කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය සහ කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලය අතර 46 වැනි වරටත් පැවැත්වෙන කෝට්ටේ සටන වාර්ෂික මහ ක්‍රිකට් තරගය මේ මස 28, 29 සහ 30 යන දිනවල කොළඹ, හැව්ලොක් ටවුන් Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. කේ. ජේ. රණසිංහ අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගය තුන් දින තරගයක් ලෙසින් ක්‍රියාත්මක පළමු අවස්ථාවයි මේ.
1950 වසරේ දී පළමු වරට ආරම්භ වූ මෙම තරග මාලාවේ මෙතෙක් පැවැති තරග 45න් අවස්ථා 9ක ජයග්‍රහණ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය විසින් ද සහ අවස්ථා 5ක ජයග්‍රහණ සාන්ත තෝමස් විද්‍යාලය විසින් ද ලබා තිබෙනවා. කෝට්ටේ සටනේ අවසන් වරට ජයග්‍රහණයක් වාර්තා කර ගෙන ඇත්තේ සාන්ත තෝමස් විද්‍යාලයයි.
කෝට්ටේ සටන් ඉතිහාසය වර්ණවත් කළ ක්‍රීඩකයන් අතර ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට දායාද කෙරුණ අය අතුරින් හේමන්ත දේවප්‍රිය සහ ජෙරී ගුණවර්ධනට හිමි වෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්. ඊට අමතර ව ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවකු වූ බී. සී. කුරේ සහ දක්ෂ ක්‍රිකට් පරිපාලකයෙක් ලෙසින් කටයුතු කළ බී. එස්. පෙරේරා ද සිටිනවා.
සාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩකයන් අතුරින් මෙවර වයස අවුරුදු 50න් ඉහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ ශේන් ප්‍රනාන්දු මෙන් ම පළමු පෙළ දක්ෂ ක්‍රීඩකයෙක් වූ ඇන්ඩි සොලමන්ස් වැන්නෝ ද සිටිනවා.
මෙවර තරගයේ දී සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායමේ නායකා ලෙසින් ඉසුරු ජයසිංහ කටයුතු කරන අතර ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා ලෙසින් 5 වැනි වසරේ වර්ණලාභී සචින් බොතේජු කටයුතු කරනවා.
- ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ලෝක කුසලානයට පුහුණු කිරීමේ වගකීම චාමර සිල්වාට
- 28 වැනි Battle Of The Lions තරගයේ ජය Wycherley ජාත්‍යන්තර පාසලට
- හිරුන් රාජකීයයන්ට ජය ගෙන එයි!
- පාසල් ක්‍රිකට් තරග රැසක් දින දෙකේ සිට දින තුන දක්වා පරිවර්තනයක්
- මොරටු රන් සටනට සේනා බල ගැන්වේ
ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
සචින් බොතේජු (නායක), අර්ජුන් අභිශේක් (උප නායක), මනුත් මල්සුක, දිනුජය නිර්වාන්, පවන් මදුසිත්, රසල් වීරක්කොඩි, තුලන සෙතුම්, අංජන නිදුශ, පසිඳු පිංසර, මලීෂ ලක්ෂාන්, නිසුර නෙත්සර, ප්‍රමෝදර සත්සර, තනුවර රනිතු, දේශාන් පෙරේරා සහ රුසිරු රිශ්මිත.
සාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
ඉසුරු ජයසිංහ (නායක), සාදිල් ඩයස් (උප නායක), සේසත් ජයතිලක, ගීත් කාවින්ද, පතිරණගේ ෆ්‍රෑන්ක්, අදීශ් කෙලාබ්, කළුආරච්චිලාගේ කාව්‍ය, තරිඳු දිසානායක, ශෙහාන් දම්සර, වත්තගේ කවීෂ, දමිඳු කසුනර, කෙවන් ලියනගේ, සෙනුල ගීසත් තත්මිර, දිනෙත් ආකාශ් සහ කුමාර් අශ්වින් ප්‍රකාශ්.
කෝට්ටේ සටනට එක් වෙන ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයීය සහ සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ThePapare.com හී සුබ පැතුම්!
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.