Home Sinhala රන් සටන මන්දගාමී වෙමින් විසඳුමක් නැති වෙයි

රන් සටන මන්දගාමී වෙමින් විසඳුමක් නැති වෙයි

73rd Battle of the Golds

147
73rd Battle of the Golds

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු විද්‍යාලය අතර 73 වැනි වරටත් පැවැති “රන් සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (30) විසඳුමකින් තොරව අවසන් වුනා. ඒ අනුව මෙම තරගය රන් සටන් ඉතිහාසයට එක් වෙන්නේ විසඳුමකින් තොරව අවසන් වූ 58 වැනි තරගය ලෙසයි.

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් මොරටු විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 87ක් ලබා ගත් ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී සුමංගල විද්‍යාලයීය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 144ක් ලබා ගත්තා.

ලකුණු 57ක් පසු පසින් සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි මොරටු විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගයේ 2 වැනි දිනය අවසන් කරන්නේ කඩුලු 4ක් දැවී ලකුණු 87ක් ලබා ගනිමින්. එලෙසින් ආරම්භ වූ තරගයේ 3 වැනි දිනය වූ අද දවස පුරා පිතිකරණයේ යෙදී සිටීමට ඔවුන් සමත් වෙනවා.

ඒ අනුව දවසේ නිමා වූ පන්දුවාර 83ක දී ඔවුන් ලබා ගන්නේ ලකුණු 130ක් පමණයි. එහි ලකුණු ලබා ගැනීමේ වේගය පන්දුවාරයකට 1.49ක් ලෙසිනුයි දැක් වෙන්නේ. තරගය අවසන් වන විට මොරටු විද්‍යාලයීය ලකුණු පුවරුව දැක් වුනේ කඩුලු 7ක් දැවී ලකුණු 217ක් ලෙසයි.

එම ඉනිම වෙනුවෙන් පෙර දින නොදැවී ලකුණු 36ක් ලබා සිටි සංජන සෙනෙවිරත්න පන්දු 123කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තා.

තරගයේ මංදගාමී ම ඉනිම වාර්තා කරන්නේ සඳුන් සුවාරිස්. ඔහු මෙම තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කරන ලද අතර ඒ සඳහා පන්දු 258කට මුහුණ දීම කැපී පෙණෙනවා. ඔහු නොදැවී ක්‍රීඩා කළ එම ඉනිමට හතරේ පහරක් පමණක් ඇතුලත් කරන අතර එය ද වාර්තා කරන්නේ තමන් මුහුණ දුන් 255 වැනි පන්දුවේ දී වීම ද කැපී පෙණුනා.

ඔහු සිතුම් සිල්වා සමඟ එක් වෙමින් 6 වැනි කඩුල්ලට ලකුණු 54ක සබඳතාවක් ද එක් කරනවා. සිතුම් සිල්වා පන්දු 124කට මුහුණ දෙමින් කිසිදු සීමා ලකුණක් නොමැතිව ලකුණු 31ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනිමේ දී බිහඟ සිල්වා ලකුණු 22කට කඩුලු 2ක් ද සහ සදෙව් සේනානායක ලකුණු 61කට කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතර ව සෙනිර විජේගුණසිංහ, රුසිත් ජයවර්ධන සහ මෙවිඳු කුමාරසිරි කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • මොරටු විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 87 (57.0) ශෙහාර ප්‍රනාන්දු 27, සිතුම් සිල්වා 20, සදෙව් සේනානායක 3/33, මෙවිඳු කුමාරසිරි 5/28
  • ශ්‍රී සුමංගල විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 144 (82.2) සංදීප් විජේරත්න 18, රුසිත් ජයවර්ධන 53, සංජන සෙනෙවිරත්න 3/37, නිශිත ප්‍රනාන්දු 2/35, ඉසුරු නිදර්ශන 3/25
  • මොරටු විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 217 (121.0) ඉසුරු නිදර්ශන 25, සංජන සෙනෙවිරත්න 66, සඳුන් සුවාරිස් නොදැවී 50, සිතුම් සිල්වා 31, සදෙව් සේනානායක 2/61, බිහඟ සිල්වා 2/22

තරගයේ විසඳුමක් නෑ.

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – අනූෂ ද සිල්වා (ශ්‍රී සුමංගල විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – මෙවිඳු කුමාරසිරි (ශ්‍රී සුමංගල විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – සඳුන් සුවාරිස් (මොරටු විද්‍යාලය)
  • තරගයේ වීරයා – සංජන සෙනෙවිරත්න (මොරටු විද්‍යාලය)

දෙවිදුහල් අතර 32 වැනි වරටත් පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර තරගය අප්‍රේල් මස 06 වැනිදා මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

මෙම තරගයේත් පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television හී ThePapare TV HD1 නාලිකා අංක 126 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result

Match drawn

Sri Sumangala College
144/10 (82.2)

Moratu Maha Vidyalaya
87/10 (57) & 217/7 (121)

Batsmen R B 4s 6s SR
Isuru Nidarshana c Sadika Damyuru b Mevindu Kumarasiri 9 26 0 0 34.62
Visal Siriwardane lbw b Mevindu Kumarasiri 13 34 3 0 38.24
Adheesha Sanjana Senevirathne c Sadika Damyuru b Mevindu Kumarasiri 5 11 1 0 45.45
Shehara Sandesh b Rusith Jayawardana 27 76 2 0 35.53
Oshada Jayawickrama c Akila Wedamulla b Sadew Hettiarachchi 2 10 0 0 20.00
Sandun Suwaris c Anuhas De Silva b Sadew Hettiarachchi 3 20 0 0 15.00
Sithum Silva st Akila Wedamulla b Mevindu Kumarasiri 20 101 0 0 19.80
Sachithra Tharuka not out 5 46 0 0 10.87
Malith Perera run out (Akila Wedamulla) 0 3 0 0 0.00
Vihanga Nimsara b Sadew Hettiarachchi 0 12 0 0 0.00
Nishitha Fernando c Sandeep Wijerathne b Mevindu Kumarasiri 0 3 0 0 0.00


Extras 3 (b 1 , lb 1 , nb 0, w 1, pen 0)
Total 87/10 (57 Overs, RR: 1.53)
Bowling O M R W Econ
Sadew Hettiarachchi 15 2 33 3 2.20
Senira Lithmin 5 1 8 0 1.60
Mevindu Kumarasiri 26 10 28 5 1.08
Rusith Jayawardana 11 3 16 1 1.45
Batsmen R B 4s 6s SR
Anuhas De Silva b Nishitha Dulanjana 9 38 0 0 23.68
Duranka Silva c Isuru Nidarshana b Adheesha Sanjana Senevirathne 15 15 2 0 100.00
Sandeep Wijerathne lbw b Isuru Nidarshana 18 97 1 0 18.56
Neksha Iddamalgoda lbw b Adheesha Sanjana Senevirathne 7 47 0 0 14.89
Mevindu Kumarasiri b Nishitha Fernando 5 13 0 0 38.46
Rusith Jayawardana b Isuru Nidarshana 53 123 3 0 43.09
Akila Wedamulla c Sandun Suwaris b Isuru Nidarshana 0 15 0 0 0.00
Senira Lithmin c Sandun Suwaris b Adheesha Sanjana Senevirathne 9 12 1 0 75.00
Bihanga Silva run out (Oshada Jayawickrama) 16 67 0 0 23.88
Sadika Damyuru c Oshada Jayawickrama b Vihanga Nimsara 6 59 0 0 10.17
Sadew Hettiarachchi not out 0 12 0 0 0.00


Extras 6 (b 0 , lb 2 , nb 4, w 0, pen 0)
Total 144/10 (82.2 Overs, RR: 1.75)
Bowling O M R W Econ
Malith Perera 2 0 13 0 6.50
Sachithra Tharuka 1 0 1 0 1.00
Adheesha Sanjana Senevirathne 16 2 37 3 2.31
Nishitha Fernando 26 7 35 2 1.35
Vihanga Nimsara 7 2 13 1 1.86
Isuru Nidarshana 22.2 10 25 3 1.13
Sandun Suwaris 7 0 14 0 2.00
Sithum Silva 1 0 4 0 4.00


Batsmen R B 4s 6s SR
Isuru Nidarshana c Anuhas De Silva b Bihanga Silva 25 55 2 0 45.45
Visal Siriwardane b Sadew Hettiarachchi 12 38 0 0 31.58
Adheesha Sanjana Senevirathne c Neksha Iddamalgoda b Senira Lithmin 66 123 4 2 53.66
Shehara Sandesh c Bihanga Silva b Sadew Hettiarachchi 3 15 0 0 20.00
Oshada Jayawickrama c Rusith Jayawardana b Bihanga Silva 9 25 1 0 36.00
Sandun Suwaris not out 50 258 1 0 19.38
Sithum Silva c Akila Wedamulla b Rusith Jayawardana 31 124 0 0 25.00
Malith Perera b Mevindu Kumarasiri 1 26 0 0 3.85
Sachithra Tharuka not out 7 65 0 0 10.77


Extras 13 (b 9 , lb 2 , nb 1, w 1, pen 0)
Total 217/7 (121 Overs, RR: 1.79)
Bowling O M R W Econ
Sadew Hettiarachchi 30 11 61 2 2.03
Mevindu Kumarasiri 51 18 71 1 1.39
Rusith Jayawardana 19 4 41 1 2.16
Bihanga Silva 15 3 22 2 1.47
Senira Lithmin 6 1 11 1 1.83