වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ද සහයෝගය ඇතිව 32 වැනි වරටත් සංවිධානය කරන MCA Super Premier League ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 3ක අද (15) අවසන් වුණා.
එම තරග සියල්ලට ම වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර සියලු තරගවල විසඳුම ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත සිදු වුණා.
Hayleys Group A සහ CDB A අතර තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී.
- කාසියේ වාසිය – CDB A
පළමුවෙන් පන්දුවට පහර දුන් Hayleys Group කණ්ඩායම වෙනුවෙන් මිනෝද් භානුක පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 93ක් ලබා ගනිමින් ඉනිමේ වැඩි ම ලකුණුලාභියා බවට පත් වුණා.
ඔහු සහ අහන් වික්‍රමසිංහ 4 වැනි කඩුල්ලට ලකුණු 78ක් ද සහ නායක රමේෂ් මෙන්ඩිස් සහ රවිඳු ප්‍රනාන්දු එක් ව 7 වැනි කඩුල්ලට ලකුණු 54ක සබඳතාවක් ද ලබා ගත්තා.
අහන් වික්‍රමසිංහ පන්දු 39ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ද, රමේෂ් මෙන්ඩිස් පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 37ක් ද සහ රවිඳු ප්‍රනාන්දු පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 47ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී ප්‍රමෝද් මදුශාන්, තරිඳු රත්නායක සහ මොවින් සුබසිංහ කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම වෙනුවෙන් ලහිරු උදාර පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 69ක් ද සහ ඔෂද ප්‍රනාන්දු පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී නිසල අබේරත්න ලකුණු 42කට කඩුලු 2ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිමේ 34 වැනි පන්දුවාරයේ දී වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමීමට පිටියේ විනිසුරුවන්ට සිදු වෙනවා. ඒ වෙද්දී CDB A කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා එම කඩුලු ප්‍රමාණය අහිමි ව යද්දී අවශ්‍ය ව තිබුණේ ලකුණු 184ක් පමණයි. එම ඉලක්කය ඔවුන් ඒ වෙද්දී සපුරා සිටීම හේතුවෙන් තරගයේ ජයග්‍රහණය හිමි වූ අතර ඒ අනුව ඔවුන් තරගාවලියේ අපරාජිත බව තව දුරටත් රැක ගැනීමට සමත් වෙනවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Hayleys Group A – සියලුම දෙනා දැවී 276 (49.2)මිනෝද් භානුක 93, අහන් වික්‍රමසිංහ 34, රමේෂ් මෙන්ඩිස් 37, රවිඳු ප්‍රනාන්දු 47, ප්‍රමෝද් මදුශාන් 2/33, තරිඳු රත්නායක 2/39, මොවින් සුබසිංහ 2/57
- CDB A– කඩුලු 5ක් දැවී 191 (33.5) ලහිරු උදාර 69, ලසිත් කෲස්පුල්ලේ 21, ඔෂද ප්‍රනාන්දු 50, නිපුන් ධනංජය 37, නිසල අබේරත්න 2/42
CDB A කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 8ක ජයක්.
HNB සහ Maliban Biscuts A අතර තරගය කොළඹ MCA ක්‍රීඩාංගණයේ දී.
- කාසියේ වාසිය – HNB
පළමුවෙන් පන්දුවට පහර දුන් HNB කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූ ආරම්භක පිතිකරු ජනිශ්ක පෙරේරා පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 83ක් ලබා ගත්තා. ඔහුට අමතර ව ඩෙලෝන් පීරිස් පන්දු 103ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 45ක් ලබා ගන්නවා.
ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 95ක සබඳතාවක් ද ගොඩ නගනවා.
කඩුලු දවා ගැනීමේ දී සනෝජ් දර්ශික සහ දුශාන් හේමන්ත කඩුලු 3ක් බැගින් දවා ගත් අතර මිලාන් රත්නායක කඩුලු ද්විත්වයක් දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Maliban Biscuts කණ්ඩායම වෙනුවෙන් සහන් ආරච්චිගේ පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 51ක් ද සහ ආරම්භක පිතිකරු හිරාන් ජයසුන්දර පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 50ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී දුවිඳු රණතුංග කඩුලු 3ක් ද සහ චමිඳු විජේසිංහ කඩුලු 2ක් ද දවා ගත්තා.
වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවාර 39.2ක දී Maliban Biscuts ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 195ක් ලබා සිටි අතර ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත තරගයේ ජයග්‍රහණය ගණන කිරිමේ දී ඔවුන්ට ජයග්‍රහණය සඳහා අවශ්‍ය ව තිබුනේ ලකුණු 184ක් පමණයි.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- HNB – සියලුම දෙනා දැවී 204 (43.5)ජනිශ්ක පෙරේරා 83, ඩෙලෝන් පීරිස් 45, රන්මිත් ජයසේන 30, මිලාන් රත්නායක 2/22, දුශාන් හේමන්ත 3/48, සනෝජ් දර්ශික 3/28
- Maliban Biscuts A– කඩුලු 8ක් දැවී 195 (39.2)හිරාන් ජයසුන්දර 50, සහන් ආරච්චිගේ නොදැවී 51, චමිඳු වික්‍රමසිංහ 2/54, දුවිඳු රණතුංග 3/33
Maliban Biscuts A කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 12ක ජයක්.
- 23න් පහළ පිටියට අදත් ශතක 5ක්
- යාපනය ජාත්‍යන්තර ක්රිකට් ක්‍රීඩාංගණයට මුල්ගල තබයි
-
පළමු පෙළ ක්‍රීඩකයින් සහ සහය කාර්ය මණ්ඩල සාමාජිකයින්ට රක්ෂණ ආවරණයක්
Fairfirst Insuarance සහ BBK Partnership අතර තරගය කොළඹ, තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී.
- කාසියේ වාසිය – BBK Partnership
පළමුවෙන් පන්දුවට පහර දුන් Fairfirst Insuarance කණ්ඩායම වෙනුවෙන් ගවිරු සෙන්හස් සහ නිමේෂ් විමුක්ති අර්ධ ශතක ඉනිම් වාර්තා කරනවා. ඒ අතුරින් නිමේෂ් විමුක්ති පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත් අතර ආරම්භක පිතිකරු ගවිරු සෙන්හස් පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී එඩ්වඩ් ඩිලක්ෂාන් සහ ටෝනි ග්‍රේග් කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි BBK Partnership කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ශ්‍රීදරන් සාරංගන්. ඔහු පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 70ක් ලබා ගත්තා. ඊට අමතර ව ශාරුජන් ශම්මුගනාදන් පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 56ක් ලබා ගන්නවා.
නිපුන් කරුණානායක පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 39ක් ලබා සිටිය දී තරගයට වර්ෂාවෙන් බාධා වූ අතර එතැන් සිට නැවත තරගය ආරම්භ කිරීමට අවස්ථාව නොවූවෙන් තරගයේ තීරණය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ගණනය කෙරුණා.
ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා BBK Partnership කණ්ඩායමට දැවී ගිය එම කඩුලු ප්‍රමාණයට අනුව ලකුණු 166ක් අවශ්‍ය තිබූ අතර ඒ වෙද්දී ඔවුන් එම ඉලක්කය සපුරාගෙන සිටියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Fairfirst Insuarance – සියලුම දෙනා දැවී 240 (49.3)ගවිරු සෙන්හස් 50, ගයන වීරසිංහ 48, මෝදිත රණතුංග 23, දිනුර කළුපහන 22, නිමේෂ් විමුක්ති 52, ටෝනි ග්‍රේග් 2/41, එඩ්වඩ් ඩිලක්ෂාන් 2/16
- BBK Partnership– කඩුලු 4ක් දැවී 187 (39.0) ශ්‍රීදරන් සාරංගන් 70, ශාරුජන් ශන්මුගනාදන් 56, නිපුන් කරුණානායක නොදැවී 39, තනුක දාබරේ 2/43
BBK Partnership කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 22ක ජයක්.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.