2025 ආසියානු කුසලානය එළඹෙන සැප්තැම්බර් මාසය පුරාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මෙවර විස්සයි විස්ස තරග ආකෘතිය යටතේ පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට කණ්ඩායම් අටක් සහභාගී වීමට නියමිතයි.
ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, හොංකොං සහ ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ දී කුසලානය වෙනුවෙන් තරග වැදීමට නියමිතයි.
තරගාවලියේ මූලික වටය A සහ B කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමට නියමිත අතර, මෙහි දී A කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්තානය, ඕමාන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරග වදිනු ඇති. B කාණ්ඩය යටතේ බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, හොංකොං සහ ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිත අතර, තරගාවලියේ මූලික වටය තුළ එක් එක් කාණ්ඩයේ මුල් ස්ථානය හිමි කරගන්නා කණ්ඩායම් ඉදිරි වටයට සුදුසුකම් ලබා ගනු ඇති.
දෙවැනි වටයට සුදුසුකම් ලබනා කණ්ඩායම් හතර නැවත වරක් එකිනෙකා හා තරග වැදීමට නියමිත අතර, එහි දී මුල් ස්ථාන දෙක හිමි කරගන්නා කණ්ඩායම් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනු ඇති.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
එළඹෙන සැප්තැම්බර් මස 09 වැනි දා ඇෆ්ගනිස්තානය සහ හොංකොං අතර තරගයෙන් තරගාවලිය ආරම්භ වන අතර, මූලික වටයේ දී ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිත තරග මෙසේයි.
- සැප්තැම්බර් 13 – බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව
- සැප්තැම්බර් 15 – හොංකොං සහ ශ්‍රී ලංකාව
- සැප්තැම්බර් 18 – ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව
මෙම තරග ත්‍රිත්වයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන තීරණය වනු ඇති.
තරගාවලියේ අවසන් තරගය සැප්තැම්බර් 28 වැනි දා පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලිය පැවැත්වීමට නිල සත්කාරක අයිතිය ඉන්දියාව සතු වුනත්, ඉන්දු – පාකිස්තාන දේශපාලන අර්බුද නිසා සත්කාරක දේශය වෙනස් කිරීමට සිදු වුනා.
මේ අතර අවසන් වරට විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වුණු ආසියානු කුසලානය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, අවසන් ආසියානු කුසලානයේ (එක්දින තරග රටාවෙන් ක්‍රියාත්මක වුන) ශූරතාව ඉන්දියාව සතු වුනා. එහි අනුශූරතාව හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.
මෙවර ආසියානු කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















