WATCH – “තරගයේ ප්‍රතිඵලයක් ගන්න තවම කාලය තියෙනවා” – ශ්‍රී ලංකා දඟපන්දු පුහුණුකරු

4524

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරගයක් ලෙස ගාල්ලේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද (23) නිමා වුනා. අයහපත් කාලගුණ තත්වය නිසාවෙන් අද දිනය සඳහා තරගය නවතා දමන විට කොදෙව් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 224ක් ලබාගෙන සිටියා. තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා දඟපන්දු යවන පුහුණුකරු පියල් විජේතුංග මෙසේ සිය අදහස් පවසා සිටියා.