ලබා සිටි අතර සදීර සමරවික්‍රම ඉනිමේ සිව් වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 64ක් ලබා සිටියා.
ඔහු ජනිශ්ක පෙරේරා හා එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 67ක දී ලකුණු 75ක සබඳතාවක් ගොඩ නගන අතර ජනිශ්ක පෙරේරා ඉනිමේ 7 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 59ක් ලබා සිටියා.
ඔවුන්ට අමතර ව රමේෂ් මෙන්ඩිස් පන්දු 13ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී නිපුන් රංසික සහ ශ්‍යාම්සුන්දර ක්‍රිෂ්ණශ්‍රීරාම් කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Colts CC ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස්, මුදිත ලක්ෂාන් සහ සංගීත් කුරේ අර්ධ ශතක ලබා ගත්තා. එහි දී ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ඇන්ජලෝ මැතිව්ස්. ඔහු පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 89ක් ලබා ගත්තා.
ඔහු මුදිත ලක්ෂාන් හා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 93ක දී ලකුණු 98ක සබඳතාවක් ද ගොඩ නගනවා. එහි දී මුදිත ලක්ෂාන් පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තා.
ඊට අමතර ව ඉනිම ආරම්භ කළ සංගීත් කුරේ පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 50ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී ශිරාන් ප්‍රනාන්දු ලකුණු 67කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව රමේෂ් මෙන්ඩිස්, ඉඳුවර උදේන සහ මල්ෂ තරුපති කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Moors SC – කඩුලු 7ක් දැවි 344(50.0)සිතාර ගිම්හාන් 92, සොහාන් ද ලිවේරා 59, සදීර සමරවික්‍රම 64, ජනිශ්ක පෙරේරා 59, රමේෂ් මෙන්ඩිස් 25, නිපුන් රංසික 2/39, ශ්‍යාම්සුන්දර් ක්‍රිශ්ණශ්‍රීරාම් 2/61
- Colts CC – සියලුම දෙනාදැවී293 (47.1) හිරාන් ජයසුන්දර 27, සංගීත් කුරේ 50, ඇන්ජලෝ මැතිව්ස් 89, මුදිත ලක්ෂාන් 52, රමේෂ් මෙන්ඩිස් 2/32, ශිරාන් ප්‍රනාන්දු 3/67, ඉඳුවර උදේන 2/41, මල්ෂ තරුපති 2/44
Moors SC කණ්ඩායමට ලකුණු 51ක ජයක්.
Moors SC සහ SSC කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් මහා තරගය මේ මස 11 වැනිදා දිවා/රාත්‍රී තරගයක් ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
Major Club එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.














