මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර 119 වැනි වරට ක්‍රියාත්මක වන කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට කිංග්ස්වුඩ් විද්‍යාලය විසින් අද (22) සමත් වුනා.
තරගයේ පළමු ඉනිම වෙනුවෙන් කිංග්ස්වුඩ් විද්‍යාලය ලකුණු 226ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඊට පිළිතුරු ලෙස ධර්මරාජ ක්‍රීඩකයින් ඊයේ (21) දිනයේ සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 160ක් රැස් කිරීමට සමත් වුනා.
ඒ අනුව ධර්මරාජ විද්‍යාලයට වඩා ලකුණු 66ක් පෙරමුණේ රැඳෙමින් කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් ඊයේ දිනයේ ම සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර, ඊයේ දිනට තරගය නතර කරන විට ඔවුන් කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 102ක් ලබා ගැනීමට සමත් වී සිටියා.
අද දිනයේ දී කිංග්ස්වුඩ් විද්‍යාලය විසින් සිය දෙවැනි ඉනිම ලකුණු 248ක් කරා රැගෙන ගොස් නතර කිරීමට තීරණය කරන විට ඔවුන්ගේ දැවී ගොස් තිබුණේ කඩුලු 4ක් පමණයි.
මේ වෙනුවෙන් ආරම්භක පිතිකරු ආදෙල් ශෙරිෆ් විසින් ලකුණු 71ක් එක් කිරීමට සමත් වුනා.
එමෙන්ම පළමු ඉනිමේ දී කිංග්ස්වුඩ් විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට ශතකයක් වාර්තා කළ කවිජ ගමගේ නැවතත් ක්‍රියාත්මක වෙමින් පන්දු 80ක් පමණක් වැය කරමින් තවත් ශතකයක් (නොදැවී ලකුණු 100) ලබා ගැනීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් හතරේ පහර 06ක් සහ හයේ පහර 05ක් අන්තර්ගත වුනා.
මේ අනුව ධර්මරාජ විද්‍යාලයට අද දිනය තුළ තරගය ජය ගැනීම සඳහා ලකුණු 314ක ඉලක්කයක් හිමි වූ අතර, එසේත් නොමැති නම් තරගය පරාජය නොවී සිටීම වෙනුවෙන් සිය කඩුලු 10 ආරක්ෂා කර ගැනීමේ වගකීම ඔවුන් වෙත පැවරුණා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
ධර්මරාජ ක්‍රීඩකයින් ඒ වෙනුවෙන් සිය උපරිම උත්සාහය ලබා දෙමින් පන්දුවාර 72 පන්දු 4ක් තිස්සේ කඩුල්ලේ රැඳෙමින් පිතිකරණයේ නියැලුණා.
මෙහි දී ධර්මරාජ ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ කවිඳු ගුණරත්න විසින් ලකුණු 42ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔමේෂ් ඒකනායක ලකුණු 34ක් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් ඔවුන්ට දිනය නිමා වන තෙක් පිතිකරණයේ යෙදීමට කිංග්ස්වුඩ් පන්දු යවන්නන් ඉඩ ලබා දුනේ නැහැ. ඒ අනුව ධර්මරාජ දෙවැනි ඉනිම ලකුණු 166කට සීමා වූ අතර, මෙවර ද පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වූ කෙනුල පිහිලියන්ග ලකුණු 54කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුනා.
ඒත් සමඟ කෙනුල විසින් සමස්ත තරගය තුළ කඩුලු 11ක් දවා ගැනීමට සමත් වුනා.
ධර්මරාජ දෙවැනි ඉනිමේ ඉතිරි කඩුලු 04ම කවිජ ගමගේ සතු වූ අතර, සමස්ත තරගයේ දී ඔහු විසින් කඩුලු 08 දවා ගැනීමට සමත් වුනා, එමෙන්ම ඔහු පිත්තෙන් ශතක දෙකක් වාර්තා කරමින් ලකුණු 212ක් ලබා ගැනීමට සමත් වීමත් විශේෂත්වයක්.
මේ අනුව මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය විසින් 119 වැනි කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයෙන් ලකුණු 148ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සමත් වනවා.
අවසන් වරට කිංග්ස්වුඩ් විද්‍යාලය විසින් සුලෝහිත සංග්‍රාමය ජය ගැනීමට සමත් වුනේ 1958 වසරේ වන අතර, ඒ අනුව ඔවුන් වසර 68කට පසුවයි මෙසේ නැවතත් සුලෝහිත සංග්‍රාමයක් ජය ගැනීමට සමත් වන්නේ.
දේශීය පාසල් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















