තරණගේ පිත්තත්, අනුකගේ පන්දුවත් හමුවේ මොරටු ක්‍රීඩකයින් අසරණ වේ

804

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර පැවැත්වෙන 67 වැනි රන් මහ සංග්‍රාමය අද (22) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් ආරම්භ වූ අතර සුමංගල ක්‍රීඩකයින් සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී රැස්කළ ලකුණු 192කට පිළිතුරු ඉනිම දියත් කරන මොරටු මහා විද්‍යාලය පළමු දිනය අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 75ක් රැස්කර ගැනීමට සමත් විය.

පානදුරත් – මොරටුවත් අතර ඇවිලෙන 67 වැනි රන් හටන

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර 67 වැනි වරටත් පැවැත්වෙන රන් හටන මහා ක්‍රිකට් තරගය මේ මස 22 සහ 23 දෙදින මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ…

දිනය ආරම්භයේ දී ම කාසියේ වාසියේ තමන් සතුකරගත් මොරටු විද්‍යාලයීය කණ්ඩායමේ නායක නිෂාන් මධුෂ්කගේ ආරාධනයෙන් සුමංගල ක්‍රීඩකයින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ වරම උදාකරගත් නමුත් සාර්ථක ආරම්භයක් ලබා දෙමින් ඉනිම ස්ථාවර කිරීමේ අනගි අවස්ථාව ආරම්භක පිතිකරුවන් දෙදෙනා අතින් ගිලිහී ගියේ නිරාජ් කවිශ්ක විසින් යොමු කළ සුපිරි පන්දු ද්විත්වයක් ඉදිරියේ ඔවුන් නිරුත්තර වීමත් සමඟිනි.

ඒ අනුව ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 16ක් වන විට නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යවමින් දැඩි පීඩනයක් එල්ල කිරීමට මොරටු විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් වූ අතර ඒ අවසරයෙන් ශ්‍රී සුමංගල විද්‍යාලයේ තෙවැනි කඩුල්ල ලෙස ඉමෙත් ගම්පොල ලකුණු 8කට සීමා කිරීමට ජනිත සෙව්මිත් සමත් වූයේ ස්ලිප් ක්‍රීඩක හෂේන් ආදිත්‍ය අතට කෙළින්ම ලබා දුන් උඩපන්දුව සුරක්ෂිතව රැකගැනීමත් සමඟිනි.

Photos: 67th Battle of the Gold | Sri Sumangala College vs Moratu Maha Vidyalaya – Day 1

වේගපන්දුවෙන් දඟපන්දුව වෙත සංක්‍රමණය වෙමින් ක්‍රමයෙන් ගොඩනැගූ පීඩනය එලෙසම පවත්වා ගැනීමට වෙර දැරූ මොරටු ක්‍රීඩකයින්ගේ වෑයම සාර්ථක කරමින් චාරුක පීරිස් අනවශ්‍ය ලකුණක් වෙනුවෙන් පැති මාරු කරගැනීමට උත්සාහ දැරීමේ දී සිය කඩුල්ල පූජා කළේ මුළු ලකුණු සංඛ්‍යාව 55ක් ලෙස සටහන්ව තිබූ මොහොතේ දී ය.

කෙසේ නමුත් එක් අන්තයකින් දිගින් දිගටම කඩුලු දැවී යද්දී තම අන්තය රැකගනිමින් අධිෂ්ඨානශීලී ඉනිමක් දියත් කළ තරණ ද සිල්වා සමඟ එක්වූ ශ්‍රී සුමංගල කණ්ඩායම් නායක ජනිඳු ඉන්දුවර ලකුණු 72ක විශිෂ්ට සබඳතාවක් ගොඩනගිමින් සුමංගල ඉනිමට යලි ජීවයක් එක් කිරීමට සමත් වූයේ මොරටු විද්‍යාලයට රතු එළියක් දල්වාලමිනි.

ලකුණු 51ක් රැස්කර නායකත්වයේ ඉනිමක් දියත් කරමින් සිටි ජනිදු ඉන්දුවරගේ ඉනිම ඉතා අවාසනාවන්ත අයුරින් නිමාව දුටුවේ විශ්ව ප්‍රනාන්දු යැවූ පන්දුවකට ලෙග් ස්ලිප්හී පන්දු රැකි චමල්ක පුෂ්පකුමාරගේ අතට උඩපන්දුවක් ලබා දීමෙනි.

කැප් එක දාගෙන බස් එකේ ගිය වාස්

ශ්‍රී ලංකාව බිහි කළ සාර්ථකම වේගපන්දු යවන්නා ඔහුය. දැඩි හිරුරැස් පතිත වන පරිසරයක වියැලී කඩතොළු වූ තණතිල්ලක් මතත්, වැසි වළාකුළු පිරි අහසක් සහිත ශීත පරිසරයක…

එම සබඳතාව බිඳ දැමීමත් සමඟ නැවත වතාවක් තරගය වෙත අවතීර්ණ වූ නිෂාන් මධුෂ්ක ප්‍රමුඛ මොරටු විද්‍යාලයීය ක්‍රීඩකයින් සුමංගල ඉනිමේ හත්වැනි කඩුල්ල දවා ගැනීමේ සතුට සැමරුවේ තරණ ද සිල්වා හට එක් අන්තයකින් අනගි සහයක් ලබා දෙමින් ඉනිම ස්ථාවර කිරීමට කටයුතු කළ ප්‍රභාෂ් ජයසේකර දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමත් සමඟිනි.

සුමංගල ඉනිම තවදුරටත් අඩපණ කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වන තරණ ද සිල්වා ලකුණු 71ක් රැස්කර සිටින අවස්ථාවේ දී දැවී ගියේ නොසැලකිලිමත් ලෙස කඩුලු අතර දිවයාමේ යාමේ වරදට හසුවීමත් සමඟිනි. පහර එල්ල කළ යුතු, නොයුතු පන්දු තෝරා බේරාගනිමින් අවස්ථානෝචිතව පන්දුවට පහර දෙමින් සිටි තරණගේ කඩුල්ල සුමංගල කණ්ඩායමේ ලකුණු ලබා ගැනීමේ වේගයට දැඩි ලෙස බලපෑම් එල්ල කළේය.

ඉන්පසු සුමංගල ලකුණු පුවරුවේ ලකුණු 174ක් සටහන වන මොහොතේ දී ඔවුන්ගේ අටවන සහ නවවන කඩුලු ලෙසින් ශලන ඉෂාර සහ අනුක ජයසිංහ දෙදෙනා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකොට ගැනීමට චමල්ක ප්‍රනාන්දු සමත් විය.

ඉන්පසු සුමංගල විද්‍යාලයීය උපනායක සහන්දිත් ප්‍රනාන්දු මැදපෙළ පිතිකරුවෙකු ලෙසින් අවසන් මොහොත දක්වා තම කාර්යභාරය ඉටු කරමින් විශ්ව ළහිරු සමඟ එක්වෙමින් සුමංගල කණ්ඩායමේ අවසන් ලකුණු තත්වය 192ක් දක්වා ඔසවා තැබීමට සමත් විය. ඒ අනුව සුමංගල පළමි ඉනිම නිමා කරමින් දිනයේ තම ප්‍රථම කඩුල්ල ලෙසින් සහන්දිත් ප්‍රනාන්දුගේ ඉනිම නිමා කිරීමට මොරටු කණ්ඩායමේ නදිත් මිශේන්ද්‍ර සමත් විය.

තේ පානයෙන් අනතුරුව සුමංගල ක්‍රීඩකයින් විසින් ලබා දුන් 192ක අභියෝගය අභිබවා යමින් තරගයේ පෙරමුණ ගැනීමේ අභිලාශයෙන් මොරටු විද්‍යාලයීය ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන විශ්ව ප්‍රනාන්දු සහ හෂේන් ආදිත්‍ය පිටියට පිවිසි නමුත් ඔවුන්ගේ එම අපේක්ෂා මුදුන්පත් කරගැනීමට අවකාශය නොදුන් සුමංගල කණ්ඩායමේ ආරම්භක පන්දු යවන පූර්ණ ප්‍රභාත්, හෂේන් ආදිත්‍ය පිටියෙන් ඉවත් කළේ ඔහුගේ පිත්තෙන් එකදු ලකුණක් හෝ රැස් කිරීමට මත්තෙන්ය.

හර්ෂිතා ගෙනා බලාපොරොත්තුත් අවසානයේ සුන් වී යයි

2021 වසරේ දී නවසීලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසින් පැවති තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට්…

ඔහුගේ දැවී යාමත් සමඟ පිටියට පිවිසි චමල්ක ප්‍රනාන්දු විශ්ව ප්‍රනාන්දු සමඟ එක්ව ඉනිම ස්ථාවර කිරීමට උත්සාහ ගනු දක්නට ලැබුණේ හතරේ පහර කිහිපයකින් සුමංගල ක්‍රීඩකයින් හට ප්‍රතිප්‍රහාර එල්ල කරමිනි. නමුත් පන්දුවට පහර දෙන අතරතුර දී පාදයේ ඇති වූ ආබාධ තත්වයක් නිසාවෙන් ලකුණු 23ක් රැස්කරගෙන බලාපොරොත්තු සහගත ඉනිමක් දියත් කරමින් සිටි චමල්ක ප්‍රනාන්දු හට ක්‍රීඩාගාරය වෙත ගමන් කිරීමට සිදු වූයේ මොරටු කණ්ඩායම තරගයේ තරමක් පසුගාමී අඩියකට ඇඳ දමමිනි.

ඔහුගේ ඉවත් වීමත් සමඟම ලද පන්නරයෙන් ආරම්භ පිතිකරු විශ්ව ප්‍රනාන්දුගේ සහ වයස අවු.19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල පිතිකරු නිෂාන් මධුෂ්කගේ අගනා කඩුල්ල දවා ගනිමින් තරගයේ දිශානතිය තම කණ්ඩායම වෙත හරවා ගැනීමට සුමඟුල් ක්‍රීඩකයින් සමත් විය.

සුමංගල කණ්ඩායම වෙනුවෙන් පසුගිය තරගවාරයන් කිහිපයේ දී ම කඩුලු රැසක් දවා ගනිමින් දක්ෂතා අතර සිටින අනුක ප්‍රනාන්දු විශ්ව දවා ගනිද්දී, මද වේගපන්දුවෙන් නිෂාන් මධුෂ්කගේ පිත්ත නිහඬ කිරීමට ශලන ඉෂාර හට හැකි විය.

ලකුණු 41ට කඩුලු 3ක් දැවී ගොස් සිටි මොරටු විද්‍යාලයීය ඉනිම තවදුරටත් අසරණ කරමින් දිනය නිමා වීමට මත්තෙන් තවත් කඩුලු ත්‍රිත්වයක් තමන් අතරේ බෙදා ගැනීමට අනුක ජයසිංහ සහ මිහිරංග ප්‍රනාන්දු සමත් වූයේ පසුගිය වර්ෂයේ දී මෙන්ම මෙම වසරේදීත් මොරටු තණතීරුව තමන්ගේ පිතිකරු දඩයම රඟ දැක්වීමේ භූමිකාව බවට පත්කරගනිමිනි.

නිරාජ් කවිෂ්ක, නදිත් මිශේන්ද්‍ර සහ ජනිත සෙව්මිත් එසේ අසාර්ථක වෙද්දී තම අන්තය මැනවින් බේරා ගනිමින් සටන්කාමී ඉනිමක් දියත් කරන මධුෂාන් දිලක්ෂණ තරගය නතර කරන විට නොදැවී 17ක් ලබා සිටි අතර මොරටු විද්‍යාලය පළමු දිනය අවසානයේ දී සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් පන්දුවාර 28ක් අවසාන කඩුලු හතරක් අතැතිව ලකුණු 75ක් වාර්තා කර තිබුණි.

ශ්‍රී සුමංගල විද්‍යාලයීය පළමු ඉනිම – පන්දුවාර 67.4ක දී සියලු දෙනා දැවී ලකුණු 192: තරණ ද සිල්වා 71, ජනිඳු ඉන්දුවර 51, නිරාජ් කවිෂ්ක 11/2, චමල්ක ප්‍රනාන්දු 10/2

මොරටු මහා විද්‍යාලයීය පළමු ඉනිම: පන්දුවාර 28ක දී කඩුලු 6ක් දැවී ලකුණු 75: මධුෂාන් දිලක්ෂණ 17*, විශ්ව ප්‍රනාන්දු 15, අනුක ජයසිංහ 23/3

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<