ද මැසනොඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

197

ද මැසනොඩ් විද්‍යාලයට එදිරිව නාලන්ද විද්‍යාලයත්, සහිරා විද්‍යාලයට එදිරිව සාන්ත ඇලෝසියස් විද්‍යාලයත් අද (17) සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ තරග කරන ලදි.

සංජුලගේ වික්‍රමයෙන් ඉසිපතනයට පළමු ඉනිමේ ජයක්

ඉසිපතන විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය අතර ඊයේ (15) ආරම්භ වූ වයස අවුරුදු 19න්…

ද මැසනොඩ් විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය

කාසියේ වාසිය දිනාගත් නාලන්ද විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට සත්කාරක මැසනොඩ් විද්‍යාලයට ඇරයුම් කළේය.

පළමුව පන්දුවට පහර දුන් මැසනොඩ් විද්‍යාලයේ පසිඳු රාජමුණින්ද ලකුණු 45ක් ලබාගෙන ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 176ක් දක්වා රැගෙන යාමට සහය විය. පන්දු යැවීමේ දී චමිඳු විජේසිංහ හා රවීන් ද සිල්වා කඩුලු 4 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම දියත් කළ නාලන්ද විද්‍යාලයට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 136ක් වන අතර, ඊට සචිත ගුණතිලක විසින් වාර්තා කළ ලකුණු 38ත් ඇතුලත්ය. දක්ෂ ලෙස පන්දු යවමින් සිය විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් තහවුරු කළ මිතිල ගීත් ලකුණු 35ක් තුල කඩුලු 5ක් දවා ගන්නා ලදි.

ලකුණු 40ක වාසියක් සහිතව පිටියට පිවිසි මැසනොඩ් විද්‍යාලය වෙනුවෙන් ඔවුන්ගේ අනිත් පිතිකරුවන්ට සාපේක්ෂව අනර්ඝ පිතිකරණයක නිරත වීමට සාලිය ජූඩ්ට හැකි විය. නාලන්ද විද්‍යාලයේ කවීත් මදුරප්පෙරුම කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් දැක්විය.

දසුන් ශානක නිසා ශ්‍රී ලංකාවට අමතර වාසියක්!

තණතිල්ලේ ස්වභාවය අනුව අවසන් මොහොතේ කණ්ඩායමට නම් කළ දසුන් ශානකගේ සුවිශේෂී…

ලකුණු 203ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමේ අරමුණ පෙරදැරිව පිටියට පිවිසි නාලන්ද විද්‍යාලය දිනය අවසානයේ ලකුණු 133ක් රැස් කර ගත්තේ කඩුලු 7ක් දවා ගනිමිනි. පන්දු යැවීමේ දී රොමාල් ප්‍රනාන්දු ලකුණු 29ක් තුල කඩුලු 4යි. අවසානයේ මැසනොඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයකින් සෑහීමකට පත් වීමට සිදු විය.

ද මැසනොඩ් විද්‍යාලය පළමු ඉනිම – 176/10 (47.5): පසිඳු රාජමුණින්ද 45, ක්‍රිශාන් සංජුල 39, සාලිය ජූඩ් 30, චමිඳු විජේසිංහ 4/30, රවීන් ද සිල්වා 4/50.

නාලන්ද විද්‍යාලය පළමු ඉනිම – 136/10 (41.1): සචිත ගුණතිලක 38, රනිඳු ද සිල්වා 22,  මිතිල ගීත් 5/35, ප්‍රවීන් ජූඩ් 2/00, රොමාල් ප්‍රනාන්දු 2/31.

ද මැසනොඩ් විද්‍යාලය දෙවන ඉනිම – 162/10 (53.1): සාලිය ජූඩ් 42, නිම්න ප්‍රනාන්දු 27, ක්‍රිශාන් සංජුල 25, කවීත් මදුරප්පෙරුම 5/40, රවීන් ද සිල්වා 2/32.

නාලන්ද විද්‍යාලය දෙවන ඉනිම – 133/7 (44): දිහාර පොල්ගම්පල 25, චමිඳු විජේසිංහ 25, රවීන් ද සිල්වා 22*, රොමාල් ප්‍රනාන්දු 4/29, ප්‍රවීන් ජූඩ් 2/52.


සහිරා විද්‍යාලය හා සාන්ත ඇලෝසියස් විද්‍යාලය

කාසියේ වාසිය හිමි කර ගත් සත්කාරක සහිරා විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේ සිය තණතීරුවේ හැසීරීම මනාව හඳුනන නිසාවෙන් විය යුතුයි.

සහිරා විද්‍යාලයේ උප නායක රිෆාත් රිස්වාන් සිය වගකීම හැකි උපරිමයෙන් ඉටු කරමින් ලකුණු 67ක් වාර්තා කළේය. දකුණතින් පිත්ත හැසිර වූ ඔහු වර්ණවත් 4 පහර කිහිපයක්ම සාන්ත ඇලෝසියස් පන්දු යවන්නන්ට එදිරිව එල්ල කරන ලදි. පන්දු යැවීමේ දී දකුණතින් පන්දු යවන රවිඳු සංජන කඩුලු 4ක් දවා ගන්නා විට වමතින් දඟපන්දු යවන හරීන් බුද්ධිල කඩුලු 4ක් දවා ගන්නා ලදි. දිනය අවසානයේ සාන්ත ඇලෝසියස් විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 122ක් ලබා ගෙන සිටින්නේ සහිරා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 67ක් පසුපසින් පසුවෙමිනි. රවිඳු සංජන ලකුණු 47යි.

සහිරා විද්‍යාලය පළමු ඉනිම – 189/10 (70.3): රිෆාත් රිස්වාන් 67, යසිත් නිර්මාල් 23, මොහොමඩ් ශහදුල්ලා 20, රවිඳු සංජන 4/22, හරීන් බුද්ධිල 3/51.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 122/5 (30): රවිඳු සංජන 47, අශේන් බණ්ඩාර 23*, රිද්මික නිමේෂ් 3/24.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<