මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය අතර 126 වැනි වරටත් පැවැති මාතොට නිල් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත සර්වේශස් විද්‍යාලය සමත් වෙන අතර, ඒ වෙනුවෙන් පිරිනැමෙන සනත් ජයසූරිය – ඉන්දික ද සේරම් කුසලානය ද හිමි කර ගත්තා.
ඔවුන් මෙවර මෙම ජයග්‍රහණය ලබා ගන්නේ වසර 55කට පසුව වීම විශේෂත්වයක්. මීට පෙර ඔවුන් මාතොට නිල් සටන ජයග්‍රහණය කර තිබුණේ 1971 වසරේ දී නිමල් මුණවීර ගේ නායකත්වය යටතේයි.
>>මාතොට තෝමස්වරුන් ප්‍රතිවාදීන් මවිත කරයි<<
මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී නිමා වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත තෝමස් විද්‍යාලය තම පළමු ඉනිමට රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 158ක් පමණක් වන අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත සර්වේශස් විද්‍යාලය සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 118ක් පමණයි.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ චමෝද් මිහිරංග. ඔහු පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 41ක් ලබා ගන්නවා. ඊට අමතර ව ආරම්භක පිතිකරු හේෂාන් මදුශංක ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 31ක්.
කඩුලු දවා ගැනීමේ දි පුනාල් පමුදිත සහ වින්දිල චනුත් කඩුලු 3ක් බැගින් දවා ගන්නා ලද අතර ඊට අමතර ව විහඟ සංකලන කඩුලු 2ක් ද, දිනුර පවින්ජි සහ තත්සර දෙව්මිත් කඩුල්ල බැගින් ද දවා ගන්නවා.
ලකුණු 19ක් ද අතැතිව තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලය එවර ද රැස් කර ගන්නේ අඩු ලකුණු සංඛ්‍යාවක්. ඔවුන්ගේ ඉනිම ලකුණු 137කට සීමා වෙනවා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ ආරම්භක පිතිකරු අබ්දුල් මාජීඩ්. ඔහු පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 40ක් ලබා ගන්නවා. ඊට අමතර ව කුමේෂ් නුවන්ජන පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී ලසිඳු රාමනායක ලකුණු 47කට කඩුලු 7ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව විරාන් චමුදිත සතු වූ කඩුලු සංඛ්‍යාව 3ක්.
- විසඳුමක් නැති සුනිල සංග්‍රාමයට වාර්තා රැසක්
- කවිජගේ තුන් ඉරියව් දස්කම් සමඟ කිංග්ස්වුඩ් විද්‍යාලය වසර 68 අතීතය වෙනස් කරයි!
- ආදරවන්තයන් මේ වසරේත් විසඳුමක් නැතිව වෙන්වෙයි
- නවසීලන්ත A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට දින නියම වෙයි
- සාන්ත සෙබස්තියන්වරුන් නැවතත් T20 තරගය දිනයි
ජයග්‍රහණය සඳහා ලකුණු 177ක් පිටුපස සිටිමින් තම 2 වැනි ආරම්භ කළ සාන්ත සර්වේශස් විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 180ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරනවා.
එම ඉනිමේ දී විරාන් චමුදිත පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 81ක් ලබා ගන්නේ කඩුලු 4ක් දැවී ලකුණු 29ක් ව තිබූ තම විද්‍යාලයීය ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 116ක් බවට පත් කරමිනුයි.
එහි දී විරාන් චමුදිත සහ තත්සිලු බණ්ඩාර 5 වැනි කඩුල්ලට පන්දු 154ක දී ලකුණු 87ක සබඳතාවක් එක් කරනවා.
විරාන් චමුදිත ගේ දැවී යෑමෙන් අනතුරු ව තත්සිලු බණ්ඩාර සහ චමරිඳු නෙත්සර 6 වැනි කඩුල්ලට පන්දු 150ක දී නොදැවුණ ලකුණු 64ක් එක් කරමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යනවා.
ඒ වෙද්දී තත්සිලු බණ්ඩාර පන්දු 149කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 42ක් ද සහ චමරිඳු නෙත්සර පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 34ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී තත්සර දෙව්මිත් ලකුණු 25කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව අබ්දුල් රශීඩ්, පුනාල් පමුදිත සහ විහඟ සංකලණ කඩුල්ල බැගින් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
සාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 158 (53.5) අබ්දුල් මාජිඩ් 26, තත්සර දෙව්මිත් 59, කුමේෂ් නුවන්ජන 32, මුහමදුල් සාධික් 4/37, සමිරු ගිම්හාන් 3/26
සාන්ත සර්වේශස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 118 (41.3) හේෂාන් මදුශංක 31, චමොද් මිහිරංග 41, පුනාල් පමුදිත 3/16, විහඟ සංකල්ප 2/10, වින්දිල චනුත් 3/26
සාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 137 (58.1) අබ්දුල් මාජිඩ් 40, කුමේෂ් නුවන්ජන 37, විරාන් චමුදිත 3/59, ලසිඳු රාමනායක 7/47
සාන්ත සර්වේශස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුල 5ක් දැවී 180 (56.1) විරාන් චමුදිත 81, තත්සිලු බණ්ඩාර නොදැවී 42, චමරිඳු නේතසර නොදැවී 34, තත්සර දෙව්මිත් 2/25
සාන්ත සර්වේශස් විද්‍යාලයට කඩුලු 5ක ජයක්.
සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් සුවිශේෂී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෝ
- තරගයේ දක්ෂතම පන්දු රකින්නා – උමේෂ් රුවන්ජන
- තරගයේ දක්ෂතම පන්දු යවන්නා – පුනාල් පමුදිත
- තරගයේ දක්ෂතම පිතිකරු – අබ්දුල් මාජිඩ්
සාන්ත සර්වේශස් විද්‍යාලය වෙනුවෙන් සුවිශේෂී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෝ
- තරගයේ දක්ෂතම පන්දු රකින්නා – සරිඳු නෙත්සර
- තරගයේ දක්ෂතම පන්දු යවන්නා – ලසිඳු රාමනායක
- තරගයේ දක්ෂතම පිතිකරු – තත්සිලු බණ්ඩාර
- තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – විරාන් චමුදිත (සාන්ත සර්වේශස් විද්‍යාලය)
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















