කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර 96 වැනි වරටත් පැවැත්වෙන සුලෝහිත සංග්රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනය සම්පූර්ණයෙන් ම තමන් සතු කර ගත් ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට අවසන් කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 325ක් ලබා සිටියා.
96 වැනි සුලෝහිත සංග්‍රාමයට කඳවුරු බඳියි
එම ඉනිමේ දී ආරම්භක පිතිකරු නෙතුල් එදිරිමාන්න පන්දු 252කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 150ක් ලබා ගත්තා. ඔහු තම අර්ධ ශතකය තමන් මුහුණ දුන් 80 වැනි පන්දුවේ දී ද, ශතක 197 වැනි පන්දුවේ දී සහ 150 වැනි ලකුණු 252 වැනි පන්දුවේ දී ද වාර්තා කරනවා.
ඔහුගේ මෙම ඉනිමේ පළමු කඩඉම් ද්විත්වය ම වාර්තා කරන්නේ හතරේ පහර එල්ල කරමින් වීම විශේෂත්වයක් වන අතර එම අවස්ථා ද්විත්වයේ දී ම පන්දු යැවීමේ නිරත වූයේ ප්‍රතිවාදී නායක ඔසඳ හෙට්ටිආරච්චි වූ අතර ඔහුගේ 150 වැනි ලකුණු ද වාර්තා වෙන්නේ ඔහුගේ පන්දුවකට ම වීම විශේෂත්වයක්.
කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ආනන්ද විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායමට හිමි කර ගත්තා.
ආනන්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
කිත්ම විදානපතිරණ (නායක), නෙතුල් එදිරිමාන්න, දනිඳු සෙල්ලප්පෙරුම, හිමිර කුඩාගම, ශාරද ජයරත්න, ඔවින් පෙරේරා, රශාන් විජේරත්න, ආශිංස නයිනායක, දසිත් බටුගහගේ, ලිත්ම පෙරේරා සහ චමත්ක ඉරුශ.
නාලන්දා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
ඔසඳ හෙට්ටිආරච්චි (නායක), නෙමිඳු අක්මීමන, සන්තුල් විජේරත්න, ගෙවිඳු මනම්පේරි, හසිත් රත්නායක, මල්ෂ ප්‍රනාන්දු, මිහින් සොයිසා, නඳුන් ජයලත්, මෙතුක පෙරේරා, දුනිත් අනුසාර සහ රන්මිත් සේනාරත්න.
මෙම තරගයේ දී ආනන්ද ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ නෙතුල් එදිරිමාන්න සහ දනිඳු සෙල්ලපෙරුම තම කණ්ඩායමට ආනන්දනීය ආරම්භයක් අරන් දුන්නා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 67ක සබඳතාවක් එක් කරනවා.
එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ දනිඳු සෙල්ලප්පෙරුම ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී දනිඳු සෙල්ලපෙරුම පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 33ක් ලබා සිටියා.
අනතුරු ව පිටියට එක් වූ හිමිර කුඩාගම දුවද්දී දැවී යෑමකට ගොදුරු වෙමින් ඉනිම හැර යද්දී පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියා. ඔහු දැවී යන විට නෙතුල් එදිරිමාන්න හා එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 40ක සබඳතාවක් එක් කරනවා.
එම දැවී යෑමෙන් අනතුරු ව ආනන්ද ඉනිමට තවත් ලකුණු 18ක් එක් වෙද්දී නාලන්දා විද්‍යාලයීය ක්‍රීඩකයෝ දිනයේ ලැබූ එක ම සහනදායි සතුට විඳ ගත්තා. ඒ ආනන්ද විද්‍යාලයීය නායක කිත්ම විදානපතිරණ ලකුණු 2කට දවා ගනිමිනුයි. ඒ වෙද්දී ඔහු මුහුණ දී සිටියේ පන්දු 6කට පමණයි.
- සියලු බලාපොරොත්තු නිමයි; ශ්‍රී ලංකාව නවසීලන්තය හමුවේ අන්ත අසරණ වෙයි
- ශ්‍රී ලංකා – ඇෆ්ගන් ක්‍රිකට් තරගාවලියට දින නියම වෙයි
- දිමන්ත සහ ශාරද දක්ෂතා දක්වයි
- SSC උසස් විමක් ලබා ගනිමින් Tier B තරගාවලිය අවසන් කරයි
එපමණකි, ඉන් අනතුරු ව නැවතත් සිව් වැනි කඩුල්ලේ දී ලකුණු 61ක සබඳතාවක් එක් කිරීමට නෙතුල් එදිරිමාන්න සහ ශාරද ජයරත්න සමත් වෙනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ ශාරද ජයරත්න පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 53කට දැවී යෑමත් සමඟිනුයි.
තරගය පළමු දිනයට නතර කරන විට නෙතුල් එදිරිමාන්න සමඟින් අනෙක් අන්තයෙන් පිටියේ රැඳී සිටි රශාන් විජේරත්න පන්දු 7කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 8ක් ලබා සිටියා.
පන්දු යැවීමේ දී නාලන්දා විද්‍යාලයීය නායක ඔසඳ හෙට්ටිආරච්චි ලකුණු 60කට කඩුලු 2ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව හසිත් රත්නායක සහ දුනිත අනුරාධ කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ආනන්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම- පළමු ඉනිම කඩුලු 5ක් දැවී 325 (88.0) නෙතුල් එදිරිමාන්න නොදැවී 150, දනිඳු සෙල්ලපෙරුම 33, හිමිර කුඩාගම 24, ශාරද ජයරත්න 38, ඔවින් පෙරේරා 53, ඔෂඳ හෙට්ටිආරච්චි 2/60
මෙම තරගය හෙට (28) 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
මෙම තරගයේ සජීවී දසුන් Dialog TV Channel 126 ඔස්සේ ThePapare 1, ThePapare.com සහ Dialog Play app ඔස්සේ නැරඹීමට ඔබට අවස්ථාව උදාකර ඇත.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















