කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ සාන්ත ආනා විද්‍යාලය අතර ඇතුගල්පුර සටනට සමගාමීව පැවැති 29 වැනි එක්දින සීමිත පන්දුවාර තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත ආනා විද්‍යාලය සමත් වෙනවා.
කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී අද (29) නිමා වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් මලියදේව විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 197ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත ආනා විද්‍යාලය කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 200ක් ලබා ගනිමින් තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගන්නවා. ඒ ඔවුන්ගේ ඉනිමේ තවත් පන්දු 48ක් ද ඉතිරි වෙද්දීයි.
>>ඇතුගල්පුර සටන ජය පැරදුමෙන් තොරව නිම වෙයි<<
මලියදේව විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
දිමත් අබේසිංහ (නායක), තිවංක පබසර, පැහැසර බණ්ඩාර, රජිත් නවෝද්‍ය (කඩුලු රකින්නා), චන්දූප අබේසිංහ, දුශාන් සයුරංග, දම්ලත් ගමගේ, සොනාල් අශ්වින්, තවීෂ බාලසූරිය, නිශුද චන්ද්‍රසිරි සහ නේත්‍ර නිර්මාල්.
සාන්ත ආනා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
යශ්මිත් ජයසුන්දර (නායක), දිනුග අබේසේකර, සනුක කෙම්සර, බිනරු දෙනුවන්, කුශාන් සුබසිංහ (කඩුලු රකින්නා), ඉශාන් ඛාන්, සනුජ දිසානායක, මනුජ විජේරත්න, ඉමාශ සමරවික්‍රම, ඉමන්ජිත් බාතික සහ නෙශාද් වීරසේකර.
කාසියේ වාසිය දිනා ගත් මලියදේව විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගන්නා ලද අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ දුශාන් සයුරංග. ඔහු පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 62ක් ලබා ගන්නවා.
ඊට අමතර ව චන්දූප අබේසිංහ පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ද සහ සොනාල් අශ්වින් පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී මනුජ විජේරත්න ලකුණු 28කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව සනුජ දිසානායක, ඉශාන් ඛාන්, ඉමාශ සමරවික්‍රම, යශ්මිත් ජයසුන්දර සහ නේසාද් වීරසේකර කඩුල්ල බැගින් දවා ගත්තා.
- සිංහ ගැටුමේ ජය Colombo ජාත්‍යන්තර පාසලට
- ශ්‍රී සුමංගල විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනී
- සූරි නැවතත් ද්විත්ව ශතක සමාජයට
- ඇතුගල්පුර මහා ක්‍රිකට් ගැටුම ඇරඹෙයි!
- නවසීලන්ත A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට දින නියම වෙයි
පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි සාන්ත ආනා විද්‍යාලයීය ඉනිමේ ආරම්භය එතරම්ම සාර්ථක නොවූ අතර ඔවුන් පළමු කඩුලු ද්විත්වය ලකුණු 17ක් වෙද්දී දැවී යනවා.
එසේ වූවත් 3 වැනි කඩුල්ලට ලකුණු 70ක සබඳතාවක් එක් කරමින් තරගයට ජීවය එක් කිරීමට ඔවුන් සමත් වෙනවා. එහි දී පෙරමුණ ගන්නේ සනුක කේම්සර සහ කුශාන් සුබසිංහ.
එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ කුශාන් සුබසිංහ ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු ඉනිම හැර යද්දී පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 34ක් ලබා සිටියා.
අනතුරු ව තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී නායක යශ්මිත් ජයසුන්දර සහ සනුජ දිසානායක එක් ව 6 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 84ක සබඳතාවක් එක් කරනවා. එහි දී සනුජ දිසානායක පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ද සහ යශ්මිත් ජයසුන්දර පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 43ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී නිෂුද චන්ද්‍රසිරි ලකුණු 46කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව නායක දිමන්ත අබේසිංහ, සොනාල් අශ්වින් සහ තවීෂ බාලසූරිය කඩුල්ල බැගින් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- මලියදේව විද්‍යාලය – සියලුම දෙනා දැවී 197 (49.1) චන්දූප අබේසිංහ 29, දුශාන් සයුරංග 62, සොනාල් අශ්වින් 20, මනුජ විජේරත්න 3/28
- සාන්ත ආනා විද්‍යාලය – කඩුලු 5ක් දැවී 200 (42.0) සනුක කෙම්සර 46, කුශාන් සුබසිංහ 34, යශ්මිත් ජයසුන්දර නොදැවී 43, සනුජ දිසානායක නොදැවී 50, නිශුද චන්ද්‍රසිරි 2/46
සාන්ත ආනා විද්‍යාලයට කඩුලු 5ක ජයක්.
තරගයේ දක්ෂතම පන්දු රකින්නා – සනුක කෙම්සර (සාන්ත ආනා විද්‍යාලය)
තරගයේ දක්ෂතම පන්දු යවන්නා – මනුජ විජේරත්න (සාන්ත ආනා විද්‍යාලය)
තරගයේ දක්ෂතම පිතිකරු – දුශාන් සයුරංග (මලියදේව විද්‍යාලය)
තරගයේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයා – යශ්මිත් ජයසුන්දර (සාන්ත ආනා විද්‍යාලය)
තරගයේ වීරයා – සනුජ දිසානායක (සාන්ත ආනා විද්‍යාලය)
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















