26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ (31) නිමාවට පත් වුනා.
ඊයේ දිනයේ ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් තිදෙනෙක් ක්‍රීඩා පිටියට පිවිසුණු නමුත්, ඔවුන්ට පදක්කම් කරා යාමට අවස්ථාවක් හිමි වුනේ නැහැ.
හෙල්ල විසි කිරීමේ බලාපොරොත්තු බිඳ වැටෙයි
පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අවසන් වටය ඊයේ දිනයේ දී ක්‍රියාත්මක වුනා. මෙම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුමේධ රණසිංහ සහ රුමේෂ් තරංග දෙදෙනා ම සහභාගී වූ නමුත්, ඔවුන් ව අබිබවා ගිය වත්මන් ඔලිම්පික් ශූර පාකිස්තානයේ Arshad Nadeem විසින් මීටර් 86.40ක දුරක් හෙල්ල විසි කරමින් ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනා.
එම නිසා මෙහි දී රුමේෂ් විසින් දැක්වූ මීටර් 83.27ක උපරිම දක්ෂතාවට සිව්වැනි ස්ථානයෙන් සෑහීමට සිදු වුනා. එමෙන්ම මීටර් 79.81ක දක්ෂතාවක් දැක්වූ සුමේධ රණසිංහ ඉසව්වේ හත් වැනි ස්ථානයට පත් වුනා.
රසාරා එකොළොස් වැනි ස්ථානයේ
මීට අමතරව ඊයේ දිනය තුළ සිදු වූ අනෙක් එකම ශ්‍රී ලංකා නියෝජනය වන රසාරා විජේසූරිය කාන්තා මීටර් 5000 ඉසව්වේ අවසන් තරගයේ දී මිනිත්තු 16.29.15ක කාලයක් සමඟ එකොළොස් වැනි ස්ථානයට පත් වුනා.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මේ අයුරින් 26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය නිමාවට පත් වූ අතර, මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කම් ත්‍රිත්වයක් ජය ගැනීමට සමත් වුනා.
එම ලෝකඩ පදක්කම් ත්‍රිත්වය සමඟ ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 18 වැනි ස්ථානයට පත් වූ අතර, පදක්කම් සටහනේ පළමු ස්ථානය රන් පදක්කම් 19ක් සමඟ සමස්ත පදක්කම් 32ක් දිනා ගත් චීනයට හිමි වුනා.
ඉන්දියාව රන් පදක්කම් 08ක් සමඟ සමස්ත පදක්කම් 24ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුනා.
දෙස්, විදෙස් මලල ක්‍රීඩාව පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට Thepapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<