සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය හෙට (24) ආරම්භ වන අතර එහි පළමු ටෙස්ට් තරගය බ්‍රිස්බේන් නුවර සුප්‍රසිද්ධ ගැබා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
ශතක දෙකේ වීරයා ශ්‍රී ලංකාවට හිසරදයක් වන ලකුණු!
කර්ටිස් පැටර්සන්, මීට දින කිහිපයකට පෙර නිමාවුණු සිංහ – කැන්ගරු තෙදින පුහුණු තරගය ගැන..
මුහුණට මුහුණ

ප්‍රහාරාත්මක තරු
දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ උපනායකත්වය දරණ ඔහු ජාත්‍යන්තර පන්දු යවන්නන් හමුවේ ශතක 8ක් සහ අර්ධ ශතක 21ක් ලබාගෙන ඇත. එසේම ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 181ක් ලබාගෙන ඇත්තේ තරග 6කට පමණක් සහභාගී වෙමින්. ඒ අතරට එක් අර්ධ ශතකයක් ඇතුළත්.
උස්මාන් කවාජා

කවාජා ටෙස්ට් ශතක 7කින් සහ අර්ධ ශතක 14කින් ජාත්‍යන්තර පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත. ටෙස්ට් ක්‍රිකට් දිවියේ වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස ලකුණු 174ක් ලබාගෙන සිටින ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 4ක දී ලකුණු 115ක් ලබාගෙන තිබෙන්නේ 20කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.
දිමුත් වසරේ ටෙස්ට් කණ්ඩායමට!
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) වසරේ ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් අද (22) නිවේදනය…
දිනේෂ් චන්දිමාල්

ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක වී වේගවත් පිතිකරණ විලාසයකට ඉක්මනින්ම මාරු වීමට හැකියාව ඇති සුවිශේෂී ක්‍රීඩකයෙක් ලෙස ද චන්දිමාල් හඳුන්වන්න පුළුවන්. තවද ඕස්ට්‍රේලියාවට එරෙහිව 48කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගැනීමට චන්දිමාල්ට හැකිව ඇත.
Photo Album : Sri Lanka training session ahead of ‘Gabba’ Day & Night Test match
මැට් රෙන්ශෝ

වමතින් පිත්ත හසුරුවන ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් පිතිකරණයේ නිරත වේ යැයි අපේක්ෂා කිරීමට හැකි අතර ශ්‍රී ලංකාවට එරෙහිව තවමත් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට මොහුට වරම් ලැබී නොමැත.
යලිත් වරක් අංක එකේ විනිසුරු වූ ‘උනන්දුවා’
පසුගිය වසර පුරාවට ලෝක ක්‍රිකට් පිටියේ විශිෂ්ට දස්කම් පෑ ක්‍රීඩකයින් මෙන්ම ක්‍රීඩාවේ ජීවගුණය..
ප්‍රබල පන්දු යවන්නන්
සුරංග ලක්මාල්

ලක්මාල් ජාත්‍යන්තර ටෙස්ට් තරග 54ක දී කඩුලු 126ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දු වාරයකට දල වශයෙන් 3.17ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන් හට ලබා දී ඇත. ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 49.30ක්.
පැට් කමින්ග්ස්

කමින්ග්ස් එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දල වශයෙන් 2.87ක පමණ ලකුණු ලබා දීමක් සිදු කර ඇත. දකුණතින් වේගපන්දු යවන මේ ක්‍රීඩකයාගේ එක් ඉනිමක හොඳම ටෙස්ට් පන්දු යැවීමේ ලෙස සටහන්ව ඇත්තේ ලකුණු 27කට කඩුලු 6ක් ලෙසයි.
අවිශ්ක, කමේෂ් හා මුදිත ශතක ලාභීන් බවට පත්වේ
පාසල් ක්‍රිකට් පිටියේ චමත්කාරම හා තරගකාරීම වයස් කාණ්ඩය වන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ…
ලහිරු කුමාර

ලහිරු ජාත්‍යන්තර ටෙස්ට් තරග 14ක දී කඩුලු 49ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දු වාරයකට දල වශයෙන් 3.96ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබා දී ඇත. තවමත් වයස අවුරුදු 21ක් වන මොහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් ගවේෂණය කරන ක්‍රීඩකයෙක් ලෙස ද හඳුන්වා දෙන්න පුළුවන්.
නේතන් ලයන්

බ්‍රිස්බේන් තණතීරුව පිටිය හා කාලගුණ තත්ත්වය
ප්‍රේක්ෂකයින් 37,000කට පමණ අසුන් ගත හැකි මෙහි 2017 වර්ෂයේ නොවැම්බර් මාසයට පසුව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව වන්නේ මෙයයි. මෙම තණතීරු මත ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් පවත්වා තිබෙන අතර එම තරග දෙකෙන් එක් තරගයක් ශ්‍රී ලංකාව පරාජය වී ඇති අතර අනෙක් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.
යම්හෙයකින් මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, පළමුව පන්දුවට පහර දීම වඩාත් සුදුසුයි.
දිවා/රාත්‍රි ටෙස්ට් තරගයක් වන මේ තරගයේ දී ප්‍රබල සාධකයක් විය හැකි කාලගුණ තත්ත්වය පිරික්සා බැලූ විට, පළමු ටෙස්ට් තරගය පුරාවටම පැහැදිලි අහසක් දිස්වනු ඇත. පැයට කිලෝමීටර් 09 – 23 දක්වා සුළඟේ වේගය විචලනය විය හැකි අතර 27°C – 34°C වැනි පරාසයක උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකි.
වර්තමාන තත්ත්වය
ඕස්ට්‍රේලියා කණ්ඩායම දැනට ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව තරමක් පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර ඕස්ට්‍රේලියාව දැනට (ජනවාරි 23) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 5 වන ස්ථානයේ පසුවේ. ඔවුන් ලකුණු 4143ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 101ක් ද සමඟයි. ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීමේ 6 වන ස්ථානයේ පසුවන්නේ ලකුණු 4103ක් හා ප්‍රසාද ලකුණු 91ක් සමඟිනි.
අවසන් නිගමනය

දෙපිලේ අවසන් ටෙස්ට් තරග පහේ ප්‍රතිඵල
- ශ්‍රී ලංකාව – L, D, L, L, L,
- ඕස්ට්‍රේලියාව – D, L, W, L, D
(*අවසන් වරට ක්‍රීඩා කර තරගය පළමුව සටහන් කර ඇත. W – ජයග්‍රහණයන්, L – පරාජයන්, D – ජය පරාජයෙන් තොර)
පළමු ටෙස්ට් තරගයට අපේක්ෂිත කණ්ඩායම්
ශ්‍රී ලංකාව – දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, රොෂේන් සිල්වා, කුසල් ජනිත්, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, කසුන් රාජිත, ලහිරු කුමාර.
ඕස්ට්‍රේලියාව – ටිම් පේන් (නායක), මාර්කස් හැරිස්, උස්මාන් කවාජා, කර්ටිස් පැටර්සන්, මැට් රෙන්ශෝ, ජෝ බර්න්ස්, පැට් කමින්ග්ස්, ට්‍රැවිස් හෙඩ්, නේතන් ලයන්, ජේ රිචඩ්සන්, මිචෙල් ස්ටාර්ක්,
ටෙස්ට් තරග කාලසටහන
- පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය – ජනවාරි 24 – 28 – බ්‍රිස්බේන් හිදී (දිවා/රාත්‍රී) (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 8.30ට)
- දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය – පෙබරවාරි 1 සිට 5 දක්වා – කැන්බරා හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5.00ට)
තරගාවලියේ සියලුම තොරතුරු, එසැණ පුවත්, තරග සේයා රූ හා විශේෂ වීඩියෝ ඇතුළු තවත් දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<























