සනත් ජයසූරිය මහතා ප්‍රමුඛ වත්මන්  ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවසන් නිළ රාජකාරි කටයුත්ත වශයෙන් ශ්‍රී ලංකා 2020 සංචිතය තෝරා ගැනීම අද (4) සිදු කරන ලදි. මෙම සංචිතය නම් කරන ලද්දේ එළඹෙන ශ්‍රී ලංකා – ඉන්දීය 2020 තරගය වෙනුවෙනි.

පාකිස්තාන ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා මූලික සංචිතය නම් කරයි

එළඹෙන සැප්තැම්බර් 28 වැනිදා සිට ඔක්තෝබර් 10 වැනිදා දක්වා පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට්..

ලබන 6 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වෙන එකම 2020 තරගය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට 2020 විශේෂඥයින් වන සීකුගේ ප්‍රසන්න, ඉසුරු උදාන හා දසුන් ශානක යන ක්‍රීඩකයින් නැවත වරක් සංචිතයට කැඳවා ඇත. මෙම සංචිතය ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත වේ.

සීකුගේ ප්‍රසන්න නිමාවූ ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර කළව ප්‍රදේශයේ ආබාධයකට ලක්වූ අතර, දැන් එයින් සම්පූර්ණ සුවය ලබා නැවතත් සංචිතයට එක්වී ඇත.

වේගපන්දු යවන ක්‍රීඩක විකුම් සංජය නැවතත් ශ්‍රී ලංකා 20-20 සංචිතයට කැඳවා ඇත. ඔහු නිමාවූ ඕස්ට්‍රේලියානු තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් 2020 වරම් හිමි කර ගත් ක්‍රීඩකයෙකි. පිට ආශ්‍රිතව ආබාධයකට ලක්ව සිටි වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ද නැවතත් සංචිතයට කැඳවා තිබේ.

ඊට අමතරව දකුණතින් පා දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ ද දඟපන්දු බල ඇණිය සවිබල ගැන්වීම පිණිස සංචිතයට තෝරාගෙන ඇති අතර, යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් හට මෙවර සංචිතය තුල සිය ස්ථානය අහිමිව තිබේ.

ආර්. ප්‍රේමදාස තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායමේ 2020 දස්කම් හා තරග ඉතිහාසය එතරම් සුභදායී නොවන්නේ, මෙහි ක්‍රීඩා කර ඇති ජාත්‍යන්තර 2020 තරග 13 අතුරින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ තරග 2ක් පමණක් නිසාවෙනි.

 ශ්‍රී ලංකා 20-20 සංචිතය උපුල් තරංග (නායක), නිරෝශන් දික්වැල්ල, ඩිල්ශාන් මුණවීර, ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, දසුන් ශානක, සීකුගේ ප්‍රසන්න, වනිඳු හසරංග, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, තිසර පෙරේරා, ඉසුරු උදාන, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, විකුම් සංජය.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට