අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය අතර 57 වැනි වරටත් පැවැති සුනිල සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ වැඩි වාසි සහිතව පළමු දිනය නිමා කිරීමට ධර්මාශෝක විද්‍යාලය සමත් වුණා.
සුනිල සංග්‍රාමයට අම්බලන්ගොඩ සූදානම්
අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනය (21) නිමා වෙන විට තම පළමු ඉනිමට ක්‍රීඩා කරන ධර්මාශෝක විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු ලකුණු 128ක් ලබා සිටියා. ඒ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගත් ලකුණු 205ට පිළිතුරු ලෙසයි.
ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:
දනිඳු ඉනෝෂ (නායක සහ කඩුලු රකින්නා), ආංශු ප්‍රේමචන්ද්‍ර, තෙනුශ වීරසිංහ, නිශිත් තේජව, සවීන් තියුණුවන්, සවීන් තියුනුවන්, සවිනු ගිහන්සිත්, මහීම් දේශායි, හංසජ රුවින්ද, බාශිත මනෝද්‍ය, සෙනුල වින්සර සහ ඩේන් ක්‍රිස්ටිනෝ.
ධර්මාශෝක විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:
ජිතිර සංසික (නායක),කවිෂ මතීෂ, චන්දූප කවීශ, සුහස් ද සිල්වා (කඩුලු රකින්නා), ඔමේග කරුණාරත්න, කවීෂ සඳරුවන්, සෙලංග ද සොයිසා, අකෙන් සෙන්කිත්, රුවිශ්වක ද සිල්වා, ඉඳුමිණ ද සිල්වා සහ හිවන් දිල්මික.
කාසියේ වාසිය දිනා ගත් ධර්මාශෝක විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ඉනිමේ ආරම්භක කඩුලු ද්විත්වය ලකුණු 26ක් වෙද්දී දැවී යනවා.
ඒ වෙද්දී තෙනුෂ වීරසිංහ ලකුණු නොලබාම ද සහ ආංශු ප්‍රේමචන්ද්‍ර පන්දු 17කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 14ක් ලබා ගනිමින් ද දැවී යනවා.
අනතුරු ව ඉනිමේ 3 වැනි කඩුල්ලට එක් වූ නිශිත් තේජව සහ නායක දනිඳු ඉනෝෂ ලකුණු 42ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ දනිඳු ඉනෝෂ ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු තම ඉනිම හැර යන විට පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා සිටියා.
ඉන් අනතුරු ව ශ්‍රී දේවානන්ද ඉනිමට තවත් ලකුණු 28ක් එක් වෙද්දී සවීන් තියුනුවන් ලකුණු 13ක් ලබා සිටිය දී දැවී යනවා.
එම දැවී යෑමෙන් අනතුරු ව ඉනිමේ 5 වැනි කඩුල්ලට ලකුණු 61ක සබඳතාවක් ගොඩ නැගීමට නිශිත් තේජාන් සහ සවිනු ගිහන්සිත් සමත් වෙනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ නිශිත් තේජාන් ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 75ක් ලබා සිටියා. ඔහු සුනිල සංග්‍රාම ඉතිහාසයට පිට පිට ලබා ගන්නා ලද 2 වැනි අර්ධ ශතකයයි මේ.
සවිනු ගිහන්සිත් අවසන් කඩුල්ලට දැවී යන විට පන්දු 129කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුනු 52ක් ලබා සිටියා.
ඉනිමේ අනෙක් පිතිකරුවන් වූ මහිම් දේශායි (4), හංසජ රුවින්ද (4), භාෂිත් මනෝද්‍ය (6) සෙනුල වින්සර (8) සහ ඩේන් ක්‍රිස්ටිනෝ (නොදැවී 0) අඩු ලකුණුවලට සීමා වුණා.
කඩුලු දවා ගැනීමේ දී රෙශිත රුවිශ්වක ලකුණු 37කට කඩුලු 3ක් ද සහ බිනුග ඉඳුමිණ කඩුලු 2ක් ද ලබා ගත් අතර ඊට අමතර ව කවීෂ සඳරුවන්, නායක ජිතිර සත්සික, හිවන් ඩිල්මික සහ ඔමේග කරුණාරත්න කඩුල්ල බැගින් දවා ගත්තා.
- ආදරවන්තයන් මේ වසරේත් විසඳුමක් නැතිව වෙන්වෙයි
- රජිත් සහ දිමත් ශතක කරා; මලියදේවයෙන් දැවැන්ත ඉනිමක්!
- කන්ඩ උඩරට සුලෝහිත සංග්‍රාමය ඇරඹෙයි
- නවසීලන්ත A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට දින නියම වෙයි
- උතුරු රන් සටන විසඳුමක් නෑ
පිළිතුරු ඉනිමට ධර්මාශෝක විද්‍යාලයීය කණ්ඩායම නියෝජනය කරමින් පැමිණි චන්දූප කවීශ සහ සුහස් ද සිල්වා තම ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා. ඔවුන්ගේ සබඳතාව බිඳී යන්නේ සුහස් ද සිල්වා ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 50ක් ලබා ගන්නවා.
ඉන් අනතුරු ව පිටියට පිවිසි අකේන් සෙන්කිත් ලකුණු 5කට දැවී යන අතර තරගය පළමු දිනයට නතර කරන විට 3 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 52ක සබඳතාවක් ගොඩ නැගෙනවා.
ඊට උර දෙන්නේ චන්දූප කවීෂ සහ කවිෂ මතීෂ්. චන්දූප කවීෂ පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 63ක් ද සහ කවීෂ මතීෂ් පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ද ලබා සිටියා.
ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වයේ හිමිකාරීත්වය සවිනු ගිහන්සිත් සහ සෙනුල වින්සර සතු වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව,
- ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිමසියලුම දෙනා දැවී 205 (57.5) නිශිත් තේජව 75, දනිඳු ඉනෝෂ 25, සවිනු ගිහන්සිත් 52, බිඟුන් ඉඳුමින 2/40, රෙශිත රුවිශ්වක 3/37
- ධර්මාශෝකවිද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 128 (32.0) චන්දූප කවිශ නොදැවී 63, සුහස් ද සිල්වා 30, කවීෂ මතීෂ නොදැවී 26
ධර්මාශෝක විද්‍යාලය ලකුණු 77ක් පිටුපසින්.
තරග අද (22) 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















