109th Northern Battle of the Golds යාපනය මධ්‍ය මහා විද්‍යාලය සහ යාපනය සාන්ත පැට්රික් විද්‍යාලය අතර 109 වැනි වරටත් පැවැත්වෙන උතුරු රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (13) යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය පිටියේ දී 2 වැනි දිනයට අවසන් වෙද්දී තම 2 වැනි ඉනිමට ක්‍රීඩා කරන යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 50ක් ඉදිරියෙන් සිටියා.
යාපනය මැදි විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 176කට දැවී යයි
කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත පැට්රික් විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 176ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත පැට්රික් විද්‍යාලයීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 225ක් ලබා ගත්තේ තරගයේ පළමු ඉනිමේ වාසිය තමන් සතු කර ගනිමින්.
අද තරගය ආරම්භ වන විට යාපනය සාන්ත පැට්රික් විද්‍යාලයීය ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 40ක් ලබා සිටිමින් ඉනිම ආරම්භ කළ අතර ඒ වෙද්දී පිටියේ නොදැවී රැඳී සිටි Sivanathan Shehaan සහ Nishanthan Harin Adrian එක් ව පළමු කඩුල්ලට ලකුණු 89ක සබඳතාවක් එක් කරනවා.
එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ උප නායක Sivanathan Shehaan පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 45කට දැවී යෑමත් සමඟිනුයි. ඉනිමේ 3 වැනි කඩුල්ල ලෙසින් Nishanthan Harin Adrian දැවී යද්දී පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 42ක් ලබා සිටියා.
ඔවුන් දෙදෙනා ට අමතර ව පසු පෙළින් පිටියට පිවිසි Jeyarajarupan Dinulaxsan අර්ධ ශතකයක් ලබා ගැනීම කැපී පෙණුනා. ඔහු ඉනිමේ 9 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා.
ඊට අමතර ව Titus Jojesh පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 34ක් ද සහ Selvakumar Smith Zenari පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 20ක් ද ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී Vasuthevan Vishnugoban ලකුණු 82කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Hamish Harmishon ලකුණු 51කට කඩුලු 3ක් ද සහ Thivakaran Karthikan සහ Supesan Thaksikan කඩුල්ල බැගින් දවා ගන්නවා.
- ඉන්දියාව තවත් තවත් කුසලාන සොයමින් ඉදිරියට!
- වසර ද්විත්වයකට පසු උතුරු සටනේ ජය යාපනය මැදි විදුහලට
- සුලෝහිත සංග්රාම එක්දින තරගයේ ජය නාලන්දාවට
- වෙල්ලාලගේ මොරටු රන් සටනට අර්ධ ශතකයක් එක් කරයි
ලකුණු 49ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිම ආරම්භ කළ යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 99ක් ලබා සිටියා.
එම ඉනිම වෙනුවෙන් Sasikaran Ashmin පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 49ක් ලබා සිටි අතර තරගය නතර කරන විට Ketheeswaran Harishan පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 32ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Premanayakam Mathusan ලකුණු 17කට කඩුලු 2ක් දවා ගෙන සිටියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිමසියලුම දෙනා දැවී 176 (79.0) Robinson Uthayakumar Johnson 41, Hamish Harmishon 61, Uthajaraja Kenreksan 31, Japinson Kemishan 3/29, Mathiyalagan Steef Adhithya 4/25
- සාන්තපැට්රික් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 225 (58.3) Sivanathan Shehaan 45, Nishanthan Harin Adrian 42, Titus Jojesh 34, Jeyarajarupan Dinulaxsan 50, Selvakumar Smith Zenari 20, Vasuthevan Vishnugoban 5/82, Hamish Harmishon 3/51
- යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම -දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 99 (39.0) Sasikaran Ashmin 49, Ketheeswaran Harishan නොදැවී 32, Premanayakam Mathusan 2/17
යාපනය මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 50ක් ඉදිරියෙන්.
මෙම තරගය හෙට (14) 3 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
මෙම තරගයේ පන්දුවෙන් පන්දුව උණුසුම ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare 2 නාලිකාව ඔස්සේ Dialog TV චැනල් 127 සුසර කර ගැනීමෙන් සජීවී ව නැරඹිය හැකි අතර ඊට අමතර ව Dialog app සහ ThePapare.com වෙතින් ද නැරඹිය හැකියි.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















