අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අතර 43 වැනි වරටත් පැවැති සුනිල සංග්‍රාම එක්දින සීමිත පන්දුවාර තරගයෙන් ලකුණු 141ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ධර්මාශෝක විද්‍යාලය සමත් වුණා. නිමා වූ වසරේ ද එක්දින තරගයේ ජයග්‍රාහකයන් වූයේ ධර්මාශෝක විද්‍යාලයයි.
>>විසඳුමක් නැති සුනිල සංග්‍රාමයට වාර්තා රැසක්<<
අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තා.
ධර්මාශෝක විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
ජිතිර සංසික (නායක), චන්දූප කවීශ, සුහස් ද සිල්වා (කඩුලු රකින්නා), කවීෂ මතීශ, රෙශිත රුවිශ්වක, ඔමේග කරුණාරත්න, නිමෙත් සෙලංග, කවීෂ සඳරුවන්, හිවාන් දිල්මික, බුවිඳු විමත්සර සහ තමිඳු කවීශර.
ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
දනිඳු ඉනෝෂ (නායක), තෙනුශ වීරසිංහ, නිශිත් තේජව, සවීන් තියුණුවන්, මහීම් දේශායි, සවිනු ගිහංසිත්, බාෂිත මනෝද්‍ය, ආංශු ප්‍රේමචන්ද්‍ර (කඩුලු රකින්නා), සෙනුල වින්සර, තරුෂ නිර්මාල් සහ ඩේන් ක්‍රිස්ටිනෝ.
ප්‍රතිවාදී නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 276ක් ලබා ගන්නවා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ නායක ජිතිර සංසික. ඔහු පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 71ක් ලබා ගන්නවා. ඔහු කවීෂ මතීෂ් හා එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 54ක සබඳතාවක් ද සහ ඔමේග කරුණාරත්න හා එක් ව 5 වැනි කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් ද ගොඩ නගනවා.
එහි දී කවීෂ මතීෂ් පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා ගන්නා අතර ඔමේග කරුණාරත්න ඉනිම අවසන් වෙන විට පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 70ක් ලබා සිටියා.
ඔහු හිවාන් දිල්මික හා එක් ව 8 වැනි කඩුල්ලට පන්දු 30ක දී නොදැවුණ ලකුණු 57ක සබඳතාවක් ගොඩ නගනවා. එහි දී හිවාන් දිල්මික පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 18ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී සවීන් තියුණුවන් ලකුණු 39කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව තරුෂ නිර්මාල්, බාෂිත මනෝද්‍ය, සවිනු ගිහංසිත් සහ සෙනුල වින්සර කඩුල්ල බැගින් බෙදා ගන්නවා.
- ඇතුගල්පුර සටන ජය පැරදුමෙන් තොරව නිම වෙයි
- සුනිල සංග්‍රාමයට අර්ධ ශතක ත්‍රිත්වයක්
- නවසීලන්ත A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට දින නියම වෙයි
- අස්ගිරිය ගිනියම් වෙයි, කන්ද උඩරට නිල් සටනේ ජය ත්‍රිත්ව විද්‍යාලයට
- වසර ද්විත්වයකට පසු උතුරු සටනේ ජය යාපනය මැදි විදුහලට
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී දේවානන්ද විද්‍යාලයට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ. ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 19ක් වෙද්දී දැවී යනවා.
එසේ වෙද්දී නායක දනිඳු ඉනෝෂ සහ සවීන් තියුණුවන් හා එක් ව 3 වැනි කඩුල්ලට ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වූ ලකුණු 35ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ දනිඳු ඉනෝෂ ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 33කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබා සිටියා.
සවීන් තියුණුවන් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් සිව් වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ලබා සිටියා.
ඔවුන්ට අමතර ව පසු පෙළින් පිටියට පිවිසි සෙනුල වින්සර ශ්‍රී දේවානන්ද ඉනිම අවසන් වෙද්දී පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 19ක් ලබා සිටියා.
අතිරේක ලකුණු 21ක් ද එකතුව ශ්‍රී දේවානන්ද ඉනිම ලකුණු 135කට සීමා වෙද්දී චන්දූප කවීෂ ලකුණු 19කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව රෙශිත රුවිශ්වක ද කඩුලු 3ක් ද, ඔමේග කරුණාරත්න කඩුලු 2ක් ද, තමිඳු කවීශර සහ කවීෂ සඳරුවන් කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ධර්මාශෝක විද්‍යාලය – කඩුලු 7ක් දැවී 276 (50.0) කවීෂ මතීශ 35, ජිතිර සංසික 71, ඔමේග කරුණාරත්න නොදැවී 70, නිමෙත් සෙලංග 23, හිවාන් දිල්මික නොදැවී 18, සවීන් තියුණුවන් 2/39
ශ්‍රී දේවානන්ද විද්‍යාලය – සියලුම දෙනා දැවී 135 (37.2) සවීන් තියුණුවන් 25, සෙනුල වින්සර නොදැවී 19, ඔමේග කරුණාරත්න 2/26, චන්දූප කවීෂ 3/19, රෙශිත රුවිශ්වක 3/36
ධර්මාශෝක විද්‍යාලයට ලකුණු 141ක ජයක්.
- තරගයේ දක්ෂතම පන්දු රකින්නා – මහීම් දේශායි (ශ්‍රී දේවානන්ද විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පන්දු යවන්නා – චන්දූප කවීෂ (ධර්මාශෝක විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පිතිකරු – ජිතිර සංසික (ධර්මාශෝක විද්‍යාලය)
- තරගයේ වීරයා – ඔමේග කරුණාරත්න (ධර්මාශෝක විද්‍යාලය)
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















