ජෝසප් වාස් විද්‍යාලයේ ඉනිම ගොඩනැගුමට මනුෂ්ක හරස් වෙයි

158

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (10) දිනයේ දීද දිවයින පුරා පිහිටි ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්වුනා.

ශ්‍රී ලංකා නම්බුව විස්සයි විස්සෙන් ගොඩයන ලකුණු?

පසුගිය 15 වැනිදා ආරම්භ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයේ අවසන් ක්‍රිකට් තරගය හෙවත් එකම විස්සයි විස්ස……

කැලණිය ගුරුකුල විද්‍යාලය හා මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

C කාණ්ඩයේ තරගයක් ලෙස මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පළමු දිනය සඳහා පැවැත් වූ මෙම තරගයේ අද දිනය නිමා වන විට සාන්ත සිල්වෙස්ටර් ක්‍රීඩකයින් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 128ක් ලබාගත් අතර ගුරුකුල විද්‍යාලය කඩුලු 7ක් පමණක් දැවී ගොස් ලකුණු 143ක් ලබාගෙන සිටියා. මෙහිදී සිල්වෙස්ටර් ක්‍රීඩක  නදීර බාලසූරිය ලකුණු 66ක් වාර්තා කිරීමට සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් සිල්වෙස්ටර් ක්‍රීඩකයින් පළමුව පන්දුවට පහරදීම සඳහා ගුරුකුල විද්‍යාලයට ආරාධනා කළ අතර ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් වර්ණවත් පිතිහරඹයක නිරත වූ දකුණත් පිතිකරු රශ්මික මෙවන් ලකුණු 63ක් ලබා ගනිමින් අර්ධ ශතකයක් වාර්තා කළා. පන්දු යැවීමේ දී සිල්වෙස්ටර් පිළට සවියක් වූ හසිඳු නිෂංක කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම: 128 (49.3) – රශ්මික මෙවන් 63, හසිඳු නිෂංක 3/24, චරිත් රාජගුරු 2/13, පසන් හෙට්ටිආරච්චි 2/15, නදීර බාලසූරිය 2/36

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ): 143/7 (43) – නදීර බාලසූරිය 66, අවිඳු හේරත් 26, සචින්ත චමිත් 3/15, රිෂිත සංකල්ප 2/31


ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා වෙන්නපුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය

මෙම සුහද ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත ඇලෝසියස් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 169ක් ලබාගෙන සිටියේ සාන්ත ජෝසප් වාස් විද්‍යාලයීය පළමු ඉනිමට සාපේක්ෂව ලකුණු 94ක් ඉදිරියෙන් සිටිමිනි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඔවුන් සාන්ත ජෝසප් වාස් විද්‍යාල පළමු ඉනිම ලකුණු 75කට සීමා කිරීමට සමත් වූනා. එහිදී දකුණතින් පිටදඟ පන්දු යවන ක්‍රීඩක මනුෂ්ක සමිත් ලකුණු 16කට කඩුලු 5ක් දවාගනිමින් ඉහළ දස්කම් දැක්වූවා.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය පළමු ඉනිම: 75 (40.2) – මනුෂ්ක සමිත් 5/16, කවිඳු දිල්හාර 3/21

සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසනයේ): 169/3 (49) – ගිම්හාන ආශිර්වාද 61*, ඔමල් සන්දිත් 36* , අර්ෂණ නදීෂ 29, ධනුක නිර්මාල් 2/43


ගාල්ල මහින්ද විද්‍යාලය හා රත්ගම දේවපතිරාජ විද්‍යාලය

ගාල්ල මහින්ද ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවැති මෙම A කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන්  දේවපතිරාජ විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 183ක් රැස්කරගත් අතර සුධීර වීරරත්න, ඉරුෂික තිමිර පිළිවෙළින් ලකුණු 52ක් හා ලකුණු 49ක් වාර්තා කළා. පන්දු යැවීමේ දී පසන් පෙතන්ගොඩ කඩුලු 5ක් දවා ගත් අතර තරගයේ පළමු දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි මහින්ද විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 185ක් ලබා සිටියේ කෞශිත කොඩිතුවක්කු විසින් රැස්කරගත් අර්ධ ශතකයත් සමඟයි.

දේවපතිරාජ විද්‍යාලය පළමු ඉනිම: 183 (67.5) – සුධීර වීරරත්න 52, ඉරුෂික තිමිර 49, තිසරු ඩිල්ෂාන් 23, පසන් පෙතන්ගොඩ 5/49, කුෂාන් මධූශ 4/61

මහින්ද විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ): 185/3 (35) – කෞශිත කොඩිතුවක්කු 61, හංසික වැලිහිඳ 39*, නිපුන් මාලිංග 31*

පළමු දිනයට පැවැත්වූ තරග හෙට (11) දෙවන දිනය වෙනූවෙන් ද පැවැත්වෙන අතර එම සියලුම තරග විස්තර ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටිනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<