ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ කළුතර සිරි කුරුස විද්‍යාලය අතර පැවැත්වෙන මංගල සිහින සංග්‍රාමය මේ මස 30 සහ 31 දෙදින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
මංගල මහා තරගයේ දී සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවීමේ භාග්‍ය කවිඳු අමරසිංහ වෙත ද සහ සිරි කුරුස විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවීමේ භාග්‍ය සනුක චෙරාන් වෙත ද හිමි ව තිබෙනවා.
සාන්ත ඇලෝසියස් විද්‍යාලය
ගාල්ල කල්වාරි කන්දේ දී 1895 වසරේ දී ශාන්ත ඇලෝසියස් විද්‍යාල ආරම්භ වෙන්නේ මිශ්‍ර පාසලක් ලෙසයි. කල්වාරි කන්දේ ස්ථාපිත වූ බැවින් ම කල්වාරි කන්ද පාසල ලෙසින් ප්‍රදේශයේ ප්‍රචලිත වූ මේ පාසල කල්යත් ම පිරිමි පාසලක් බවට පත් වෙනවා. එක් පසෙක මරියතුමියගේ දෙව් මැදුරත් තවත් පසෙක ශ්‍රී හෘදය කන්‍යාරාමයත් පිහිටි බැවින් මේ පාසල පිරිමි පාසලක් බවට පත් වෙන්නට ඇතැයි පවතින විශ්වාසයයි.
ලතින් භාෂාවෙන් Certa Viriliter හෙවත් “මිනිසකු සේ දිරි වඩන්න” යන පාඨයෙන් යුක්ත ව දෙස් විදෙස් සුපතල පුද්ගලයන් බිහි කළ සාන්ත ඇලෝසියස් විද්‍යාලය මේ ගත කරන්නේ 130 වැනි සංවත්සර වසරයි.
ඔවුන් මෙම මංගල තරගයට එක් වෙන්නේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ 2024/25 තරග සමයේ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ Tier B කාණ්ඩයේ එක්දින ශූරයන් ලෙසින් සහ දෙදින තරගාවලියේ 5 වැනි ස්ථානය ලත් කණ්ඩායම ලෙසයි.
සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
කවිඳු අමරසිංහ (නායක), ඔෂද දේවින්ද (උප නායක), සසිඳු මදුසර, තිනුක ගීනාත්, නවිඳු ප්‍රමෝද්, ජෙනිත් අකේන්, දෙනෙත් දෙව්මින්ද, කවිඳු එදිරිසිංහ, විනෝද් ධනුශ්ක, ප්‍රභාෂ් නිර්වාන්, දුල්සත් නිම්විරු, එමල්ශ පබසර, සසිඳු රන්දීප, සේවිත දුල්මාල්.
ඒ. ජේ. පී. පී. පුබුදු සම්පත් (විදුහල්පති), එස්. පී. නාගහවත්ත (නියෝජ්‍ය විදුහල්පති – ක්‍රීඩා), ගයාන් කුමාර (ක්‍රීඩා භාර ආචාර්ය), එස්. එච්. ඉඳුනිල් ධනුශ්ක (ක්‍රිකට් භාර ආචාර්ය), කවිඳු සුරේශන (ප්‍රධාන පුහුණුකරු).
- 65 වැනි මැංගුස් සටන මොරටුවේ දී
- 20 වැනි ‘ඌව රන් සටන‘ සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී
- ගම්පහත් – පුත්තලමත් ගැටෙන රන් මුසු නීල සටන
- ඇල්පිටියේ හරිත – නීල සටන ගාල්ලේ දී
- සාන්ත ඇලෝසියස් විද්‍යාලය අවසන් සටනට
සිරි කුරුස විද්‍යාලය
අතීතයේ පෘතුගීසි මුර පොළක් යැයි සැලකෙන පරංගි ගොඩැල්ල වත්තේ පිහිටි සිරි කුරුස දේවස්ථානය හා සමඟාමිවී ඉදි වූ සිරි කුරුස විද්‍යාලයේ ආරම්භය ලෙසින් සැලකෙන්නේ 1890 වසරයි.
ගාලු පාරත්, මුහුදුබඩ දුම්රිය මාර්ගයත් සහ කළු ගං කලපුවත් ඉදිරියේ විරාජමානව ඉදිවුණ සිරි කුරුස විද්‍යාලය මෙම තරගාවලිය එක් වෙන්නේ නිමා වූ වසරේ දී ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ Tier B කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ කණ්ඩායමක් ලෙසයි.
සිරි කුරුස විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
සනුක චෙරාන් (නායක), යසිත් තරුශ්ක, විහඟ නෙත්රු, ඉඳුවර අනුහස්, ෆිර්නාස් ජෙමාන්, ස්ටීව් රෝෂන, ආකාශ් ගමගේ, මෙවිඳු පැහැසර, හිමරු දේශාන්, සබෝද දෙව්තිලිණ, චමෝද් ප්‍රසන්න, මතීෂ නෙත්සර, දිමුතු ප්‍රනාන්දු, හංසන හිඳුරංග, රුසිත් ජයවර්ධන, සිත්රු චමත්ක, විහඟ ඔෂද,
ප්‍රසත් නිරංජන් ප්‍රනාන්දු පියතුමා (විදුහල්පති), මිලාන් බර්නාඩ් පියතුමා (නියොජ්‍ය විදුහල්පති), දිමුතු ප්‍රනාන්දු (ක්‍රිකට් භාර ආචාර්ය), සරත් ජයවර්ධන (ප්‍රධාන පුහුණුකරු), නමිඳු නුවන් (සහාය පුහුණුකරු)
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මංගල සිහින සටනට එක් වෙන ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට සහ කළුතර සිරි කුරුස විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්!
මෙම තරගයේ සජීවී දසුන් Dialog Television හී ThePapare TV 1 නාලිකා අංක 62 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.
තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<