වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ද සහයෝගය ඇතිව 32 වැනි වරටත් සංවිධානය කරන MCA Super Premier League ක්‍රිකට් තරගාවලියේ 2 වැනි අවසන් පූර්ව තරගය අමතර දිනය දක්වා ඇඳී ගියා.
ඒ අද (26) පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේයි. Hayleys Group A සහ CDB A කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත මෙම තරගය පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණා.
- Maliban Biscuits A අවසන් තරගයට සුදුසුකම් ලබා ගනී
- පාකිස්තානය පහසු ජයක් කරා
- CDB A සහ Maliban Biscuits A අවසන් පූර්ව වටයට
- CDB A තව දුරටත් අපරාජිතයි
- ශ්‍රී ලංකාව පහසු හඹා යෑමක; ආසියා කුසලානයේ පළමු ජය තහවුරුයි
තරග සංවිධායකයන් විසින් තරගාවලිය ආරම්භයේ දී ම අවසන් පූර්ව වටයේ දී අමතර දිනයක් ලබා දෙන බවට පොරොන්දු වී ඇති අතර ඒ අනුව අද නොපැවැත්වුණ තරගය හෙට (27) පැවැත්වීමට නියමිතයි.
මෙම තරගය ThePapare.com, ThePapare 1 (Dialog TV Chanal 62) සහ Dialog ViU app ඔස්සේ නැරඹිය හැකියි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<