මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර 119 වැනි වරට ක්‍රියාත්මක වන කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයේ දෙවැනි දිනය අද (21) ක්‍රියාත්මක වුනා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කිංග්ස්වුඩ් විද්‍යාලය ඊයේ (20) දිනයේ ලකුණු 226ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඊට පිළිතුරු ලෙස ක්‍රියාත්මක වූ ධර්මරාජ විද්‍යාලයේ පළමු ඉනිම අද දිනයේ දී ක්‍රියාත්මක වුනා.
ධර්මරාජ පිතිකරුවන් සිය පළමු ඉනිම සඳහා අද රැස් කිරීමට සමත් වුනේ ලකුණු 160ක් පමණයි. මෙහි දී ඒ වෙනුවෙන් ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් මන්දිල් ගුණවර්ධන ලකුණු 59ක් ලබා ගැනීමට සමත් වූ අතර, සසිත් බණ්ඩාර ලකුණු 46ක් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් මොවුන් දෙදෙනා හැරුණු කොට වෙනත් එකදු පිතිකරුවකුට හෝ ලකුණු 20 සීමාව ඉක්මවා යාමටවත් ඉඩ ලබා දීමට කිංග්ස්වුඩ් පන්දු යවන්නන් කාරුණික වුනේ නැහැ.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
කිංග්ස්වුඩ් විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කෙනුල පිහිලියන්ග ලකුණු 42කට කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වූ අතර, මීට අමතරව කවිජ ගමගේ ලකුණු 70කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.
මින් අනතුරුව ධර්මරාජ ඉනිමට වඩා ලකුණු 66ක් පෙරමුණේ රැඳෙමින් කිංග්ස්වුඩ් විද්‍යාලය සිය දෙවැනි ඉනිම ද අද දිනයේ ම ආරම්භ කළා.
අද දිනය අවසන් වන විට ඔවුන් පන්දුවාර 34ක් පිතිකරණයේ යෙදෙමින් කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 102ක් ලබා ගැනීමට සමත් වී ඇති අතර, මෙහි දී ආදෙල් ශෙරිෆ් නොදැවී ලකුණු 39ක් ලබා සිටිනවා.
ඒ අනුව තරගයේ දෙවැනි දිනය නිමා වන විට කිංග්ස්වුඩ් විද්‍යාලය විසින් ධර්මරාජ විද්‍යාලයට වඩා ලකුණු 168ක් පෙරමුණේ පසු වනවා. තරගයේ තෙවැනි සහ අවසන් දිනය හෙට (22) ක්‍රියාත්මක වීමට නියමිතයි.
දේශීය පාසල් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















