වෙළඳ සේවා ක්‍රිකට් සංගමය. සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ද සහයෝගය ඇතිව 10 වැනි වරටත් සංවිධානය කළ MCA Super Premier League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් වීමට රමේෂ් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් Hayleys Group A කණ්ඩායම සමත් වූවා.
කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී (02) විදුලි ආලෝක මධ්‍යයේ පැවැති අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වූයේ සොනාල් දිනූෂ ගේ නායකත්වයෙන් යුත් CDB A කණ්ඩායමයි. ඔවුනොවුන් අතර පැවැති අවසන් මහා තරගයේ දී Hayleys Group A ක්‍රීඩකයෝ ශූරයන් බවට පත් වෙන්නේ ලකුණු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමඟිනුයි.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ CDB A කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Hayleys Group A ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 127ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි CDB A කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 122ක් පමණයි.
Hayleys Group A කණ්ඩායම
රමේෂ් මෙන්ඩිස් (නායක), නිශාන් මදුශ්ක, සදීර සමරවික්‍රම, මිනෝද් භානුක (කඩුලු රකින්නා), ලහිරු සමරකෝන්, නුවනිඳු ප්‍රනාන්දු, රවිඳු ප්‍රනාන්දු, කවිශ්ක අංජුල, කලන පෙරේරා, ප්‍රභාත් ජයසූරිය සහ ට්‍රෙවීන් මැතිව්.
CDB A කණ්ඩායම
සොනාල් දිනූෂ (නායක), ෂෙවොන් ඩැනියෙල්, ලහිරු උදාර (කඩුලු රකින්නා), පුලිඳු පෙරේරා, පවන් රත්නායක, දුනිත් වෙල්ලාලගේ, මුදිත ලක්ෂාන්, මොවින් සුබසිංහ, තරිඳු රත්නායක, ඉසිත විජේසුන්දර සහ නවිඳු ප්‍රභාෂ්.
කාසියේ වාසිය පැරදීමෙන් අනතුරු ව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Hayleys Group A කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ නිශාන් මදුශ්ක සහ සදීර සමරවික්‍රම එක් ව පළමු කඩුල්ලට පන්දු 43ක දී ලකුණු 55ක සබඳතාවක් එක් කරනවා. ඒ අතුරින් පළමුවෙන් ම දැවී යන්නේ නිශාන් මදුශ්ක. ඔහු දැවී යන විට පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබා සිටියා.
ඉන් අනතුරු ව පිටියට පිවිසි මිනෝද් භානුක (2), ලහිරු සමරකෝන් (1), නුවනිඳු ප්‍රනාන්දු (8) සහ රවිඳු ප්‍රනාන්දු (2) අඩු ලකුණුවලට දැවී යන අතර ඒ අතර ආරම්භක පිතිකරු සදීර සමරවික්‍රම ද දැවී යනවා. ඔහු ඉනිමේ සිව් වැනි කඩුල්ල ලෙසින් දැවී යන විට පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා සිටියා.
ලකුණු 79කට කඩුලු 6ක් දැවී ගොස් තිබිය දී නායක රමේෂ් මෙන්ඩිස් හා කවිශ්ක අංජුල (11) එක් ව පන්දු 24ක දී ලකුණු 26ක සබඳතාවක් එක් කරමින් Hayleys Group A ඉනිමේ ලකුණු පුවරුවට ලකුණු 100 පසු කිරීමට අවස්ථාව උදා කළා.
රමේෂ් මෙන්ඩිස් පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර ද්විත්වයක් සමඟින් ලකුණු 29ක් ලබා ගත් අතර ඉනිමේ පසුපෙළින් පිටියට පිවිසි කලණ පෙරේරා (7), ප්‍රභාත් ජයසූරිය (0) සහ ට්‍රෙවින් මැතිව් (0*) ද තම ඉනිම අඩු ලකුණුවලට සීමා කර ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී ඉසිත විජේසුන්දර ලකුණු 24කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව දුනිත් වෙල්ලාලගේ කඩුලු 2ක් ද, තරිඳු රත්නායක සහ මුදිත ලක්ෂාන් කඩුල්ල බැගින් ද දවා ගත්තා.
- Hayleys පරාජය කරමින් Maliban Biscuits ජය ගනී
- සම සත්කාරකයන්ගේ 2025 ලෝක කුසලාන වන්නම්
- හොංකොං යන සය සාමාජික කණ්ඩායමේ නායකත්වය ලහිරු මදුශංකට
- CDB A කණ්ඩායමට තවත් ජයක්
- Hayleys Group A අවසන් මහා තරගයට
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි CDB A කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෂෙවොන් ඩැනියෙල් එක් අන්තයක හුදකලා වෙද්දී ලහිරු උදාර (0), පුළිඳු පෙරේරා (0) සහ පවන් රත්නායක (1) අඩු ලකුණුවලට දැවී යෑම CDB A කණ්ඩායමේ කඩා වැටීමේ ආරම්භය වූවා.
ඉන් අනතුරු ව දුනිත් වෙල්ලාලගේ පන්දු 9ක දී හයේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ලබා ගනිමින් CDB A කණ්ඩායමට ජීවය එක් කළා. නමුත් ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව මුදිත ලක්ෂාන් ලකුණු 4ක් ලබා සිටිය දී දැවී යන අතර ඉන් අනතුරු ව පිටියට එක් වෙන්නේ මොවින් සුබසිංහ.
ෂෙවොන් ඩැනියෙල් සහ මොවින් සුබසිංහ එක්ව CDB A ලකුණු පුවරුව ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට උත්සාහ කළ ද ඔවුන් දෙදෙනාට 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලබා ගැනීමට හැකි වෙන්නේ පන්දු 23ක දී ලකුණු 27ක් පමණයි. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ මොවින් සුබසිංහ ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා සිටියා.
අනතුරුව කඩුලලේ දී එතෙක් කණ්ඩායම වෙනුවෙන් අගනා මෙහෙවරක් කරමින් සිටි ආරම්භක පිතිකරු ෂෙවෝන් ඩැනියෙල් ද දැවී යනවා. ඔහු දැවී යන විට පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 48ක් ලබා සිටියා.
අනතුරු ව CDB A ඉනිමට තරිඳු රත්නායක ලකුණු 12ක් සහ නවිඳු ප්‍රභාෂ් ලකුණු 2ක් එක් කරමින් දැවී යන අතර ඉනිම අවසන් වන විට ඉසිත විජේසුන්දර පන්දු 9කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 12ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීෆම් දී නායක රමේෂ් මෙන්ඩිස් ලකුණු 21කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරද්දී රවිඳු ප්‍රනාන්දු ද කඩුලු 3ක් දවා ගන්නවා. ඊට අමතර ව Hayleys Group A කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් කලණ පෙරේරා, ප්‍රභාත් ජයසූරිය සහ කවිශ්ක අංජුල ද කඩුල්ල බැගින් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Hayleys Group A – සියලුම දෙනා දැවී 127 (19.3) නිශාන් මදුශ්ක 27, සදීර සමරවික්‍රම 33, රමේෂ් මෙන්ඩිස් 29, දුනිත් වෙල්ලාලගේ 2/17, ඉසිත විජේසුන්දර 4/24
CDB A – සියලුම දෙනා දැවී 122 (19.5) ෂෙවෝන් ඩැනියෙල් 48, මොවින් සුබසිංහ 16, රමේෂ් මෙන්ඩිස් 3/21, රවිඳු ප්‍රනාන්දු 3/24
CDB A කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
- තරගයේ වීරයා – රමේෂ් මෙන්ඩිස් (Hayleys Group A)
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















