Asanka & Asanka | Special Xmas edition 004

461

“අසංක සහ අසංක” සිව්වැනි වැඩසටහනින්, සීතල දෙසැම්බරයේ සිව්වන සතියේ කෙලිබිමේ උණුසුම් තතුවිත්ති ඔබ වෙත ගෙන එයි.

පසුගිය 19 වැනිදා ටාජ් සමුද්‍රා හෝටලයේදී ඩයලොග් ආයතනයේ අනුග්‍රහයෙන් පැවති ජාතික ක්‍රිකට් සම්මාන උළෙලෙන්, දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් 60 අධික පිරිසකට සම්මාන ලබාදී ඔවුන්ව දිරිමත් කිරීමක් සිදු කලා.

දකුණු අප්‍රිකාවට එන්න කියලා කල ආරාධනාව පිළිගත් ‍ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, දකුණු අප්‍රිකානු ආරාධිත පිල සමඟ පැවැති පුහුණු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කිරීමට සමත් වුනා.

ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ පළමු අදියරේ අවසන් සතියේදී, මහනුවර කණ්ඩායම විසින් හැව්ලොක් කණ්ඩායම පරාජය කරද්දී, CH&FC කණ්ඩායමට CR&FC කණ්ඩායමෙන් නත්තල් තෑගි ලැබුනා.