ජෝ රූට් ටෙස්ට් තරගාවලියට අනතුරු අඟවයි

1620
Sri Lanka Board XI vs England

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවති පළමු පුහුණු තරගය අද (31) කොළඹ එන්. සී. සී. පිටියේ දී ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම පෙර දිනයේ කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු 392ට පිළිතුරු ලෙසින් අද පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩකයෝ තරගය අවසන් වෙන විට තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 365ක් ලබා සිටිය හ.

කෞෂාල්, සධීර, ප්‍රියංජන් සහ මනෝජ් අර්ධ ශතක රැස්කරති

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වෙන..

දිනය ආරම්භයේ දී ශ්‍රී ලංකා නායකයා තම ඉනිම අත්හිටුවමින් ප්‍රතිවාදීන්ට පන්දුවට පහර දීමට ආරාධනා කළේය. ඒ අනුව එංගලන්ත ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසියේ රොරි බර්න්ස් සහ කිටෝන් ජෙනින්ග්ස් ය. ඔවුන් දෙදෙනාගේ සබඳතාව ලකුණු 38කින් නිමා කිරීමට ෂෙහාන් මධුශංක සමත් වූයේ ජෙනින්ග්ස් (13) දවා ගනිමිනි.

ඉනිමේ දෙවැනි කඩුල්ල ලකුණු 77 දී රෝයි බර්න්ස් දවා ගනිමින් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. බර්න්ස් පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තේ ය. තෙවැනි කඩුල්ල ලහිරු කුමාර දවා ගත්තේ ජෝ ඩෙන්ලි ලකුණු 25කට දවා ගනිමිනි. පන්දු 52කට මුහුණ දුන් ජෝ හතරේ පහර 2ක් තම ඉනිමට ඇතුලත් කර ගත්තේ ය.

අනතුරුව දිගු වේලාවක් යනතුරු කඩුල්ලක් දවා ගැනීමට ශ්‍රී ලංකා සභාපතිගේ ක්‍රීඩකයෝ සමත් වූයේ නැත. ඒ අතරතුර නායක ජෝ රූට් පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලකුණු 100ක් ලබා ගනිමින් පන්දුවට පහර දීමට ජොස් බට්ලර් කැඳවිය.

>> තරගාවලියේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

එංගලන්ත ඉනිමේ සිව්වැනි කඩුල්ල දැවී යන්නේ ලකුණු 220ක් වෙද්දී ය. ඒ ජොස් බට්ලර්ගේ දැවී යෑමත් සමඟිනි. බට්ලර් පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 44ක් ලබා ගත්තේ ය. එම කඩුල්ලේ හිමිකාරිත්වය 21 හැවිරිදි දකුණතින් පිට දඟපන්දු යවන නිශාන් පීරිස් සතු විය.

ඔහුගේ අනෙක් ගොදුරු දෙක වූයේ බෙන් ස්ටොක්ස් සහ මොයින් අලි ය. බෙන් ස්ටොක්ස් පන්දු 50කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තේ ය. මොයින් අලි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 60කි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 75කට මුහුණ දුන් අතර හතරේ පහර 6ක් සහ හයේ පහරක් තම ඉනිමට ඇතුලත් කර ගත්තේ ය.

දිනය අවසන් වෙමින් තරගය නිමා වෙද්දී ඔලේ පොප් පන්දු 41ක දී ලකුණු 18ක් සහ බෙන් ෆොක්ස් පන්දු 38ක දී ලකුණු 16ක් ලබා ගනිමින් පිටියේ නොදැවී රැඳී සිටිය හ.  

පන්දුවක් හිසේ වැදී පැතුම් නිස්සංක ආබාධයකට

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම හා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර කොළඹ එන්. සී. සී. පිටියේ දී..

පන්දු යැවීමේ දී නිශාන් පීරිස් ලකුණු 108කට කඩුලු 3ක් දවා ගත්තේ ය. ඊට අමතරව ලහිරු කුමාර සහ ෂෙශාන් මධුශංක කඩුල්ල බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 392 (89.5) ලහිරු තිරිමාන්න 45, කෞෂාල් සිල්වා 62, සධීර සමරවික්‍රම 58, ඇන්ජලෝ මැතිව්ස් 45, අශාන් ප්‍රියන්ජන් 50, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 59, මොයින් ඛාන් 2/64,

එංගලන්තය; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 365 (90.0) රොරි බර්න්ස් 47, ජෝ ඩෙන්ලි 25, ජෝ රූට් 100, බෙන් ස්ටොක්ස් ජොස් බට්ලර් 44, මොයින් අලි 60, නිශාන් පීරිස් 3/108

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි දෙදින පුහුණු තරගය හෙට (01) කොළඹ සී. සී. සී. පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

දෙවන පුහුණු තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම: ලහිරු තිරිමාන්න (නායක), කෞශාල් සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්, මනෝජ් සරත්චන්ද්‍ර, අශාන් ප්‍රියන්ජන්, ජෙෆ්රි වැන්ඩසේ,  ශෙහාන් මධුසංක, නිශාන් පීරිස්, ලහිරු කුමාර, පැතුම් නිස්සංක සහ දුෂ්මන්ත චමීර

තරගයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<