Wycherley ජාත්‍යන්තර පාසල සහ Colombo ජාත්‍යන්තර පාසල අතර 29 වැනි වරටත් පැවැති සිංහ සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ලකුණු 132ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Colombo ජාත්‍යන්තර පාසල සමත් වෙනවා.
කොළඹ වෙළෙඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (28දා) නිමා වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් Wycherley ජාත්‍යන්තර පාසලේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colombo ජාත්‍යන්තර පාසල කඩුලු 9කට ලකුණු 341ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ලෙසින් Wycherley ජාත්‍යන්තර පාසලට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 209ක් පමණයි. ඒ ඔවුන්ගේ ඉනිමේ තවත් පන්දු 62ක් ද ඉතිරි ව තිබියදීයි.
Wycherley ජාත්‍යන්තර පාසල් කණ්ඩායම
ආහිල් ඉර්සාන් (නායක), කේසන් කරුණාරත්න, ඩෝජිත ජයවර්ධන, අතීෆ් ශරාස්, ප්‍රනීත් චන්ද්‍රකුමාර, නෙවින් වීරසිරි, කවීන් වීරසිංහ, අම්රින් ස්මත්, චෙනුක වීරසිංහ, හම්ඩාන් මොහිනුදීන් සහ මෙතුජ සස්විදු.
Colombo ජාත්‍යන්තර පාසල් කණ්ඩායම
ලිසත් සේමික (නායක), ෂෝන් පොලොන්නෝවිට, මෙතුක සමරසිංහ, හිරුක සමරසිංහ, විශේන් ගුණසේකර, ශෙනෝන් විජේරත්න, රනිර විජේසුන්දර, සුහාන් කුල්කර්නි, නිඛිල් පීරිස්, මාරියෝ ප්‍රනාන්දු සහ ආරොන් රමෝගන්.
පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි Colombo ජාත්‍යන්තර පාසලේ වැඩි ම ලකුණුලාභියා වූයේ නිඛිල් පීරිස්. ඔහු පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 126ක් ලබා ගන්නවා.
ඔහු 7 වැනි කඩුල්ලට සුහාන් කුල්කර්නි හා එක්වෙමින් ලකුණු 117ක සබඳතාවක් ද ගොඩ නගනවා.
එහිදී සුහාන් කුල්කර්නි පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා.
ඊට අමතර ව ආරම්භක පිතිකරු මෙතුක සමරසිංහ පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තා.
අතිරේක ලකුණු 51ක් ද ඇතුලත් වූ එම ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ අම්රින් ස්මත්. ඔහු ලකුණු 63කට කඩුලු 3ක් දවා ගන්නවා.
ඊට අමතරව ඩෝජිත ජයවර්ධන කඩුලු 2ක් ද, කේසන් කරුණාරත්න, සහ හම්ඩාන් මොහිනුදීන් කඩුල්ල බැගින් ද දවා ගන්නවා.
හඹා යන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි Wycherley ජාත්‍යන්තර පාසල් ඉනිමේ ඉදිරි පෙළ පිතිකරුවෝ සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද එය දිගින් දිගට ම පවත්වාගෙන යෑමට අනෙකුත් පිතිකරුවන්ගෙන් සහයෝගයක් ලැබෙන්නේ නෑ.
ඔවුන්ගේ අවසන් කඩුලු 5 ලකුණු 24කට සීමා වෙනවා.
එම ඉනිම ඒ තරමින් අසාර්ථක කරද්දී ආරොන් රමෝගන් පන්දුවාර 6ක් යවමින් ලකුණු 29කට කඩුලු 6ක් දවා ගන්නවා.
පන්දු යවන්නන් 8 දෙනෙක් ගේ සේවය ලබා ගත් එම ඉනිමේ ලිසත් සේමික, මෙතුක සමරසිංහ, නිඛිල් පීරිස් සහ ශෙනෝන් විජේරත්න ද කඩුල්ල බැගින් දවා ගන්නවා.
Wycherley ජාත්‍යන්තර පාසල් කණ්ඩායම් ලකුණු පුවරුවට වැඩි ම ලකුණු සංඛ්‍යාවක් එකතු කරන්නේ අම්රින් ස්මත්. ඔහු පන්දු 57කට මුහුණ දෙමින් හතරේ අජර 6ක් සමඟින් ලකුණි 50ක් ලබා ගන්නවා.
ඊට අමතර ව ආරම්භක පිතිකරු අතීෆ් ශරාස් පන්දු 69කට මුහුණ දෙමින් ලකුණු 44ක් ලබා ගන්නා ලද අතර ප්‍රනීත් චන්ද්‍රකුමාර පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 27ක් ද සහ කේසන් කරුණාරත්න පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 25ක් ද ලබා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Colomboජාත්‍යන්තර පාසල – කඩුලු 9ක් දැවී 341 (50.0) මෙතුක සමරසිංහ 57, විශේන් ගුණසේකර 23, නිඛිල් පීරිස් 126, රනිර විජේසුන්දර 22, සුහල්හාන් කුල්කර්නි 34, ඩෝජිත ජයවර්ධන 2/34, අම්රින් ඉස්මත් 3/63
- Wycherleyජාත්‍යන්තර පාසල – සියලුම දෙනා දැවී 209 (39.4) අතීෆ් ශරාස් 44, කේසන් කරුණාරත්න 25, අම්රින් ඉස්මත් 50, ප්‍රනීත් චන්ද්‍රකුමාර 27, ආරොන් රමෝගන් 6/29
Colombo ජාත්‍යන්තර පාසලට ලකුණු 132ක ජයක්.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















