93 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ තෙවැනි දිනය ඊයේ (10) සාර්ථකව නිමාවට පත් වුනා.
ගෙවී ගිය මුල් දෙදින තුළ ක්‍රියාත්මක වූ ඉසව් රැසක දී නව තරග වාර්තා බිහි වූ සේම ඊයේ දිනය තුළ ද ක්‍රීඩක, ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ම තම ඉසව්වලින් නව තරග වාර්තා බිහි කරමින් මෙවර ක්‍රීඩා උළෙලේ තරගකාරීත්වය මොනවට පිළිබිඹු කිරීමට සමත් වුනා.
එමෙන්ම ඊයේ දිනයේ දී සහය ඉසව්වල අවසන් තරග කිහිපයක් ද ක්‍රියාත්මක වුනා.
ඊයේ දිනයේ කාන්තා 16න් පහළ තුන් පිම්ම ඉසව්වේ අවසන් තරගයට සහභාගී වූ K.A.D.සනුලි පෙරේරා විසින් මීටර් 12.02ක දක්ෂතාවක් සමඟ නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා.
මේ අතර 16න් පහළ පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කළ තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලයේ දිනුක තිනේශ් විසින් තත්පර 49.67ක තරග නිමි කාලයක් සමඟ තවත් නව තරග වාර්තාවක් බිහි කිරීමට සමත් වුනා.
මේ අතර ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනයේ දී 20න් පහළ පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ තරග වාර්තාව අලුත් කිරීමට සමත් වූ අඹගමුව මධ්‍ය විද්‍යාලයේ අයෝමාල් අකලංක විසින් ඊයේ දිනයේ දී එම වයස් කාණ්ඩයේ ම මීටර් 400 ඉසව්වේ තරග වාර්තාව ද වෙනස් කිරීමට සමත් වුනේ තත්පර 46.59ක තරග නිමි කාලයක් ද සමඟිනුයි.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මේ අතර කාන්තා 16න් පහළ මීටර් 100×4 සහය දිවීම ඉසව්ව ජය ගැනීමට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට හැකි වූ අතර, මෙහි දී ඔවුන් ද නව තරග වාර්තාවක් කරා යාමට සමත් වුනේ තත්පර 49.91ක ධාවන කාලයක් සමඟයි.
එමෙන්ම 18න් පහළ කාන්තා 100×4 ඉසව්වේ තරග වාර්තාව ද ඊයේ වෙනස් වූ අතර, තත්පර 48.19ක තරග නිමි කාලයක් සමඟ එම වාර්තාව තමන් සතු කර ගැනීමට වත්තල ලයිසියම් විද්‍යාලයේ ක්‍රීඩිකාවන් සමත් වුනා.
ඊයේ දිනයට නියමිත මලල ක්‍රීඩා ඉසව් වාර්තා කිහිපයක් ද සමඟින් එසේ අවසන් වූ අතර, ක්‍රීඩා උළෙලේ අවසන් දිනය අද (11) ක්‍රියාත්මක වීමට නියමිතයි.
එම තරග තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<