ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගවල Colts CC කණ්ඩායමේ ශලින් ද මෙල් සහ රන්දුනු ගංගනාත් ආරම්භක කඩුල්ලට පන්දු 171ක දී ලකුණු 145ක සබඳතාවක් එක් කරනවා.
එහි දී ශලින් ද මෙල් එම සබඳතාව බිඳ දමමින් දැවී යද්දී පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණ 85ක් ලබා සිටියා. රන්දුනු ගංගනාත් ඉනිම අවසන් වෙද්දී පන්දු 95කට මුහුණ දෙමින් හතරෙ පහර 4ක් සමඟින් නොදැවි ලකුණු 69ක් ලබා සිටියා.
මේ අතර පැවැති තරගවල දී Ace Capital CC කණ්ඩායමේ තිසර ඒකනායක (54) සහ පවන්ත වීරසිංහ (60), Tamil Union C & AC කණ්ඩායමේ තනුක දාබරේ (65), Police SC කණ්ඩායමේ කිත්ම විතානපතිරණ (52), Bloomfield C & AC කණ්ඩායමේ ජනිත් ලියනගේ (52) සහ රවිඳු ප්‍රනාන්දු (69), BRC කණ්ඩායමේ පවන් සංදේශ් (57), NCC කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල (53), ලහිරු උදාර (84) සහ සහන් ආරච්චිගේ (72) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
- සොනාල්, සූරි සහ කමිඳු අසාර්ථක ඉනිම් දීප්තිමත් කරයි
- කමිල් මිෂාර T20 වාර්තා පොත් අලුත් කරයි
- එරාන් වික්‍රමරත්න ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව නම් කරයි!
- 23න් පහළ අවසන් පූර්ව වටයට කණ්ඩායම් වෙන් වෙයි
- පියයුරු පිළිකාවට එරෙහි ජාතික හඬක් බවට පත් වන ක්‍රිකට් තරගය LPL Pink Match
අද දින අවසන් වූ තරගවල කෙටි ලකුණු පුවරු
Moors SC සහ Ace Capital CC අතර තරගය, කොළඹ Moors ක්‍රීඩාංගණයේ දී.
- Ace Capital CC – කඩුලු 9ක් දැවී 251 (50.0) තිසර ඒකනායක 54, පවන්ත වීරසිංහ 60, පවන් පතිරාජ 29, සංතුශ් ගුණතිලක 4/34, ශිරාන් ප්‍රනාන්දු 3/42
- Moors SC – සියලුම දෙනා දැවී 207 (46.5) පසිඳු සූරියබණ්ඩාර 22, සොහාන් ද ලිවේරා 35, රමේෂ් මෙන්ඩිස් 48, මිලාන් රත්නායක 28, චාමික හීනටිගල 4/36
Ace Capital CC කණ්ඩායමට ලකුණු 44ක ජයක්.
Nugegoda S & WC සහ Tamil Union C & AC අතර තරගය, කොළඹ P. Sara Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Nugegoda S & WC – කඩුලු 8ක් දැවී 215 (50.0) ලහිරු දවටගේ 33, දසිස් මංචනායක 25, ජනෙත් කෞශාල් 35, නිමේෂ් විමුක්ති 35, සචිඳු කොළඹගේ නොදැවී 25, සම්පත් නිස්සංක නොදැවි 23, විජයකාන්ත් වියස්කාන්ත් 3/45
- Tamil Union C & AC – කඩුලු 7ක් දැවී 218 (30.0) තනුක දාබරේ 65, සිනෙත් ජයවර්ධන 42, සචිර වැලිවත්ත 35, ශාරුජන් ශන්මුගනාදන් 46, සම්මු අශාන් 2/66, සම්පත් නිස්සංක 3/52
Tamil Union C & AC කණ්ඩායමට කඩුලු 3ක ජයක්.
Police SC සහ Bloomfield C & AC අතර තරගය, කොළඹ Police SC ක්‍රීඩාංගණයේ දී.
- Police SC – සියලුම දෙනා දැවි 251 (48.4.0) තිලකරත්න සම්පත් 36, ධනුජ ඉඳුවර 37, කිත්ම විතානපතිරණ 52, භානුක රාජපක්ෂ 26, දුශාන් හේමන්ත 35, නිපුන් ප්‍රේමරත්න 20, එශාන් මාලිංග 2/64, කවීෂ පියුමාල් 3/35, තරින්ද නිර්මාල් 4/31
- Bloomfield C & AC – කඩුලු 8ක් දැවී 252 (48.1) අසිත වන්නිනායක 25, පැතුම් රත්නායක 23, ජනිත් ලියනගේ 52, රවිඳු ප්‍රනාන්දු 69, ශානික්‍ය දේශප්‍රිය 24, සුපුන් ප්‍රනාන්දු 2/36, තිලකරත්න සම්පත් 3/37, දුශාන් හේමන්ත 2/63
Bloomfield C & AC කණ්ඩායමට කඩුලු 2ක ජයක්.
Baduraliaya SC සහ NCC අතර තරගය, මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- NCC – කඩුලු 4ක් දැවී 254 (45.0) නිරෝෂන් දික්වැල්ල 53, ලහිරු කුමාර 84, සහන් ආරච්චිගේ 72, චාමික කරුණාරත්න 37, අලංකාර අසංක 2/28,
- Baduraliaya SC – සියලුම දෙනා දැවී 147 (36.4) කූජන පෙරේරා 47, කේශර නුවන්ත 35, රොහාන් සංජය 21, ශක්ති උදාර 4/29, සෙනිත හැළඹගේ 2/49, දිනෙත් ගුණවර්ධන 3/13
NCC කණ්ඩායමට ලකුණු 107ක ජයක්.
Colts සහ BRC අතර තරගය, කොළඹ Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- BRC – සියලුම දෙනා දැවී 184 (40.0) තරුෂ්ක ආර්ශල් 29, පවන් සංදේශ් 57, මොවින් සුබසිංහ 37, ඩිල්ශාන් මදුශංක 3/38, අකිල දනංජය 3/34
- Colts – කඩුලු 2ක් දැවී 185 (35.2) ශලින් ද මෙල් 85, රංදුනු ගංගනාත් නොදැවි 69, කවිජ ගමගේ 26
Colts කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
Major Club එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















