ඊයේ දිනයේ දී යුක්‍රේනයේ NSC Olimpiyskiy ක්‍රීඩාංගණයේ දී පැවති 2018 UEFA Champions League තරගාවලියේ අවසාන මහා තරගයේ දී Liver Pool කණ්ඩායම පරදා Real Madrid කණ්ඩායම ගෝල 3-1ක් ලෙස විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් විය. මෙය ඔවුන් විසින් නොකඩවා මෙම ශූරතාවය ජයග්‍රහණය කළ තෙවන වතාවයි.
යුරෝපීය දැවැන්ත පාපන්දු සැණකෙළියේ කිරුළ කා හට ද?
2017/18 වර්ෂය සඳහා වන UEFA Champions League පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගය එංගලන්තයේ Liverpool ක්‍රීඩා සමාජය සහ……..
විදෙස් මාධ්‍ය විසින් Christiano Ronaldo සහ Mo Salah යන දෙපිළේම ප්‍රබල ක්‍රීඩකයින් වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් කළ ද, වාසනාව සහ දක්ෂතාවය අතර දෝලනය වන ක්‍රීඩාවේ අවිනිශ්චිතභාවය නැවත වරක් පසක් කර දෙමින් පැමිණ සිටි 63,000 
මේ අතර Christiano Ronaldo හට ද සුපුරුදු දස්කම් අතරට ඒමට නොහැකි වූ අතර Mo Salahගේ සේවය අහිමි වීමත් සමඟම එහි වාසිය උපරිමයෙන් නෙළා ගත් Real Madrid කණ්ඩායම තරගයේ පාලනය තමන් සතු කර ගැනීමට සමත් විය.
පළමු අර්ධයේ දී දෙපිලටම ගෝල ලබා ගැනීමට නොහැකි වුන අතර තරගයේ 51 වන විනාඩියේ දී Liverpool කණ්ඩායමේ පළපුරුදු ගෝල රකින්නා විසින් සිදු කළ අදහාගත නොහැකි තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් Real Madrid කණ්ඩායමේ Karim Benzima විසින් සිය කණ්ඩායමට පළමු ගෝලය වාර්තා කර දීමට සමත් විය.

Real Madrid කණ්ඩායමේ පුහුණුකරු වන හිටපු ප්‍රංශ කණ්ඩායමේ සහ Real Madrid කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක Zinedine Zidane විසින් 61 වන විනාඩියේ දී කැඳවූ Gareth Bale, සිය ක්‍රීඩා දිවියේ අමතක නොවෙන මෙන්ම UEFA Champions League අවසාන මහා තරග ඉතිහාසයේ වාර්තා කළ සුපිරිම ගෝලය සමඟ ගෝල 2-1ක් ලෙස නැවතත් තරගයේ පාලනය තමන් සතු කර ගැනීමට Real Madrid කණ්ඩායමට හැකි විය.
ඉතිහාසයේ මතක; FIFA ලෝක කුසලානය (1950 – 1958)
දෙවෙනි ලෝක යුද්ධය හේතුවෙන් 1938 වසරේ ලෝක කුසලානයෙන් පසු නැවතත් ලෝක කුසලානයක් දැක බලා ගැනීමට ක්‍රීඩාලෝලි ප්‍රේක්ෂකයින්ට වසර 12ක්…..
නැවතත් 83 වන විනාඩියේ දී ක්‍රියාත්මක වූ Gareth Bale තම කණ්ඩායමේ තුන් වන ගෝලය ලබා ගැනීමට සමත් වීමෙන් පසු Liverpool කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් තිබූ බලාපොරොත්තු සුනුවිසුනු කර දැමූ Real Madrid කණ්ඩායම යුරෝපීය ක්‍රීඩා සමාජ බලවතුන් බවට නැවතත් සනාථ කරමින් තරගාවලිය ජයග්‍රාහීව අවසන් කිරීමට සමත් විය.
අවසාන තරගයේ වීරයා සම්මානය Real Madrid කණ්ඩායමේ Gareth Bale විසින් දිනා ගත් අතර Cristiano Ronaldo, Champions League තරග ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා ලෙස ඉතිහාස ගත විය. ඒ ගෝල 120ක් ලබා ගනිමිනි.
>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<






















